වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
රුව ලස්සන, හිසකෙස් වල දීප්‍තිය වඩවා ඉස් හොරි මර්දනයට ගස්ලබු
නොවැම්බර් 12, 2021

ගස්ලබු එහෙමත් නැත්නම් පැපොල් අපි හිතන්නේ නැති තරම් පෝෂ්‍යදායී පලතුරු වර්ගයක්. අපේ රටේ පැපොල් ඕන තරම් තියෙන නිසා අපිට ඒවායේ අගයක් නැහැ. නමුත් වෙනත් රටවල පැපොල් වලට ඇති ඉල්ලුම ඉතා ඉහළයි. පැපොල් සිරුර අභ්‍යන්තරයේ වගේම බාහිරටත් එක වගේ පෝෂණයක් ලබා දෙනවා.
සමේ තෙතමනය රඳවා ගැනීමට ගස්ලබු මී පැණි මිශ්‍රණය
හොඳීන් පොඩි කරගත් ගස්ලබු තේ හැන්දකට පිරිසිදු මී පැණි තේ හැන්දක් මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. පැය භාගයකට නොඅඩු කාලයක් මේ ආලේපනය මුහුණේ තබාගත යුතුයි. හොඳීන් වියළුණු පසු මෙම ආලේපනය සිසිල් ජලයෙන් සෝදා හරින්න. මේ සත්කාරය මඟින් සිදු වන්නේ අධික වියළි බව නිසා සමේ ඇතිවන කොරපොතු සහිත ස්වභාවය නැති වී යාමත් සමට තෙතමනයක් ලබා දීමත් කියන ප්‍රධාන ක්‍රියාවයි.
සමේ අඳුරු ලප කැළැල් ඉවත් කිරීමට ගස්ලබු යුෂ.
ගස්ලබු යුෂ කොට්න් පුළුන් කැබලි වලට පොඟවා ගන්න. ඉන්පසු මේ කොට්න් පුළුං කැබලි තුනී ස්ථර ලෙස සකස් කර ඔබේ මුහුණේ ලප කැළැල් සහ අඳුරු පැල්ලම් සහිත ස්ථාන මත ස්පර්ශ වන සේ තබන්න. විනාඩි 15 ක් 20 කින් පමණ මේ පුළුන් කැබලි ඉවත් කරන්න. ඉන්පසු ගස්ලබු යුෂ ගතිය ඉවත් වන ලෙස සිසිල් වතුරින් මුහුණ සෝදා හරින්න. මේ සත්කාරය මඟින් මුහුණේ අඳුරු පැහැති ලප සහිත ස්වභාවය ක්‍රමයෙන්අඩු කරගන්න පුළුවන්.
සමේ රැලි ඉවත් කිරීමට ගස්ලබු පොතු සත්කාරය
අවුරුදු 35 ඉක්ම යාමත් සමඟ විශේෂයෙන් කාන්තාවන්ගේ මුහුණේ සියුම් රැලි මතු වෙන්න පටන් ගන්නවා. මේ රැලි ස්වභාවය ක්‍රමයෙන් ඉවත් කරන්නත් ගස්ලබු වලට පුළුවන්. මේ සඳහා පාවිච්චියට ගන්නේ ගස්ලබු පොත්තයි. ගස්ලබු ගෙඩියේ මදය කෑමට ගත් පසු ඉතිරිවන පොත්ත මුහුණේත්, බෙල්ලේත් හොඳීන් අතුල්ලන්න. ඉන්පසු විනාඩි 15 කින් පමණ පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න. ඉදුණු ගස්ලබු පොතු වල ඇති එන්සයිම වර්ග මුහුණේ සහ බෙල්ල ප්‍රදේශයේ ඇති මැරුණු සම ක්‍රමයෙන් ඉවත් කරනවා. මැරුණු සම ඉවත් වීමෙන් වියපත් පෙනුමක් ඇති කරන සමේ රැළි අඩකින් පමණ අඩු වෙනවා.
හිසකෙස් හැලීමෙන් වැළකීමට ගස්ලබු යුෂ පානය.
හිසකෙස් හැලීම අඩු කරන්න හොඳම විදිය තමයි දවසකට ගස්ලබු යුෂ වීදුරු දෙකක්වත් (සීනි නොයෙදූ) පානය කිරීම ඉතාම සුදුසුය. ගස්ලබු වල ඇති ෆෝලික් අම්ලය මඟින් හිසේ කෙස් ගස් සහ කෙස් මූල ශක්තිමත් කරනවා. ඒ විතරක් නෙවෙයි හිසකෙස් වල වර්ධනයත් වැඩි කරනවා.
නිරෝගි කෙස් කළඹකට ගස්ලබු ආලේපනයක්
දිදුලන කෙස් කළඹකට ඔබත් කැමති නම් කරන්න තියෙන්නේ යෝගට් සහ ගස්ලබු මද සම ප්‍රමාණ වලින් මිශ්‍රකර විනාඩි කීපයක් තබා කෙස් කළඹේ ආලේප කිරීමයි. හිසකෙස් තීරු ලෙස බෙදා ඉහත මිශ්‍රණය හොඳීන් කෙස් ගස්වල වදින ආකාරයට ආලේප කරන්න. පැයක් පමණ තබා සෝදා හරින්න. ගස්ලබු වල විටමින් ඒ බහුලව තිබෙනවා. මේවා සීබම් නොහොත් ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වයට ඉතාම වැදගත්.
හිස්හොරි පාලනයට ගස්ලබු ඇට
ගස්ලබු ඇට අපේ සෞඛ්‍යයට ඉතාම හිතකරයි. ගස්ලබු ඇට හොඳීන් බ්ලෙන්ඩ් කර පේස්ට් එකක් සාදා එය හිස් කබලේ හොඳීන් ආලේප කරන්න. පැයක් පමණ එසේම තබා ෂැම්පු කර සෝදා හරින්න. හිස්හොරි කියන්නේ දිලීරයක්. මේ දිලීරය විනාශ කරන්න ගස්ලබු ඇටවල ඇති ප්‍රති දිලීරකාරක වලට පුළුවන්. මෙම සත් කාරය තුන් හතර වතාවක් කිරීමෙන් පසු හිස්හොරි නිට්ටාවටම සුව වේවි.නැවත ඉස් හොරි මතුවුණොත් එම සත්කාරයම නැවත වතාවක් කරන්න
හෘද රෝග හා කොලෙස්ටරෝල් පාලනයට හිතකරයි
විටමින් ඒ බහුල පෝෂ්‍යදායීම පලතුරක් තමයි ගස්ලබු. ගස්ලබු දිනපතා තීරු දෙකක් බැගින් ආහාරයට ගැනීමෙන් හෘද රෝග පවා සමනය වෙනවා. ගස්ලබු කියන්නේ විටමින් සී වලින්ද පරිපූර්ණ පලතුරක්. කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හොඳම පලතුරක් ලෙසද ගස්ලබු හඳුන්වන්න පුලුවන්. කොලෙස්ටරෝල් තත්ත්වය වැඩි වීම නිසා ඇතිවිය හැකි රුධිර නාල ඇහිරී යාම මෙන්ම හෘද රෝග තත්ත්වයන් පවා ඒ මඟින් සමනය වෙනවා.
රඹුක්කන,
කීර්ති එස්. කුමාර
෴ සබැඳි ලිපි ෴
ලොකු සන්ධිවලට මෙන්ම කුඩා සන්ධිවලට ද මෙම රෝගය බලපාන අතර සන්ධිවල වේදනාව උදෑසන පැය භාගයක් පමණ ඇතිවේ. සන්ධි ඉදිමුම, මාංශපේශී හා කණ්ඩරා ක්ෂයවීම, සන්ධි...
2022-05-19 18:30:00
අප පරිණාම ධර්මය සමඟ බැඳී සිටින බැවින් මිනිස් වර්ගයා දිනෙන් දින නව ලොවක් කරා දියුණුව සොයා යා යුතුව ඇත. එය සාධාරණීයයි. එහෙත් එම ගමන පූර්වාදර්ශයෙන් තොරව...
2022-05-19 18:30:00
චීනයේ ප්‍රාන්ත කිහිපයක් වහලානවතම ප්‍රභේදයක් යළිත් චීනයේඅපේ රටටත් බලපෑම වැඩියි චීනයේ ෂැංහයි නුවර හා බීජිං නුවර කෝවිඩ් 19 වෛරසය යළිත් ව්...
2022-05-05 18:30:00
ආහාර පාන ගැනීමේ දී ගුණයට වඩා රසයට වහල් වූ ජාතියකි ශ්‍රී ලාංකිකයෝ. බටහිර ජාතීන් මේ තත්ත්වයෙන් මිදී පෝෂණ ගුණයෙන් යුත් ආහාර ගැනීමට පෙළඹී ඇත. කුඩා...
2022-05-05 18:30:00
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය බත් වුවද වර්තමානය වන විට බත් ආහාරයට ගන්නා බොහෝ දෙනකුට දියවැඩියාව, අධික තරබාරුව, රුධිරයේ කෙලෙස්ට්රෝල් ප්‍රමාණයේ ‘ටී.ජී’ ප්...
2022-04-28 18:30:00
ආහාර මාර්ගයේ අපර කොටස විද්‍යාවේ දී ගුද මාර්ගය ලෙස හඳුන්වනු ලබනවා. වර්තමානයේ පුද්ගල ශරීරයේ මෙම කොටසේ බොහෝ රෝග සංඛ්‍යාවක් හටගනු ලබයි. මෙම ප්‍රදේශය අඟල්...
2022-04-28 18:30:00
ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීම සඳහා ඔබ පි‍්‍රය කරන විවිධ ආහාරපාන සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතු නොවේ. එනමුදු විවිධත්වයෙන් යුතුව ප්‍රමාණය...
2022-04-21 18:30:00
වෛද්‍යතුමියනි, ආයුර්වේදයේ නහර ගැටගැසීමේ රෝගය හඳුන්වා ඇත්තේ කෙසේද? ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙම රෝගය ශල්‍යකර්මවලින් තොරව සුවකළ හැකි ද? ආයුර්වේදයේ...
2022-04-14 18:30:00
දරු උපතක් සිදුවන්නේ දරුවාගේ, පියාගේ, මවගේ යන තිදෙනාගේම කර්මානුරූපව බව මතක තියා ගන්න. දරුවකු අපේක්ෂා කරන තරුණ අම්මා යහපත් දරුවකු වෙනුවෙන් පළමුව...
2022-04-14 18:30:00
ශ්‍රී ලංකාවට උරුම වූ වටිනා ආහාර සංස්කෘතික රටාවක් එකල පැවති බවට බොහෝ සාක්ෂි වේ. බොහෝ ආහාර වර්ග රාශියක් එදා සිට පැවති අතර, මෙම ආහාර සංස්කෘතිය අද...
2022-04-07 18:30:00
බක් මාසයට එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද මහත් ඉහළින් සැමරීමට සෑම සියලු දෙනාම දක්වන්නේ මහත් උනන්දුවකි. මේ නිසා කොතරම් අගහිඟකම් තිබුණත් ඒවා...
2022-04-07 18:30:00
මිනිස් ඉතිහාසයේ සොයාගත් පැරණිම රසකාරකය වන්නේ ලුණුයි. රසකාරකයක් ලෙස සොයාගත් ලුණු පසු කලෙකදී ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් ලෙස ද භාවිතයට ගැනිණි....
2022-03-31 18:30:00
වකුගඩු මඟින් දේහ තරල / ජලය පිටවීම පාලනය කරයි. වකුගඩු රෝග උග්‍රවීමත් සමඟම දේහ තරල සමායෝජනය අඩපණ වී යයි. එනම් වකුගඩු රෝග උත්සන්න වීමත් සමඟ...
2022-03-24 18:30:00
රෝගයක් පරීක්ෂා කිරීමේදී නිදාන (හේතු) පූර්වරූප (Prodromal Symptoms) රූප (Signs symptoms) උපශය (Suitable or unsuitable factors)...
2022-03-17 18:30:00
ලොවක් නරඹන්නට හැකිවන පරිදි ස්වභාවධර්මයට අනුකූලව විශ්මිත දෑසක් ඔබට හිමි වීම ගැන සිතෙන්නෙ කුමක් වැනි හැඟීමක් ද? ඔබ ඇත්තටම සතුටු වෙනවාද? ඔබෙ ඇසක් වාගෙ...
2022-03-10 18:30:00
සිහිනය යනු සිත තුළ උපදින චිත්ත ආවේගවල සේයාවකැයි සමහරු කියති. තවත් විටෙක සිහිනය යනු අනාගතය දකින චිත්ත බලවේගයකැයි තවත් සමහරු කියති. මේ කොයි හැටි වෙතත්...
2022-03-10 18:30:00