අපි කොරෝනාවෙන් සුවපත් වෙමු

සැප්තැම්බර් 24, 2021

ඉර හඳ ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය ඇසුරු කොට සොයා ගන්නා ලද පුද්ගල කේන්ද්‍රයේ ඵලාඵල විස්තරය කෙනෙකුගේ උපන් මොහොතේ සිට අවසන් මොහොත දක්වාම සොයා ගැනීමට හැකිවේ.

 

ඉගනීම අධ්‍යාපනය සමඟ හා මධ්‍යමද උසස් සරසවි ඉගනුමත් ඊට පසු කරන රැකියාව රජයේ හෝ පෞද්ගලික අංශයේද එසේ නැත්නම් ස්වයං ව්‍යාපාර කටයුත්තද යන්න ඉතාමත්ම පැහැදිලිව කේන්ද්‍රය තුළින් සොයා ගැනීමට හැකිවේ. මේ අතර පෙම් සබඳතාවයක්ද එසේ නැත්නම් යෝජනාවකින් යුග දිවියට ඇතුළුවේද යන්න සොයා බැලීමට කේන්ද්‍රය උපකාරක වේ. උපතේ සිට මරණය දක්වාම අපි මැරි මැරී උපදිමු. එය සනාථන ධර්මතාවයකි.

සාර්ථක දිවියක් ගත කරන අයද අන්ත අසරණ තත්ත්වයට වැටී දුක්කරදර මැද දිවිගෙවන චරිතද ඕනෑතරම් සමාජය තුළ දක්නට ඇත. ඉගනීම කඩා වැටී ගැළපෙන රැකියාවක්ද නොමැතිව සිදුවූ විවාහය තුළ ද ගැටුම්කාරී තත්ත්වයක් උදාවී වෙන්න තිබුණ සියලුම දෑ සිදුවී අන්ත අසරණ තත්ත්වයට ඇද වැටී සිටීමේ රහස කුමක්ද?

සමහර විට ප්‍රතිකාර කොතෙක් කළත් සුව නොවන ජානමය රෝගී තත්ත්වයෙන් දුක් විඳින තැනට පත්වේ. නීතියෙන් ලැබෙන්නට හිමිකම් ඇති ඉඩකඩම් දේපල නිවාස නැති වී මානසිකව ඇද වැටෙන අවස්ථා එපමණට ඇත. මේ සියල්ලම මුල ග්‍රහ චාරයද ඒ අතර නීතිමය ගැටලුවලට ද කොටු වී උසාවි යෑම පුරුද්දක් බවට පත්වන අවස්ථා ද ඕනෑ තරම් ඇතිවේ. පෙම්සබඳතා වසර ගණනනාවක්ම ගොඩනඟාගෙන විවාහවී ඉතාම කෙටි කලකින් දෙන්නා දෙපැත්තට යන තැනට පත්වේ. සමහරු නීතියෙන් දික්කසාද නොවූවත් සිතෙන් දික්කසාද වී ඇත්තේ ය.

වසො දුස්සරියං ලෝකේ ස්ත්‍රී භණ්ඩාණ මුත්තමං ලොව හොඳම භාණ්ඩ ය. ස්ත්‍රිය වුවත් පරිහරණය කරන්නට ලැබෙනුයේ සීමිත කාලයක් පමණි. සදාකාලික වෛර කරුවෙක් වෛරකාරියක් වීම එතරම් අරුමයක් නොවේ. කාමය රාගයට පමණක් මුල් තැන දී විවාහවන දෙදෙනෙකුගේ එක්වීම එතරම් පුදුමයක් නොවනු ඇත. පොරොන්දම් ලකුණුවලින් බාහිරව දෙදෙනාම ගැලපුණත් ඇතුළතින් නොගැළපේනම් එකී යුග දිවියේ පැවැත්මක් ස්ථාවර නොවේ. ලැමට නොව ළයට ආදාරය කරන්නේ නම් යුග දිවිය රසවත් වේ. ඒකයි ඇත්තම ඇත්ත.

එදාට වඩා අදවන විට දික්කසාදය වැඩිවෙමින් පිම්මේ දුවන තැනට පත් වී තිබේ. මුළු ජීවිත කාලයම හුදෙක් මුදල් මතම තරගකාරීව පිම්මේ දුවන ආර්ථිකමය සමාජ වට පිටාවක් ඇතුළත මානව හිතවාදීත්වයෙන් යුක්තව වැඩකටයුතු කිරීම අපහසු ය.

අන් සියල්ලටම වඩා අද මුදල් පෙර ගමන් කරුවා වී තිබේ. මේවනවිට මුළු මහත් විශ්වයම වෙලාගෙන සිටින මහා වෛරසයක් වූ කොවිඩ් 19 පියවි ඇසට නොපෙනෙන ඇමීබාවෙකුගේ හැසිරීම් රටාවට අනුවර්තනය වී තිබේ.

ලොව ජීවත්වන මානවයා පෙර කරන ලද කිසියම් කර්ම බලවේගයන්ගේ කුසලාකුසල ධනාත්මක කිරණ ශක්තිය මත මේ වන විට ජීවත් වීමේ වාසනාව වෙත රඳා පවතී. ග්‍රහ කිරණ ද උඩු යටිකුරු වී තිබේ. මේ සියල්ලම සිදුවන්නේ විශ්මිත සිතතුළය. එය මනසින් ස්පර්ශ කළ හැකි තරංග සමූහයකි. කොවිඩ් යනු වෛරස බීජයකි. එයට ගුප්තමය මහා ශක්තියක් ජීවයක් තිබේ. විෂ්ණු හෙවත් විශ්වයේ අනුව යැයි සිතිය හැකි මනෝමය ශක්ති ප්‍රදාහයට අපි සෑම නිමේශයකම වෛර කරන්නේ නම් පෙරළා එකී විෂ අණුව අපට වෛර කරනු ඇත. එයට ජීවයක් ඇති නිසා සියලු සත්වයාම නිදුක් වේවා නිරෝගි වේවා කොවිඩ් 19 වෛරසය නොවැළඳේවා යන්න ඉත සිතින් මෙනෙහි කරන්නේ නම් එකී වෛරසය පෙරළා අපට පහර නොදේ. ඒක විශ්ව සත්‍යයක්.

විශ්ව ශක්තිය අපේ පියවි ඇසට නොපෙනේ නමුත් නිසැකයෙන්ම ක්‍රියාත්මක බලවේගය විශ්වය පුරාම පැතිර පවතී. මනස අතිශයින්ම දියුණු කරගත් තැනැත්තාට එවැනි මානසික විශ්ව ගනුදෙනුව කළ හැකිවේ.

මනසින් සියල්ලම කළ හැක. මානසික ක්‍රියාවලියේ අග්‍රඵලය වූ බුද්ධියේ ඉහළම තලයට එදා සිදුහත් කුමරු බුද්ධත්වය අවබෝධ කරගත් සේක. ශ්‍රී ලංකාවාසීන් සියල්ලම එකම දිනයක එකම මොහොතක කොරෝනාව (කොවිඩ් 19) අප ශ්‍රී ලංකාවාසීන් ඇතුළු මුළු මහත් ලෝවැස්සන්ටත් නොවැළඳේවායි මනා අධිෂ්ඨාන පූජාවක් (මානසික ගණුදෙනුවක්) කිරීමට හැකිවේ නම් මෙම බියකරු ව්‍යාධියෙන් අපට වැළකී සිටීමට ඒ උතුම් භාග්‍ය ලැබෙනු නිසැකයි.

 

ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.