වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
හිමාලයෙන් ආ මුරුංගා
ර්ධපඪදඨච ධතඥඪටඥපච යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මුරුංගා ලංකාවේ වියළි හා අතරමැදි කලාපවල හොඳින් වර්ධනය වේ. යාපනය පළාතේ ජනතාව අතර මුරුංගා ජනපි‍්‍රය අතර ඔවුන් දිනකට එක් වේලකට හෝ මුරුංගා එක් කර ගන්නේ එහි ඇති විශ්මිත ගුණය නිසාය. මුරුංගා කරල් මෙන්ම කොළද ආහාරයට ගන්නා අතර මුරුංගා කොළ වල විටමින් ඒ, විටමින් බී හා විටමින් ඊ බහුලව අන්තර්ගත වේ. තවද මුරුංගා කොළ වල යකඩ, කැල්සියම්, පොටෑසියම් හා පොස්පරස් යන ඛනිජ ලවණ ද අන්තර්ගත ය.
මුරුංගා කරල් වල ඇමැයිනෝ අම්ල 20% - 30% අතර ප්‍රමාණයක් අඩංගුය. එමෙන්ම ඉතා ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් ඇත. විටමින් ඒ, බී, සී හා ඊ අඩංගු මුරුංගා කරල්වල කැල්සියම්, මැග්නීසියම්, යකඩ හා පොටෑසියම් ද ඉතා ඉහළ ප්‍රමාණයක් පවතී.
මෙරට ජනතාවගෙන් බහුතරයක් බෝ නොවන රෝගවල ගොදුරක් බවට පත් වී ඇති බව නොරහසකි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු කාරක වී ඇත්තේ ඔවුන් ස්වභාවික ආහාරවලින් ඈත්වීමය. එළවළු බොහෝමයක් වැදගත් වන්නේ ආහාරයක් ලෙස පමණක් නොවේ. ඒවා රෝග නසන ගුණයෙන් හා රෝග වලකන ගුණයෙන් ද අනූනය. එහෙත් මේ යථාර්තය තේරුම් ගන්නේ පුද්ගලයින් සුළුතරයකි.
එළවළු වර්ග අතරින් මුරුංගා සුවිශේෂී වන්නේ එහි ඇති විශ්මිත ඖෂධීය ගුණය නිසා නූතන පරම්පරාවේ බොහෝ දෙනෙක් මේවා ගැන නොදනිති. මුරුංගාවල සුවිශේෂී පිළිකා නාශක ගුණයක් ඇත. එමතුද නොව බැක්ටීරියා දිලීර හා වෛරස් මර්දනය කිරීමටද මුරුංගා සමත් ය. තුවාලයක් ඇති වූ විට මුරුංගා කොළ තලා එහි යුෂය සමඟ ආලේප කළ විට සුවය ලැබේ. ගැමියෝ මේ පිළිබඳව ඉතා හොඳින් දැන සිටියහ. තවද වර්තමානයේ බොහෝ දෙනෙක් රුධිරගත කොලෙස්ටරෝල්වලින් පීඩා විඳිති. රුධිරගත කොලෙස්ටරෝල් පාලනය කිරීමට මුරුංගාවලට හැකියාවක් තිබෙන බව නූතන විද්‍යා පර්යේෂණවලින් ද තහවුරු වී තිබේ. දියවැඩියාව පාලනය කිරීමටත්, ඇස්, හිසකෙස් හා සම නිසි අන්දමින් පවත්වාගෙන යාමටත් මුරුංගාවල ඇති රසායනික සංයෝග හේතුකාරක වේ. මුරුංගාවල ඖෂධීය ගුණය පිළිබඳව තව දුරටත් පර්යේෂණ පවත්වමින් සිටි. හිමාලය, නිජබිම කරගත් මුරුංගා ඔබේ ආහාර වේලට එක් කර ගැනීමෙන් මහඟු ප්‍රතිඵල නෙලා ගත හැක.
එස්.එම්. ජයසූරිය