ඇස රෝගී කරවන හේතුවලින් වැළකෙමු

අගෝස්තු 20, 2021

සෑම සතෙකුටම තම ජීවිතය සුඛිත මුදිත කරවීම සඳහා දෑසක් පිහිටා ඇත. ස්වභාවික වූ මෙම ලක්ෂණය නොපිහිටි යමෙක් වේනම් ඔසු අසරණ තත්ත්වයට පත්වෙන බව විශේෂයෙන් කිවයුතු නොවේ. එබැවින් මෙලොව ස්වභාවිකව අපට ලැබුණ දෑස ආරක්ෂා කර ගැනීම අපේ යුතුකම මෙන්ම වගකීම ද වනු ඇත. එනිසා දෑසේ ආරක්ෂාව තම ප්‍රාණය හා සමානව රැකීම අප විසින් අපටම කරගනු ලබන යුතුකමක් වනු ඇත.

 

ස්වභාව ධර්මයාගෙන් සත්වයාට මැවුණ දායාදයක් ලෙස සැළකිය හැකි දෑස කාහටත් යුගල වශයෙන් පිහිටා තිබෙන්නේ වඩාත් පහසුවටැයි. දෑසෙන් එකක පෙනීම අහිමි වුවහොත් අනෙක් ඇසින් ලොවක් බලන්නට හැකිවනු ඇත. දෙනෙතට එළැඹෙන උවදුරුවලින් මිදෙනු සඳහා ගත යුතු පියවර කුමක්ද යන්න අරමුණ පැහැදිලි කිරීම මෙම ලිපියේ මුඛ්‍ය (ප්‍රධාන) පරමාර්ථය වනු ඇත.

බොහෝ වශයෙන් මිනිසාට වැළඳෙන රෝග අවස්ථාවකි. ‘කාචය’ නම් නේත්‍ර රෝගය. මෙම කාච රෝග ප්‍රභේද වශයෙන් මතු ( මෙම) ලිපියෙහි දක්වන අතර “නීලකාචය” නම් අවස්ථාව මෙතැනින් දැක්වේ. මෙහිදී දෑසම හෝ එක් ඇසක් තුළින් වටේටම රශ්මි කදම්බයක විහිදී යන බවක් දිස්වේ. බටහිර විද්‍යාඥයින් පවසන පරිදි කාචය ඛ්චබචපචජබ කැටරැක් යයි නම් වී ඇත. ප්‍රථමයෙන් දැක්වූ නීලකාචයට ලිංගනාශය යනුවෙන්ද හඳුන්වනු ඇත. වයස අවුරුදු 30 පසුවෙන් ම මෙම රෝගය හට ගනු ලැබේ. රෝගය හටගත් ඇස අධික වශයෙන් ඉදිමීමද, දැවිල්ල ද, අධික හිසරදය ඇස රතුවන් පැහැ ගැනීම ද ඇතිවන අතර, එක ඇසකින් අනිත් ඇසට ද පැතිර යා මේ ප්‍රවනතාවය වැඩිවන අතර, සමහර රෝගීන්ට දෑසෙහිම එකවර මෙම රෝග අවස්ථාව දක්නට ලැබේ. එවැනි රෝගීන් දුටුවිට මහත් පරිශ්‍රමයකින් යුතුව , ඉවසිලිවන්තව කල්පනාවෙන් යුක්තව මහත් කැපවීමකින් තම කාලය මිඩංගු කර රෝගියා සුවපත් කිරීම වෛද්‍යවරයා සතු යුතුකම වනු ඇත. මෙම නීලකාචය අවස්ථාවේදී අධික වශයෙන් හිසමුදුනෙන්ම හිසරදයක් හටගනු ලැබේ. මෙම රෝගයේ ළදරු අවස්ථාවේදී ලෙහෙසියෙන්ම සුවපත් කළ හැකිය. එනමුත් රෝගයේ ව්‍යාප්ත වීමත් සමඟ වෙනස්තාවයන්ට අනුව අධිකවූ රෝග තත්ත්වය නිසා ඇස අන්ධකාරයට පත්වීම කනගාටුවට කාරණා වේ. ප්‍රභේදාත්මකව දැක්වීමේදී කාච රෝග, වාතජ, පිත්තජ. ශ්ලේෂ්මජ, රක්තජ, සන්නිපාතජ යනුවෙන් දැක්විය හැකියැ. එමෙන්ම සහජ, ක්ෂතජ, වයෝවෘද්ධජ උපද්‍රව්‍ය වශයෙන් කාචයේ ප්‍රභේද ඇත.

වාතජ කාචය. ඇස ඉදිරිපසින් කළුපැහැති මැස්සන් ඉගිලී යනවාක් වැනිව දර්ශනය වේ. ඇසට අඳුරු වර්ණ සේයාවන් මතුවීම ද මෙහිදී දැකිය හැකිය.

පිත්තජ කාචයේදී මොණරපිල් පරිදි වර්ණයන්ද රන්වන් පාටින් යුතුවද ඇස ඉදිරියෙහිද දර්ශනය වන අතර එය ශාරිරික පිතෙහි කෝප තාපය නිසා හටගත් රෝගයන් බව ප්‍රකාශ කළ හැකිය.

ශ්ලේෂ්මජ කාචය නිසා සුදු පැහැති වස්තූන් දර්ශනය වන බව ඇතිවේ.

රක්තජ කාචයේදී ගිනි අඟුරු හෝ ගිනිදැල් වැනි වූද, රන්වන් පාටවූද ලේ බිංදු ලෙසට හෝ වදමල් සේ දර්ශනය වේ නම් රක්ත කෝපතාවය නිසා සිදුවන්නාක් බව කිව හැකියැ.

සන්නිපාතජ කාචරෝගය ඇති කල්හි උක්ත දක්වන ලද ලක්ෂණ මිශ්‍රව ඇතිව දර්ශනය වෙන බව කිව හැකියැ.

මීදුම් පටලයකින් ඇස වැසී ගිය ආකාරයක් දැනෙන්නාවූ තිමිර පටලයට ද මෙම තීව්‍ර ආකාරයේ පෙනීම ඇතිවනු ලබයි. කාච රෝග විවිධාකාරයෙන් දැකීමට පුළුවන. වටකුරු වූද, ඝනකමින් යුතුවූද, උකුවූ කිරිබිංදුවක් ලෙස ද දැකිය හැක. මෙම රෝගයට නිසි ප්‍රතිකාරයක් නොලැබුවහොත් පසුකාලීනව රෝගය ව්‍යාප්ත වුණු පසු සුවපත් කිරීම ඉතා අපහසුවෙන් කළ යුතුයැ.

මෙම රෝගයේ ප්‍රභේද ගත් කල්හි

සහජ කාචය – යමෙකුගේ උපතින්ම සිදුවන අපේ අඳුරු පෙනීම වේ.

වයෝවෘධජ කාචය – මෙකී රෝගී තත්ත්වය මහලු වියට පත්වීමත් සමඟ වැළඳේ.

උපද්‍රවජ කාචය – වෙනත් රෝගයක් නිසාවෙන් ඇතිවන ආබාධිත තත්ත්වයකි.

මෙම කාචය අවස්ථාව බටහිර වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේ ‘සුද’ ලෙසිනි. යන්තම් පෙනීම අඩුවී ප්‍රතිකාර ගන්නට බටහිර වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර පැතුවහොත් ඔවුන් පවසන්නේ ඇසට කෘත්‍රිම කාචයක් දැමිය යුතු බව හෝ ඇසට සැත්කමක් කළ යුතු බවයැ. ආයුර්වේද ඖෂධ ප්‍රතිකාර මගින් පහසුවෙන් සුවපත් කළ හැකිව තිබෙන රෝගය කපා සැත්කම් කිරීමෙන් ඇසට රුධිරය සපයන සියුම් කේශනාලිකා කැපීම හේතුවෙන් පසුකාලීනව නෙතට පෙනීම නැති විය හැකියැ. එබැවින් දැනට අප සමාජයේ ඇසේ පෙනීම දුර්වල වූ අය කරන මෝස්තරය නෙතෙහි කාච තැන්පත් කිරීම බවද එක් ඇසකට කාචයක් දමා එය ටික කලෙකින් නොපෙනී ගිය පසු අනෙක් ඇසට ද කාච දමා අන්ත අසරණ බවට පත් වෙති.

මවෙත පැමිණෙන රෝගින්ගෙන් 75% පමණ නෙත්හි කාච තැන්පත් කර වසර දෙක තුනකට පසුව නොපෙනීමැය. කාචයක් තැන්පත් කළ පසුව නොවේ. නොබෝ කළෙකින් නොපෙනී යාම සඳහා ආයුර්වේද ඖෂධ යෙදීමෙන් පලක් නොමැත. කෘත්‍රිම කුණිතය ඇසට බද්ධ කළ පසු ඉන් පෙනීමක් ලදුවත් නොලඳුවත් ඊට ස්වභාවික ඔසු යෙදීමෙන් කුණිතය ගැලවීමට පුළුවන. එබැවින් එවැනි ඇස්වලට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම මාගේ සිරිත වේ. යම් හෙයකින් ඇසට කුණිතය බද්ධ කිරීම ප්‍රතික්ෂේප කළ යමෙකුහෝ නෙත් සුවපත් කිරීමට හැකියාව මවෙත ලැබී ඇත. බොහෝ අසරණ භාවයට පත් නේත්‍ර රෝගීන්ගේ පෙනීමේ හැකියාව ආරක්ෂා කිරීමට ද ශාස්තෘවරයාණන් පවසන ලද 320 අක්ෂි රෝග සුවපත් කරන්නට මගේ ශාස්තෘන්වහන්සේලා ප්‍රමුඛ ජීවමානමාගේ පීතෲන් වහන්සේගේ ආශිර්වාදය ලබමින් හැකිතාක් දුරට ඇස්වෙදකම නගාසිටුවීම මාගේ වෑයම වනු ඇත. එමෙන්ම එය මාගේ යුතුකම ද වනු ඇත.

අක්ෂි රෝග ඇතිවීමේ කරුණුවලින් වැළකී සිටීමෙන් එවැනි රෝග ඇති නොවේ. ගිනිමද්දහනේ (ගිනියම් අව්වේ) පැමිණි වහා ශීතල ජලය ස්නානයෙන් පසුකාලීනව අක්ෂි ආබාධ වැළදීම සිදුවේ. උෂ්ණාධික ආහාර පාන නිතර ගැනීමෙන් ද (අන්නාසි) අච්චාරු, ලුණුදෙහි, සෝස්වර්ග, මත්පැන් ) ආදිය නොසුදුසුයැ. එමෙන්ම බලමාළු, පොකිරිස්සො, ඉස්සො, මත්පැන් මස්වර්ගද ගැනීම අහිතකර වේ. දිවාකාලයේ නිදිමද රාත්‍රී නිදිවැරිමද කළ යුතු නොවේ. රූපවාහිනී යන්ත්‍රය දෙස දිගුවේලාවක් බලාසිටීමද අහිතකර වේ. මෙසේ මොහොතක් ඇසට විවේකය දීම සඳහා නෙතුපියන් වරින්වර වසා සිටිනු මැන.

 

 

 

ජනාධිපතිලාභී (සම්මාන)

පාරම්පරික අක්ෂිරෝග විශේෂඥ වෛද්‍ය

සුසිලා නාලිනී ගොඩලියද්ද

මොරතොට ඕපනායක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.