විටමින් ඌනතාවය පිළිබඳව ඔබ සිතුවාද?

ජූලි 16, 2021

ආයුර්වේද මතනුව ශාක වර්ග (එළවළු පළාවර්ග) ධාන්‍ය වර්ග (සහල්, ඇට වර්ගාදිය) මාංස වර්ග (මස් මාළු) ක්ෂීර වර්ග (කිරි වර්ග) ඵලා වර්ග (පලතුරු) කන්ද වර්ග (අල වර්ග) යන සමබල ආහාරයක තිබිය යුතු ය.

 

මෙබඳඳු සමබල ආහාරයක් ඔබ විසින් ගැනීමෙන් විටමින් ඌනතාවයක් ඇති නොවන බව නව්‍ය මතානුව සලකා බැලීමේ දී අපට අවබෝධ වේ. නව්‍ය මතනුව විටමින් වර්ග දෙකකි. මේදවල දියවන ඒ, ඩී.ඊ.කේ විටමින ද, ජලයේ දියවන බී සහ සී යන විටමින ද මිනිස් සිරුර නිරෝගිව තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ.

විටමින් ඒ පවතින්නේ සතුන්ගෙන් ලබාගන්නා ආහාරවලය. මින් ප්‍රධාන වන්නේ පීකුදු ය. නමුත් කැරොටීන් සහිත කොළ එළවළු, කැරට් සහ ඇතැම් පලතුරු ගත්විටද විටමින් ඒ අන්ත්‍රවල හටගනී. විටමින් ඒ ඇසේ රෙටිනාවේ සෛල වර්ගයක් මෙන්ම ජාන ද නිපදවයි. තවද සාමාන්‍ය වර්ධනය ගර්භයේ වර්ධනය, ලේ නිපදවීම, ප්‍රතිශක්තිය ඇති කිරීම සහ සරුභාවය ඇතිකිරීම සිදුකරයි. විටමින් ඒ අඩු වූ විට, දරුවන්ට ශ්වසන ව්‍යුහාවේ ආසාදන, ආමාශය සහ අන්ත්‍රප්‍රදාහය ඇති කරයි. රෝග සහ මරණ පවා ඇතිවේ. අන්ධභාවය බහුලව හටගනී. විශ්වයේ මෙන්ම ආසියාවේ ළමයි ලක්ෂ 5 පමණ මෙහිදී සෑම වසරකම අන්ධභාවයට පත්වන බව වාර්තාවේ. එබැවින් මෙය වළක්වා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මූලිකත්වය ගෙන කටයුතු කරයි. විටමින් ඒ ඌනතාවය නිසා පළමුව ළමයින්ට නක්තාන්ධය (රාත්‍රියට ඇස් නොපෙනීම) හටගනී. මෙවිට විටමින් ඒ වහා දිය යුතු ය. ප්‍රතිකාර නොකළහොත් ඇසේ රෙටිනාව ඝන වේ. තිත් හටගනී. කොර්නියාවේ තුවාල හටගෙන, කැළැල් ඇති වී සදාකාලික අන්ධභාවය හටගනී. මෙය වළක්වා ගැනීම සඳහා තදකොළපාට එළවළු සහ කැරොටීන් බහුල කහපාට පලතුරු ගත්විට දරුවාගේ අක්මාවේ විටමින් ඒ තැන්පත් වේ. පාසල් දරුවන්ට විටමින් ඒ එන්නත් කිරීම ද සිදු කෙරේ. මාස 4 - 6 කට වරක් මුඛයෙන් විටමින් ඒ දීම ද සිදු කෙරේ. විටමින් ඒ වැඩියෙන් ගත්විට දරුවාගේ අක්මාවට හානි වේ. අස්ථි පීඩාවේ. ඔක්කාරය, හිසරදය සහ සම ගැලවීම හටගනී. මේ නිසා දියුණු රටවල ගර්භණීන්ට විටමින් ඒ නොගැනීමට උපදෙස් දෙනු ලැබේ. කැරොටින් වැඩියෙන් ආහාරයට ගන්නා වැඩිහිටියන්ගේ සම කහපාට වේ. නමුත් කැරොටින් වැඩියෙන් ගැනීම නතර කළ විට සමේ කහපාට නැතිව යයි.

හිරු එළිය සමට වැටීම නිසා එහි උ. ඍ කිරණ මඟින් සිරුරේ විටමින් ඩී හටගනී. බිත්තර, මාළු තෙල් (ජ්ඪඵඩ ඪධත) කිරි සහ බටර් මඟින් සිරුරට විටමින් ඩී සුළු ප්‍රමාණයක් ලැබෙන අතර සමෙන් ලැබෙන ප්‍රමාණය ඉතා වැඩිය. විටමින් ඩී, අක්මාවට සහ අනතුරුව වකුගඩුවලට ගොස් කැල්සියම් පරිවෘත්තියට ආධාර කරයි. සිරුරේ කැල්සියම් ඌනවූ විට,රිකට්ස් (දෙපා ඇදවීම) සහ අස්ථි දිරායාම හටගනී. මේ නිසා කිරි සහ මාජරින්වලට විටමින් ඩී එකතු කෙරේ.

විටමින් ඊ එළවළු තෙල්, ඇටවර්ග වලින් තනන ජඥපඥචත රටකජු සහ කජුවල විශාල ප්‍රමාණයක් ඇත. විටමින් ඊ වැදගත් ප්‍රතිඔක්සිකාරකයකි. මෙය සෛල ආවරණය හොඳින් පවත්වා ගනී. ච්ව්ඒ නිපදවීම, ප්‍රදාහ නැසීම සහ ප්‍රතිශක්තිකරණය ඇතිකිරීම සිදු කරයි. නොමේරූ ළදරුවන්ගේ සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ විටමින් ඊ අඩුය. විටමින් ඊ අඩු වූ විට පාණ්ඩු තත්ත්වයක් හටගනී මේද අඩුවෙන් සිරුරට උරාගන්නා රෝගීන්ගේ ඇවිදීම අපහසුව (චබචයඪච) සහ නේත්‍ර රෝග හටගනී.

විටමින් කේ කොළපාට එළවළු සහ පීකුදු ගැනීමෙන් මිනිස් සිරුරට අවශ්‍ය පමණ ලැබේ. මහාන්ත්‍රයේ තිබෙන බැක්ටීරියා මඟින් ද විටමින් කේ නිපදවනු ලැබේ. විටමින් කේ ට්තච නමැති ද්‍රව්‍ය තනන අතර, මෙය ලේ කැටිගැසීම සඳහා අත්‍යවශ්‍ය වේ. එබැවින් විටමින් කේ ඌනතාවය, ඇතිවිට සිරුරේ තුවාලයක් වූ විට, ලේ කැටිගැසීම ප්‍රමාද වී ලේ ගලායාම වැඩි වේ. උපන් අලුත දරුවෙකුගේ විටමින් කේ අඩු නම්, ලේ ගලායන රෝග වැළැක්වීම සඳහා විටමින් කේ දෙනු ලැබේ. අවරෝධ ජනිත සෙංගමාලයේ දී ආහාරයෙන් දෙන විටමින් කේ ශරීරයට උරා නොගන්නා නිසා ශල්‍යකර්මයක දී රෝගියාට විටමින් කේ යෙදේ.

විටමින් බී, එළවළු, මස්මාළු සහ විශේෂයෙන් ඇට මාර්ගවල වැඩියෙන් ඇත. මෙය පිෂ්ට පරිපචනයට ආධාර දෙයි. විටමින් බී, අඩු වූ විට, පළමු ස්නායු ව්‍යුහාව පීඩා කරයි. තවද රුධිර නාල පළල් කර හෘදයෙන් ලේ පිටවන ප්‍රමාණය වැඩි කරයි. තවද බෙරි බෙරි රෝගය හටගනී. කලක් මත්පැන් පානය කරන අයගේ විටමින් බී අඩු වේ. ආහාර අඩුවෙන් ගැනීම, ශරීරයට විටමින් බී, උරාගැනීම අඩුවීම සහ අක්මාවේ තැන්පත්වීම අඩුවීම මීට හේතුවේ. දියුණු වන රටවල කාන්තාවන් පිරිසුදු කරන ලද සහල් පරිභෝජනය නිසා මාසයක් පමණ යන විට විටමින් බී ඌනතාවය නිසා මවගේ දරුවාට බාලක බෙරිබෙරි රෝගය හටගැනීම මාරාන්තික විය හැක. මෙම දරුවන්ගේ අත්පාවල ස්නායු දුර්වලවීම (දඥභපධනචබඩර) අත්ල හෝ පාදතල කඩැවීම ර්‍ථඵරජඩධඵඪඵ සහ ඥදජඥනඩචතධනචබඩර හටගනී. මෙහිදී විටමින් ඕ1 එතරම් පලක් නොවේ.

විටමින් ඕ2 සත්වමය සහ ශාකමය ආහාරවල අඩංගුය. කිරිවල බහුලව ඇත. පැලවෙන ධාන්‍යවලද ඇත. විටමින් ඕ2 ඌනවූ විට දිව සහ තොල්වලට බලපෑම නිසා දිව ඉදිමීම, කට දෙකොණ වණවීම, සහ සම වියළීම හටගනී.

බිත්තර සහ චීස් ආහාරයට ගත් විට ව්ඪචජඪද විටමිනය සිරුරේ නිපදවනු ලැබේ. මත්පැන් පානය කරන අයට මෙන්ම කුඩා අන්ත්‍රව රෝග ඇතිවිට ව්ඪචජඪද ඌනතාවය හටගනී. මෙවිට අව්වේ ගිය විට ඇතිවන සම පිළිස්සීම (ඉභද - ඡභපද) වැන් ලක්ෂණ, අව්වට නිරාවරණය වන තැන්වල හටගනී. මේවා බෙල්ලේ සහ අත්පාවල විශේෂිතය. නමුත් මුහුණේ හටනොගනී. නියැසින් ඌනතාවයේ දී සමේ පීඩකා සම පැලීම, ස්‍රාවගැලීම සහ සමේ පීඩකා සම පැලීම, ස්‍රාව ගැලීම සහ ද්විතියික ආසාදන හටගනී. අතීසාරය, අරුචිය, ඔක්කාරය, දිව ඉදිමීම සහහ ගිලීම අපහසුව හටගනී. මුලදී (ජතඥඪපධභථ) සිහිවිකාරය සහ පසුව ඤඥථඥදබඪච හටගනී.

විටමින් ඕ6 මස්, මාළු, අල සහ කෙසෙල්වල වැඩිය. විටමින් ඕ6 අඩු වූ විට, ස්නායු ප්‍රදාහය හටගනී. ගර්භිණී වමනයට, ඇතැඟිලි හිරිය (ඛ්චපනඥත ඊභදදඥත ඉරදඤපධථඥ) සෘතුවීම නතර වීමට පෙර හටගන්නා අපහසුතාවයට නමුත් විටමින් ඕ6 අධිකව මාස කීපයක් ගැනීමෙන්ද අත්පාවල හිරිය හටගනී. ඕඪධබඪද විටමින් ඌනතාවයේ දී සමේ කොරල, අත්පා හිරිය සහ කෙස්යාම හටගනී.

විටමින් ඕ12 මස්, මාළු, බිත්තර සහ කිරිවල ඇත. මෙය වසර 3 කට අවශ්‍ය ප්‍රමාණය අක්මාවේ තැන්පත් කරගනී. එළවළු පමණක් ආහාරයට ගන්නා අයට වයස අවුරුදු 10 - 80 දී ඌනතා ලක්ෂණ හටගනී. නීරක්තිය ස්නායු සහ විශේෂයෙන් සුෂුම්නාව සහ ඇසේ ස්නායුව දිරාපත්වීම විෂාදය (ච්ඥථඥදබඪච) හටගනී.

ජ්ධතඪජ චජඪඤ ගර්භිණියකට අඩු වූ විට දරුවාගේ සුෂුම්නාව දෙකට බෙදීම, හිස් කබල විකෘතිවීම, ගර්භණී සති 3 - 4 දී හටගනී. ඌනතාවය වැළැක්වීම සඳහා පීකුදු සහ කොළපාට එළවළු ආහාරයට ගත යුතු ය. ගර්භණි කාලයේ දී ජ්ධතඪජ චජඪඤ සොදන්නේ මේ නිසා ය.

විටමින් සී, අලුත් එළවළු සහ පලතුරුවල අඩංගු ය. මෙය ප්‍රත්ශක්තිය වඩයි. ප්‍රතිශ්‍යව වැළඳීම වළකයි. ඌනතාවයේ දී තුවාල සුව වීම ප්‍රමාද වේ. සියුම් රුධිර නාලිකාවලින් ලේ ගලයි. දත්මුල් ඉදිමී ලේ යයි. අන්ත්‍රතුළට ලේ ගැලීම සමයට ලේ ගැලීම සහ නීරක්තිය හටගනී. නමුත් විටමින් සී වැඩියෙන් ගත්විට අතීසාරය සහ මුත්‍රගල් හටගනී.

 

 

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය,

ලක්ෂ්මී සේනාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.