කාන්තාවන්ගේ සරුභාවයට බලපාන සුදුසු හා නුසුදුසු ආහාර

ජුනි 25, 2021

විවාපත් යුවළකට දරු සම්පතක් ලැබීම මොනතරම් වාසනාවක්ද? ඒත් දරුවන් නැති සොවින් වැළපෙන බිරින්ඳෑවරුන් සහ සැමියන් කොයි තරම් නම් මේ ලෝකය තුළ සිටිනවාද? එවන් බිරින්ඳෑවරුන් සහ සැමියන්ට වටිනා තොරතුරු ටිකක් තමයි අපි අද කියන්න‌ යන්නේ.

 

මේ සඳහා මුලින් අප දෛනිකව ගන්නා ආහාර පිළිබඳව දැන සිටීමත් ඉතා වැදගත්.විශේෂයෙන්ම මවක් වීමට පෙරුම් පුරන බිරිඳක් පෝෂණ ගුණයෙන් අනූන වූ සමබල ආහාර වේල් වලට හුරුවිය යුතුයි. පැහැදිලිවම සරුඵලතාවය වැඩි කරන්නත්, අඩු කරන්නත් සමහර ආහාර වලට පුළුවන්.මේ ඒ පිළිබඳව ඔබට ඉතාමත් වැදගත් වන තොරතුරු කීපයකි.

 

පැඟිරි කුලයේ පලතුරු

උදෑසන සහ දහවල් කෑම වේලාවට පසු අතුරුපසට නාරං හෝ දොඩම් ගෙඩියක රස බලන්න තීරණය කිරීම ඉතාම හොඳයි. විශේෂයෙන්ම යොවුන් කාන්තාවක් අඩුම තරමින් දවසට එක වර්ගයක් බැගින්වත් පැඟිරි කුලයේ පලතුරක් කන්න ඕනේ. දෙහි, දොඩම්, ලෙමන්, ජම්බෝල, නාරං වර්ග ආදි අනෙකුත් පැඟිරි කුලයේ පලතුරුත් ඒවායේ යුෂත් කාන්තාවකට පමණක් නොව පොදුවේ සෑම පුද්ගලයෙකුටම ගුණදායකයි. මේවායේ බහුලව අඩංගු විටමින් සී ශරීරයේ හෝමෝන සමබර කිරීමටත්, පුරුෂයන්ගේ ශුක්‍රාණු සකී‍්‍රයතාවය ඉහළ නැංවීමටත් සෘජු බලපෑමක් සිදුකරයි.

 

ටෝෆු

මෙය‌ සෝයා බෝංචි කිරි වලින් සාදන ආහාරයක්. සරු බවින් වැඩි ඩිම්බ නිපදවීමට යකඩ බහුලව ඇති ආහාර මඟින් විශාල සේවයක් සිදු කරනවා. සෝයා සහ සෝයා කිරි වලින් නිපදවන ආහාර අනුභවයෙන් යකඩ රුධිරයේ යහමින් රඳවාගන්නා අතර මෙම තත්ත්වය ගැබ් ගැනීම 60% කින් පමණ ඉහළ දමන්න හේතු වෙනවා. යකඩ බහුල ආහාර වර්ගද ආහාර වේල් වලට සුලබව එකතු කර ගැනීම ඉතාම යහපත්.

 

රතුපැහැ මස් වර්ග

රතුපැහැය වැඩි හරක් මස්, ඌරු මස් වැනි මස් වර්ග බහුලව අනුභව කිරීම නිසා රුධිරගත ඇමෝනියා ප්‍රමාණය ඉහළ යනවා. මෙමඟින් ඩිම්බ කෝෂ තුළින් ඩිම්බයක් පිට කිරීමට පැහැදිලිවම බාධා ඇති කරයි. රතු පැහැ මස් වර්ග අනුභව කිරීම තුළින් විවිධාකාරයේ හෝමෝන විකෘති වීමේ විපත් පුරුෂ පාර්ශ්වයට ඇති කරනවා. මේවා මඟින් ශරීරයේ අම්ල තත්ත්වයන් වගේම ශුක්‍රාණු වල සකී‍්‍රයතාවයද අඩු කරයි.

 

කුකුළු මස්

දැන් අපි කුකුළු මස් කියලා කන්නේ ස්වභාවික මස් නොවෙයි. කිසිම රහක් නැති අද අපි රසකරකර අනුභව කරන කුකුළු මස් වල කෘත්‍රීම හෝමෝන වර්ග හා ප්‍රතිජීවක බහුලයි. දරුවෙකුට උපත දෙන අම්මා කෙනෙකුගේ ශරීර අභ්‍යන්තරය එහෙම පිටින්ම උඩු යටිකුරු කරන්න ප්‍රමිතියෙන් තොර කුකුළු මස් වලට පුළුවන්.

 

සීනි

සීනි කොහොමත් අපේ ශරීරයට වුවමනා වෙන්නේ බොහෝම අවමයක්. දවසකට සීනි ග්‍රෑම් 5 – 10 ක් වගේ තේ, කෝපි හා වෙනත් ආහාර පාන වර්ග සමඟ ශරීරයට ලැබුණට වරදක් නෑ. මොළයේ හා හෘදයේ කි‍්‍රයාකාරිත්වයට සීනි මඟින් සේවයක් සැලසුණත් අමුතුවෙන් සීනි නොකෑවට දිනපතා අප ආහාර ලෙස ගන්නා බත්, පාන් පිටි වලින් හැදූ කෑම පලතුරු ආදියෙන් දෛනිකව අවශ්‍ය තරමටත් වඩා ඉහළ ප්‍රමාණයක් අපට අවශ්‍ය සීනි ශරීරයට ලබාදේ. පැණි රස කෑම කන්න අද ගොඩක් දෙනෙක් පුරුදු වෙලා තියෙනවා. නවීන සමාජයේ සුදු සීනි භාවිත කරන අය ඉතාම වැඩියි. වැඩිපුර පිරිසිදු කළ සීනි මඟින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රමාණයේ වෙනස්කම් ඇති කරනවා. මෙමඟින් පොලිසිස්ටික් ඕවරි සින්ඩ්රෝරම් (ර්‍ථඛ්ර්‍ණඉ) රෝගය උත්සන්න කරනවා. මෙම රෝගී තත්ත්වය කාන්තාවන්ගේ සරුඵලතාවය දුර්වල කිරීමට මූලිකවම බලපානවා.

 

මත්පැන් හා සිගරට්

බටහිර රටවල මෙන්ම අපේ රටෙත් මත්පැන් හා සිගරට් භාවිත කරන කාන්තාවන් සැළකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. තරුණ වියේ සිට මත්පැන් හා සිගරට් වලට ඇබ්බැහි වීමෙන් පිරිමින්ගේ මෙන්ම කාන්තාවන්ගේ සරුඵලතාවය අඩු කරන්න විශාල බලපෑමක් ඇති කරයි. මෙමඟින් සියලුම ඉන්ද්‍රියන් කරා නිසිලෙස රුධිරය හා හෝමෝන ගලා යාම දුර්වල කරන අතර සරුඵලතාවය සඳහා අත්‍යවශ්‍ය හෝමෝන වර්ග නිපදවීම අවම කරනවා. අධිකව මත්පැන් හා සිගරට් පානය කරන පිරිමින්ගේ ලිංගික ශක්තිය පැහැදිලිවම පිරිහෙන අතරම තම බිරිඳ මවක් බවට පත් කිරීමට ඇති අවස්ථාව මේ නිසා අහිමිවෙනවා. දරු සම්පත් පමා වීමටත් දිවිය පුරාම දරුවන් නොලැබීමටත් මත්පැන් භාවිතය හා දුම් පානය නිසැකවම බලපානවා. නිරෝගී දරුවෙකුට උපතක් දෙන්න බලාපොරොත්තු වන බිරිඳ හා සැමියා සිගරට් හා මත්පැන් භාවිතයෙන් අදම ඉවත්වීම ඉතාමත් අත්‍යවශ්‍යයි.

 

සැමන් (මසුන්)

“සැමන් මසුන්” ආහාරයට ගැනීම තුළින් සෙලනියම් නමැති ඛනිජ ලවණය ශරීරයට යහමින් ලැබෙනවා. ඔබ දන්නවාද? සැමන් මසුන් නිතර ආහාරයට ගැනීමෙන් අනපේක්ෂිත ගබ්සා වීම් වළක්වා ගන්න පුළුවන් බව. සෙලනියම් බහුලව අඩංගු සැමන් මසුන් ආහාරයට ගැනීමෙන් ගැබ් ගැනීමේ හැකියාව ඉහළ දමනවා.

කුම්බලා මාළු

කුම්බලා මාළු වල මේද අම්ල බහුලයි. මේද අම්ල මිනිස් සිරුරේ යහ පැවැත්මට විශාල සේවයක් සිදු කරනවා. කාන්තාවන්ගේ ප්‍රජනන ශක්තිය වැඩි කිරීමටත්, පුරුෂ ශුක්‍රාණු වල සකී‍්‍රයතාවය ආරක්ෂා කිරීමටත් මේද අම්ල අත්‍යවශ්‍යයි. මේද අම්ල මඟින් සිරුරේ කොලෙස්ටරෝල් මැනවින් පාලනය කරයි.

 

සින්ක් අඩංගු ආහාර

පුරුෂ ශුක්‍රාණු වල සකී‍්‍රයතාවය ඉහළ දැමීමටත් කාන්තාවන්ගේ “ඊස්ටජන් හා ප්‍රජෙස්ටරෝන්” හෝමෝන සමබරව පවත්වා ගැනීමටත්, “සින්ක්” නමැති ඛනිජ ලවණය විශාල මෙහෙයක් සිදු කරනවා. මේ සඳහා බෝංචි ඇතුළු සින්ක් යහමින් අඩංගු සෝයා බෝංචි, කඩල, කව්පි, මුං වැනි රනිල කුලයේ ආහාර වර්ග ආහාර වේලට නිතර එකතු කර ගැනීම සුදුසුයි.

 

කෙසෙල්

කෙසෙල් කියන්නේ විටමින් බී බහුල පලතුරක් අත්‍යවශ්‍ය හෝමෝන වර්ධනය සඳහාත්, කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය ක්‍රමවත් වීමටත් විටමින් කෙසෙල් වල අන්තර්ගතවිටමින් ඕ6 යහපත් දායකත්වයක් සපයනවා. කාන්තාවන්ගේ ඩිම්බ මෙන්ම පුරුෂ ශුක්‍රාණු සවිබල ගැන්වීමත් දිනපතා ඉදුණු කෙසෙල් ගෙඩියක් හෝ දෙකක් අනුභව කිරීමෙන් සකී‍්‍රය වන බව කිව යුතුයි. මීට අමතරව විටමින් ඡ් බහුල ආමන්ඩ් ඒථධදඤඵ (රට කොට්ටම්බා) ෆෝලික් අම්ලය බහුල ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් පුරුෂ ශුක්‍රාණු වල සරුබව ආරක්ෂා කරගන්නත් කාන්තාවන්ගේ හදිසි ගබ්සා වීම් වළක්වා ගන්නත් පුළුවන්. මුහුදු බෙල්ලන් (මට්ටි) ආහාරයට එක්කර ගැනීමත් ඉතාමත් යහපත්. ඒ මඟින් ඊස්ට්‍රජන් හෝමෝනය සමබරව පවත්වා ගන්නත් ඩිම්බ සරු වීමටත් අවස්ථාව උදාකරගත හැකිය.

 

 

වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍ය

ධම්මිකා අමරසේකර

 

රඹුක්කන

කීර්ති එස්. කුමාර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.