ඔබේ ඇස ඇසක් සේ රැක ගන්න

ජුනි 11, 2021

ක්‍රි.ව. 1954 ඇතිවුණ සූර්යය ග්‍රහණය ලොවට බලවත් ලෙස බලපාන ලදී. උදය කාලයේ ඇතිවන ලද සූර්ය ග්‍රහණය අවස්ථාවේ අන්ධාකාරයකින් ලොව වැසුණු බව එවකට මුහුණ දුන් අපගේ වැඩිහිටි උදවිය ප්‍රකාශ කරන ලදී. එමෙන්ම බොහෝ දෙනෙක් වදකහ සුදිය පානය කර රෝහල් ගත වුණ බව පැරණි උදවියගේ ප්‍රකාශනයයි. නේත්‍ර රෝගද බහුල වූයේ ඒ අය එය නැරඹුව නිසාවෙනි.

අපට ලොවක් දකින්නට ස්වභාවධර්මයෙන් ලද දෑස ආරක්ෂා කර ගැනීම අපට අප විසින් ම කරගන්නා යුතුකමකි. දෑසට හොඳ නින්දක් ඇවැසි වන්නා සේම විවේකයක්ද ඕනෑ වේ. ඔබ රූපවාහිනී යන්ත්‍රය දෙස එක එල්ලේ දෑස යොමු කරගෙන සිටී නම් ඔබේ දෑස මොහොතක් වසා සිටින්න. ඒ විවේකී දෑසයි නිතර නිතර ඔබ රූපවාහනී යන්ත්‍රය භාවිතා කිරීමෙන් වළකින්න. ඉන් පිටවන රශ්මි කිරණ දෑසට අහිතකර වේ. කාටුන් වැනි වැඩසසටහන් නිතර නිතර නරඹන කුඩා දරුවන්ට අවසානයේ උපැස් යුවළක පිහිටාධාර පතන්නට සිදුවේ.

එමෙන්ම පරිගණක යන්ත්‍රයේ සියුම් දත්තයන් නිතර ඇසුරු කරන උදව්යට ද නේත්‍ර රෝග වැළඳීමේ අවස්ථාව බහුලය. රූපවාහිනිය හෝ පරිගණකය හෝ වෙනත් සියුම් දේවල් ඇසුරු කිරීමෙන් පසු ඔබේ දෙනෙතට මද වරාමයක් දෙන්න. එනම් පිපිඤ්ඤා පෙති දෙකක් හෝ අයිස් වතුරෙන් තෙමන ලද පුළුන් කැබැලි දෙකක් ගෙන දෑස ත තබා මදක් සයනයක හාන්සි වී සිටින්න. එවිට විඩාබර දෑසට සහනයක් ලැබෙනු ඇත. හැකිතරම් උත්සාහගෙන ඔබේ ඇස් සුරකින්න. පොතක් පරිශීලනය කළත් සියුම් අක්ෂර දෙස නොකඩවා නොබලන්න. දෑස පියාගෙන ස්වල්ප වේලාවක් සිට නැවත කියවන්න. පුරා පුනන් සඳ ආලෝකය දෑසට වැටෙන්නට සැළැස්වීමෙන් එය ඖෂධීය ගුණයක් වනු ඇත. චන්ද්‍රග්‍රහණ අවස්ථාවලදී ඒ දෙසට නෙත් යොමුකිරීම සුදුසු නැත. එය අපලදායක අවස්ථාවකි. එනමුත් සමහර අය කළුකරන ලද වීදුරු කැබැල්ලක් හෝ වතුර බේසමකින් සඳ රාහු අල්ලන අඅයුරු නරඹනු ඇත. සඳත් පෘථිවියත් සූර්යයත් එක එල්ලේ පිහිටීමෙන් චන්ද්‍රග්‍රහ ඇති වේ. එක් වසරකට චන්ද්‍ර ග්‍රහණ දෙකක් සහ සූර්යය ග්‍රහණ දෙකක් බැගින් ඇතිවනු ලබයි. එසේ ඇතිවන ග්‍රහ ලොවට අපලදායක වේ.

ක්‍රි.ව. 1954 ඇතිවුණ සූර්යය ග්‍රහණය ලොවට බලවත් ලෙස බලපාන ලදී. උදය කාලයේ ඇතිවන ලද සූර්ය ග්‍රහණය අවස්ථාවේ අන්ධාකාරයකින් ලොව වැසුණු බව එවකට මුහුණ දුන් අපගේ වැඩිහිටි උදවිය ප්‍රකාශ කරන ලදී. එමෙන්ම බොහෝ දෙනෙක් වදකහ සුදිය පානය කර රෝහල් ගත වුණ බව පැරණි උදවියගේ ප්‍රකාශනයයි. නේත්‍ර රෝගද බහුල වූයේ ඒ අය එය නැරඹුව නිසාවෙනි.

එබැවින් මින් ඉදිරියටවත් චන්ද්‍ර ග්‍රහණ හෝ සූර්යග්‍රහණ දෙස නොබලන්නට සිතට ගන්න. සමහර වල්ගා තරු (හේලිගේ වල්ගා තාරකාව) ලොවට උදා වූයේ අපල කාල පරිච්ඡේදයකට බව විද්වතුන් සැළ කර සිටියහ. දැනට ලොව පුරා පැතිර යමින් පවතින කොරෝනා වසංගතය පෙර බුදුන් දවස විසාලා මහනුවර ඇතිවන ලද දුර්භික්ෂය මෙන්ම ලක්ෂ කෝටි ගණන් මිනිසුන් නිකරුණේ මිය යන වර්තමාන කාලයේ ලොව පුරා රජයන් මඟින් යොදන ලද වැඩ පිළිවෙල වල් එකක් වත් සාර්ථක නොවන බව නම් පැහැදිලි ය. කොසොල් මහ රජතුමන් දුටු සිහින 16 දැන් ක්‍රියාත්මක වැඩි දෙනෙකුගේ මතයයි. නමුත් වර්තමානයේ සිදුවන ලෝක විනාශය ඒ සැම එකක්ම අභිබවා කටයුතු සම්පාදනය වෙමින් පවතින බවක් පෙනෙන්නට ඇත.

 

පාරම්පරික ආයුර්වේද

අක්ෂි විශේෂඥ වෛද්‍ය

සුසිලා නාලනී ගොඩලියද්ද.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.