වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සුවපත් මනසක් සඳහා මෝහන විද්‍යාව
මෝහයන ගුප්ත ශාස්ත්‍ර මතපදනම් වූවක් හෝ මැජික් ශිල්පීය ක්‍රමයක් නොවන අතර විවිධ ඇබ්බැහි වීම් මානසික පීඩන තත්ත්වයන්, කායික රෝගයක් නොවන අවස්ථාවකදී අධ්‍යාපන කටයුතුවල පසුබැසීම් මඟහරවා ගැනීම ඇතුළු ධනවාදී සුබවාදී ආකල්ප මඟින් පුද්ගල සිත් පෝෂණය කිරීමට යොදා ගන්නා විද්‍යාත්මකව සිදු කරන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මෝහනය හඳුන්වා දිය හැකි ය.
මෝහනය, ඔබ අසා ඇති හුරු පුරුදු වචනයක් වුවත් බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව වැඩි අවබෝධයක් නොමැති විය හැකියි. බටහිර මනෝවිද්‍යාව සඳහන් කරන ආකාරයට දා හත සහ දහ අට වැනි ශත වර්ෂවල ජර්මන් ජාතික මනෝ වෛද්‍ය ජ්පචදල ඒදබධද ර්ඥඵථඥප මහතා විසින් පළමු වරට මානසික රෝගීන් සුවපත් කිරීමට මෝහන ප්‍රතිකාරය යොදා ගත් බව කියැවුණ ද බොහෝ කලකට පෙර සිටම ආයුර්වේදය සහ හෙළ වෙදකම තුළ මෝහන ප්‍රතිකාර ක්‍රමය භාවිතා වූ බවට සාධක ඇත.
ඊජිප්තු පූජකවරුන් මෙන්ම චීනය සහ ඉන්දියාව ද රෝගීන් සුව කිරීමට මෝහනය භාවිතා කර ඇති අතර මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ බටහිර වෛද්‍යවරුන් ලෙස ස්කොට් ජාතික කායික වෛද්‍ය බ්චථඥඵ ඕපචඪඤ සිග්මන් ප්‍රොයිඩ් සහ ඔහුගේ අනුගාමිකයෙකු වූ කාල් යුංග් ප්‍රධාන තැනක් ගනී.
මෝහයන ගුප්ත ශාස්ත්‍ර මතපදනම් වූවක් හෝ මැජික් ශිල්පීය ක්‍රමයක් නොවන අතර විවිධ ඇබ්බැහි වීම් මානසික පීඩන තත්ත්වයන්, කායික රෝගයක් නොවන අවස්ථාවකදී අධ්‍යාපන කටයුතුවල පසුබැසීම් මඟහරවා ගැනීම ඇතුළු ධනවාදී සුබවාදී ආකල්ප මඟින් පුද්ගල සිත් පෝෂණය කිරීමට යොදා ගන්නා විද්‍යාත්මකව සිදු කරන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මෝහනය හඳුන්වා දිය හැකි ය.
කෙසේ වෙතත් ඉතාමත් කෙටියෙන් අවබෝධ කර ගත් කල මෝහනය යනු අපගේ මනසේ ඇතිවන යම් යම් රෝගී තත්ත්වයන් සුව කිරීම සම්බන්ධයෙන් සිදුකළ හැකි විශ්වසනීය ප්‍රතිකාර ක්‍රමයකි.
මනස මූලිකව සිදු කරන මෙම ප්‍රතිකාර ක්‍රමයේ දී මනසේ ක්‍රියාකාරීත්වය අනුව අධ්‍යනයේ පහසුව සඳහා කොටස් තුනකට බෙදා වෙන්කළ හැකි ය. එනම් උඩු සිත (ඛ්ධදඵජඪධභඵ) විචාරාත්මක සිත (ඛ්පඪබඪචජචත ථඪදඤ) සහය යටි සිතයි. (ඉභඡජධදඵජඪධභඵ) ධ්ච්, ඡ්ඨධ සහ ඉභනනඥප ඡ්ඨධ) උඩු සිත සහ යටි සිත අතර විචාරාත්මක සිත පිහිටා ඇති අතර යටි සිත යනු අපගේ සංසාරය ආරම්භයේ සිට භවයෙන් භවය මේ දක්වා පැමිණි ගමනේ දී වර්තමානයේ මේ මොහොත දක්වා සිදු වූ වැදගත් සිදුවීම් ඇතුළු තොරතුරු හෙවත් දත්තයන් ගබඩා වී ඇති ස්ථානයයි. උඩු සිත යනු අපගේ වර්තමාන භවය ආරම්භයේ සිට එනම් උපතේ සිට එකතු කර ගත් තොරතුරු හෙවත් දත්තයන් ගබඩා වන ස්ථානයයි.
නින්ද, පුද්ගලයකුට අත්‍යවශ්‍ය බවත් එය අපගේ භෞතික ශරීරයේ හැඩගැස්මට මෙන්ම මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට උපකාරී වන බවත් අප සියලු දෙනා දන්නා කරුණකි. අප දවස පුරා සිදු කරන ක්‍රියාවන්ගේ මතකයන් විශ්ලේෂණය කර යටි සිතේ තැන්පත් කරන්නේ විචාරාත්මක සිතයි. මෙය නින්දේ දී බොහෝ විට සිදුවන්නක් වන නමුත් අපට අවශ්‍ය තොරතුරු අවශ්‍ය ආකාරයට යටිසිතේ තැන්පත් කර ගැනීමට සාමාන්‍ය නින්දේ දී අපට හැකියාවක් නැත. නමුත් මෝහනය තුළින් සිදු වන්නේ සිරුර සහ මනස ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු කර මෝහන නිද්‍රාවකට පතකර යම් පුද්ගලයකුට අවශ්‍ය ධනවාදී සුබවාදී ආකල්ප ඔහුගේ හෝ ඇයගේ යටිසිත තුළ තැන්පත් කිරීමයි. මෙහිදී මෝහනය වන පුද්ගලයා මෝහනවේදියාගේ හඬට අනුගත වෙමින් එසේ දෙනු ලබන විධාන ක්‍රියාත්මක වෙයි.
යම් පුද්ගලයකු මෝහන වේදියා වෙත පැමිණි විට සෘජුව ම මෝහනයට ලක් නොකරන අතර රෝගිය සමඟ සාකච්ඡා කර උපදේශනය හෝ වෙනත් මනෝ ප්‍රතිකාරයන් තුළින් සුව නොවන අවස්ථාවලදී මෝහනය සඳහා යොමු කරයි. දීර්ඝ මෝහන ක්‍රම ද පවතී. එය තීරණය වන්නේ මෝහනය වන පුද්ගලයාගේ තත්ත්වය සහ අවශ්‍යතාව මත එම පුද්ගලයා ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි ය.
ගැඹුරු ලිහිල් බවක් සහ නිදහස් බවක් දැනීම, ශරීරය නිශ්චල භාවයට පත්වීම, මුහුණේ මාංශ පේශී ඉහිල් වීම, මොළයේ ක්‍රියාකාරී වේගය පහත වැටීම, සමේ ප්‍රතිරෝධය ඉහළ යාම, ස්වසන වේගය අඩු වීම ස්වසනය ගැඹුරු වීම හා තැන්පත් වීම, ඇතැම් විට ශාරීරික උෂ්ණත්වය අඩු වීම මෝහන නිද්‍රාවේ දක්නට ලැබෙන පොදු ලක්ෂණ වේ.
ශ්‍රී ලංකා ප්‍රවීණ මෝහනවේදීන්ගේ සංගමයේ උපදෙස් මත එහි ශිෂ්‍ය සාමාජිකා,
ඩබ්ලිව්.එම්. මල්කි සංජනා