කාන්තා පියයුරු පිළිකා හඳුනා ගැනීම

මාර්තු 19, 2021

සමස්ත ලෝකය පුරාම මෙන්ම අප ශ්‍රී ලංකාව තුළ ද ඉතා වේගයෙන් පැතිර යන රෝගාබාධයක් ලෙස පියයුරු පිළිකා දැක්විය හැකි ය. මූලික අවස්ථාවේදීම නියමාකාරයෙන් පියයුරු පිළිකාව නිශ්චය වශයෙන් හඳුනා ගත හැකි වුවහොත් එය සම්පූර්ණයෙන්ම සුව කිරීම අසීරු නොවේ.

 

කාන්තා පක්ෂයට වැලඳෙන පිළිකා අතුරින් 25% ක්ම පියයුරු පිළිකා ලෙස හඳුනා ගැනේ. පියයුරු පිළිකා මාරාන්තික වුවත්, එය කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර කළහොත් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි ය.

පියයුරු පිළිකාවක් හටගැනීමට බලපාන හේතු

පියයුරු පිළිකා වැලඳීමට ප්‍රධාන හේතුව වන්නේ ජානවල සිදුවන යම් අසාමාන්‍ය තත්ත්වයකි. එනිසා පාලනයකින් තොරව හා අසාමාන්‍ය ලෙස සෛලවල සිදුවන බෙදීමකි. පියයුරු පිළිකාවක් වැලඳීම සඳහා හේතුවන්නේ ස්ත්‍රියක් වීම, වයස්ගත වීම, ලේ ඥාතියකුට හෝ ඥාතීන් කිහිප දෙනකුට පියයුරු හෝ ඩිම්බකෝෂ පිළිකා වැලඳී තිබීම යි.

ඊට අමතරව, ඊස්ට්‍රජන් හෝමෝනයට දීර්ඝ කාලයක් නිරාවරණය වීම, අවු. 12 ට පෙර වැඩිවියට පත්වීම, හෝ අවුරුදු 55 වන තුරු ආර්ථවහරණය (මාස් ශුද්ධිය) සිදු නොවීමත් පියයුරු පිළිකා වැලඳීමට හේතු වේ.

ප්‍රවේණික හේතුවලින් පියයුරු පිළිකා ඇතිවන්නේ 5% ත් 10% ත් අතර ප්‍රමාණයකටය. නමුත් ඊට වඩා වැඩි සංඛ්‍යාවකට අයහපත් චර්යා සහ පාරිසරික හේතුන් මත පියයුරු පිළිකා වැලඳිය හැකි ය. ඒ සඳහා අවදානම් සාධක එකක් හෝ කිහිපයක් බලපෑ හැකි ය. නමුත් එබඳු කිසිම අවදානම් සාධක නැතිව වුව ද පියයුරු පිළිකා වැලඳීමට ඉඩ තිබෙන බව ද දත යුතුයි.

පියයුරු පිළිකාවල දැකිය හැකි රෝග ලක්ෂණ

පියයුරු පිළිකාවල මුල් අවස්ථාවේදී කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වයි. පිළිකාව ක්‍රම ක්‍රමයෙන් විශාල වී පැතිර යාමේදී පහත දැක්වෙන රෝග ලක්ෂණ මතු කරවයි.

පියයුරුවල එහා මෙහා නොයන (බොහෝවිට වේදනාකාරි නොවන) යම් ගැටිත්තක් , ඉදිමීමක් හෝ මෑතකදී ඇති වූ පියයුරු අසාමාන්‍ය හැඩයක් හෝ පෙනුමේ වෙනසක්, පියයුරුවල මෑතකදී ඇතිවූ පැහැදිලි අසමමිතික බවක්, තනපුඩුවේ ඇතිවූ ගිලීයාමක් හෝ එහි යම් වෙනසක්. පියයුරුවල යම් වළ ගැසීමක්, පියයුරෙහි සම මතුපිට දදයක් හෝ තුවාලයක් මෙන්ම පැහැයේ යම් වෙනසක් දොඩම් ලෙල්ලේ මතුපිට ඇති පෙනුමක් මෙන් දිස්වීම, තනපුඩුවෙන් කිරි නොවන වෙනත් ශ්‍රාවයක් පිටවීම, කිහිල්ලේ හෝ අක්ෂකාස්ථියට ඉහළින් හෝ පහළින් ඇති ගැටිත්තක්, පියයුරුවල නිතර ඇතිවන අසාමාන්‍ය වේදනාව රෝග ලක්ෂණ වශයෙන් දැක්විය හැකි ය.

මෙම ලක්ෂණවලින් එකක් හෝ කිහිපයක් වී නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමුවීම ඉතා වැදගත් ය.

පියයුරු පිළිකා දිනෙන් දින වැඩිවන තත්ත්වයක් පෙන්නුම් කරවයි. පියයුරු පිළිකා වැලඳුණු කාන්තාවන් සියයට 20 කට පියයුරු පිළිකා වැලඳුණු පිරිමින් සියයට 1 ක් පමණ ඇත. මෙහි නරක තත්ත්වය වන්නේ රෝගයේ මූලික අවස්ථාවේදීම එය හඳුනාගෙන ප්‍රතිකාර කටයුතු නොකිරීමයි. පියයුරු පිළිකා පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි.

ස්වයං පියයුරු පරීක්ෂාව

අවු. 20 ට වැඩි සෑම කාන්තාවක්ම මාස 3 කට වරක් ස්වකීය පියයුරු පරීක්ෂා කරමින් එහි ඉහත සඳහන් කළ යම් වෙනසක් ඇත්දැයි විමසා බැලිය යුතු ය. එබඳු යම් වෙනසක් තමන්ට දැක ගත හැකි වූයේ නම් ළඟම පිහිටි රෝහලේ වෛද්‍යවරයාට හෝ සුදුසුකම් ලැබු වෙනත් වෛද්‍යවරයකු කරා ගොස් සායනික පරීක්ෂණයක් කර ගත යුතු ය.

සෑම කාන්තාවක්ම පියයුරු අතින් අල්ලා තමන් විසින්ම පරීක්ෂා කළ යුතුය. ආවරණය වූ කාමරයකට ගොස් උඩුකය සම්පූර්ණයෙන්ම නිරාවරණය කොට කණ්ණාඩියක් ඉදිරියට ගොස් අත් දෙක දෙපස තබා ගෙන ඍජුව නොනැමී සිට ගෙන අත් දෙක හිසට උඩින් ඔසවා බලන්න. ඊළඟට අත් දෙක ඉඟ මත තබා ගෙන මඳක් ඉදිරියට නැමෙන්න. මෙහිදී පියයුරුවල යම් වෙනසක් ඇතොත් හොඳින් ඒවා දැක ගත හැකි වනු ඇත.

පියයුරු අතින් අල්ලා පරීක්ෂා කිරීම

ඇඳක හෝ ඝන මතුපිටක වැතිර තමන්ම පියයුරු පරීක්ෂා කරන්න. පරීක්ෂා කරන පියයුර ඇති පැත්තේ උරහිසට උඩින් ඝන රෙද්දක් නවා තබා හෝ පැතලි කොට්ටයක් තබා පරීක්ෂා කරන පැත්තේ අත ඉහළ ඔසවා අත්ළ මත හිස තබා ගෙන අනික් අතින් පියයුර පරීක්ෂා කළ හැක. අතේ ඇඟිලි එක් කොට ඇඟිලිවල ඇතුළු පැත්තෙන් පියයුරු හොඳින් පරීක්ෂා කරමින් පියයුරෙහි ගැටිති හෝ සමට යටින් ඝනවීමක් හෝ එහාට මෙහාට නොයන තද ගතියක් හෝ ඇත්දැයි බලන්න.

වම් අතින් දකුණු පියයුර සහ දකුණු කිහිල්ලද දකුණු අතින් වම් පියයුර සහ වම් කිහිල්ලද පරීක්ෂා කරන්න. පියයුරෙහි ගැටිත්තක් වේදනාවක් හෝ ඝනවීමක් ඇත්දැයි හොඳින් බලන්න. පියයුර පරීක්ෂා කිරීමේදී එකිනෙකට වෙනස් තෙරපීමක් යොදමින් පරීක්ෂා කළ යුතුය . මාපට ඇඟිල්ලෙන් හා දබර ඇඟිල්ලෙන් තනපුඩුව වටා ඇති තද පැහැති කොටස මිරිකා තන පුඩුවෙන් අසාමාන්‍ය ශ්‍රාවයක් පිටවන්නේදැයි බැලිය යුතුය.

වෙනස් කළ හැකි අවදානම් සාධක

ඉහතින් සඳහන් කරන ලද පියයුරු පිළිකා වැලඳීමට හේතුවිය හැකි වෙනස් කළ නොහැකි අවදානම් සාධක ඇතත්, වෙනස්කළ හැකි අවදානම් සාධක ද නැත්තේ නොවේ. ආර්ථවහරණයෙන් පසුව අධික ලෙස තරබාරුවීම හෝමෝන් ප්‍රතිස්ථාපන ප්‍රතිකාර වර්ග කාලයක් තිස්සේ ලබා ගැනීම, දුම්පානය කිරීම, ව්‍යායාම් නොකිරීම, මද්‍යසාර පානය, නිසාද දරුවන් නොමැතිව හා මව්කිරි ලබා නොදුන් කාන්තාවන්ටද පියයුරු පිළිකා වැලඳීමේ අවදානම ඇත.

වයස අවුරුදු 20 -40 අතර කාන්තාවන් මාස 03 කට වරක් බැගින්ද, අවු. 40 ට වැඩි කාන්තාවන් මසකට වරක්වත් ද, තම පියයුරු තමන් විසින් පරීක්ෂාකර බැලීමට වග බලා ගත යුතු ය.

වෙනත් පිළිකා මෙන් නොව පියයුරු පිළිකාව කල්තියා හඳුනාගනු ලැබුවහොත් සියයට සියයක්ම සාර්ථක ලෙස සුවපත් කළ හැකි බව අවබෝධ කටයුතුයි.

පියයුරු පිළිකාවලට

ප්‍රතිකාර විධි

සතියකට දින තුනක් උක් යුෂ පානය කරන්න.

මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව ලෙමන් පියයුරු පිළිකා සඳහා ඉතා ගුණ දෙන බව සොයා ගෙන තිබේ. ඒ අනුව ලෙමන්වල තිබෙන ස්වභාවික පැඟිරි යුෂ මඟින් පියයුරු පිළිකා සෛල වර්ධනය අවම කර ගැනීමේ ශක්තියක් පවතින බව අනාවරණය කර ගෙන ඇත.

ලෙමන් සහ පැඟිරි යුෂ අඩංගු පලතුරු මඟින් පියයුරු පිළිකා මර්දනය කිරීමට මෙන්ම වළක්වා ගැනීමේ හැකියාව ද පවතී. ඒ වගේම දෛනිකව නැවුම් පලතුරු අපේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් පියයුරු පිළිකා හට ගැනීමේ අවදානම අවම කර ගැනීමට ද හැකියාව පවතී.

එවගේම පියයුරු පිළිකා මැඬීම සඳහා දෙළුම් ඇටවල විශේෂ ගුණයක් පවතින අතර දෙළුම් දෛනිකව ආහාරයට ගැනීමෙන් අසාමාන්‍ය සෛල බෙදීම අවම කර පියයුරු පිළිකා වැලඳීම අවම කර ගත හැකි වේ.

ස්ථන එල්ලා වැටීම හෙවත් අකාලයේ පියයුරු එල්ලා වැටීම

පියයුරු කාන්තා සිරුරට ආභරණයක් වැනියැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ. කෙනකුගේ උස, මහත දේහ ස්වභාවය අනුව පියයුරු වෙනස් බවක් ගනී. එහෙත් පියයුරුවල ප්‍රමාණය හා ස්වභාවය මොන වගේද යන්න මෙහිදී වැදගත් නොවන අතර යමකුට ලැබුණු ශරීර ස්වභාවය අනුව ජාතිය පෝෂණය කිරීම උදෙසා තනකිරි සැපයීම තුළින් පියයුරු මහත් අමිල සේවාවක් සපයයි.

 

ආයුර්වේද වෛද්‍ය හා ඡ්‍යොතිර්විද්‍යා විශාරද

ආචාර්ය

ප්‍රභාත් සී.ඒ. ගමගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.