වකුගඩු රෝගයෙන් ආරක්ෂා වෙමු

ජනවාරි 15, 2021

වකුගඩු රැක ගැනීමට ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම, ජලය රැස් කිරීමට මෙන්ම ආහාර පිසීමට මැටි බඳුන් භාවිත කිරීම , දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි නිදන්ගත රෝග පාලනය කිරීම, වෛද්‍ය උපදෙසින් තොරව ඖෂධ භාවිතා නොකිරීම, මුත්‍රාවේග දරා සිටීමෙන් වැළකීම, මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතයෙන් වැළකීම, අධික ලුණු යෙදූ ආහාර සීමා කිරීම, කෘත්‍රිම පාන වර්ග භාවිතා නොකිරීම කළ යුතු වේ.

 

අපගේ ජීවිතයේ නිරෝගී පැවැත්ම උදෙසා වකුගඩු සුවිශේෂී කාර්යයක් ඉටුකරනු ලබයි.

වකුගඩු (වෘක්ක) මඟින් සිරුරේ නයිට්‍රජන් අපද්‍රව්‍ය බැහැර කිරීම සිදු කරයි. සිරුරේ ලවණ සමතුලිතතාවය පවත්වාගනු ලබයි. ශරීරයට ඇතුළු වන විෂ කොටස් බැහැර කරයි. හෘදය නිරෝගීව පවත්වා ගැනීමට මෙන්ම රුධිර පීඩනය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරයි.

වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකරන විට රෝගී තත්ත්වයට පත්වී අවසානයේ මරණය පවා ගෙන දේ. දැනට දිනකට ශී‍්‍ර ලංකාවේ 15 දෙනෙක් පමණ මේ රෝගයෙන් මරණයට පත්වේ.

උතුරු මැද පළාතේ මෙන්ම වයඹ පළාතේ පොල්පිතිගම මෙම රෝගය බහුලව පවතී.

වකුගඩු රෝග ලක්ෂණ

තුනටිය දෙපස වේදනාව, ඇස්යට, වළලුකර පාද හෝ මුළු සිරුරම ඉදිමීම, මුත්‍රා පිට නොවීම. වැඩිපුර මුත්‍රා පිටවීම, මුත්‍රා සමඟ ලේ පිටවීම, හුස්ම ගැනීමේ අපහසුව, සිහිය අඩුවීම, රුධිර පීඩනය වැඩිවීම, ශරීරයේ කැසීම ඇතිවීම, ශරීරයේ ලේ අඩුවීම, පෙනීමේ දුර්වලතාවය දැක්විය හැකිය.

වර්තමානයේ වකුගඩු රෝග බහුලවීමට හේතු

දියවැඩියාව , අධික රුධිර පීඩනය නිසි ලෙස පාලනය නොකිරීම, දීර්ඝ කාලීනව රෝග සඳහා ඖෂධ භාවිතය විශේෂයෙන් (ව්ඉඒඹ්ච්ඉ) වකුගඩු ආශි‍්‍රත ප්‍රදාහ තත්වයන්, මුත්‍රාගල් අර්බුද, පිරිමින්ගේ පුරස්ති ග්‍රන්ථි ආශි‍්‍රත ඉදිමීම් තත්වයන්, උපතින්ම ඇතිවන වකුගඩුවල අසාමාන්‍යතා අධික ලෙස කෘෂි රසායනික භාවිතය නිසා ආසනික්, කැඩ්මියම්, රසදිය, ඊයම්, තඹ, ආදී බැර ලෝහ වර්ග ශරීරගතවීම ලවණ, කිවුල සහිත අපිරිසුදු ජලය නිතර පානය කිරීම, අධික ලෙස මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතය, කෘත්‍රිම රසකාරක, වර්ණකාරක යෙදු ආහාරපාන නිතර පාරිභෝජනය කිරීම, ප්‍රමිතියෙන් අඩු ප්ලාස්ටික් , ඇලුමිනියම්, භාජන භාවිතා කිරීම සර්ප දෂ්ඨය (විශේෂයෙන් පොළොන් දෂ්ටය) මඟින් විෂ ශරීර ගතවීම, වකුගඩු රෝග බහුල වීමට හේතු බව ආයුර්වේදයේ සඳහන් වේ.

වකුගඩු රැක ගැනීමට ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම, ජලය රැස් කිරීමට මෙන්ම ආහාර පිසීමට මැටි බඳුන් භාවිත කිරීම , දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි නිදන්ගත රෝග පාලනය කිරීම, වෛද්‍ය උපදෙසින් තොරව ඖෂධ භාවිතා නොකිරීම, මුත්‍රාවේග දරා සිටීමෙන් වැළකීම, මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතයෙන් වැළකීම, අධික ලුණු යෙදූ ආහාර සීමා කිරීම, කෘත්‍රිම පාන වර්ග භාවිතා නොකිරීම කළ යුතු වේ.

තම ප්‍රදේශයේ ගෙවතුවල වගා කරන වස විෂෙන් තොර එළවළු පලතුරු පාරිභෝජනයට ගත යුතුය.

පොල්පලා , නීරමුල්ලිය, රණවරා තම්බා පානය කිරීම කළ යුතු වේ.

සාරණ , අක්කපාන, කෝමාරිකා, පතෝල, මුරුංගා , වැටකොළු, එළබටු ,අවර ලබු, කැකිරි, පුහුල්, පිපිඤ්ඤා , කටු අනෝදා, පැණිකොමඩු, නෙල්ලි යන එළවළු හා පලතුරු. ආහාරයට එක්කර ගත යුතු වේ.

වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වකුගඩු රෝග නිවාරණ ව්‍යාපෘතිය , ප්‍රජා සෞඛ්‍ය අංශයේ අත් පත්‍රිකාවක් ඇසුරින් සකස් කළේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.