ආහාරපාන හා වැරදි පුරුදු නිසා ඇති වන රෝග

ජනවාරි 8, 2021

ලෙඩක් දුකක් නැතිව ජීවිතය දිනන්නට අපි කවුරුත් කැමතියි. ගුදයේ ඇතිවන රෝග බොහොමයකට හේතු වී ඇත්තේ ආහාරපාන හා අහිතකර හැසිරීම් බව ඔබට අමුතුවෙන් කිව යුතු ද?

විශේෂයෙන් මළ පිටකිරීම නිසි පරිදි සිදු නොකිරීම ගුද රෝග රාශියකට හේතුවෙන අතර, කුඩා කල සිටම දිනකට වරක් මළ පිට කිරීමට පුුරුද්දක් ඇතිකර ගැනීමත් නිතර පළා වර්ග පලතුරු වර්ග ආහාරයට ගැනීමත් වඩා සුදුසු අතර, ජලය පානයක් ඉතාම වැදගත් වේ. අපි දැන් මේ රෝගය පිළිබඳව දැනුම්වත් වෙමු.

ආහාර හා වැරදි පුරුදු

මිරිස් හා කුළුබඩු අධිකව යෙදූ ආහාර අච්චාරු, බලමාළු, සැමන්, උෂ්ණාධික කරවල, මස්, තක්කාලි, ඉස්සන්, ඇටවල්ලන්, කකුළුවන් , ආහාරයට ගැනීම කෝඩියල් හා කෘත්‍රිමව සාදන ලද ආහාරපාන ගැනීමද කොළ වර්ග හා කෙඳි සහිත ආහාර නොගැනීමද දැඩි ආසනවල බොහෝ වේලා වාඩිවී සිටීම ද අධික බර ඉසිලීම, මල පිට නොකර සිටීම, තැටමීම ඉසිලීම, මල පිට නොකර සිටීම, මස් වර්ග නිතර ආහාරයට ගැනීම නොකළ යුතුයි. එමගින් ගුදගත රෝග වළක්වා ගත හැකිය.

ගුදය ආශි‍්‍රත රෝග කිහිපයක්

අර්ශස්, භගන්දර, පරිකර්තිකා , ගුදකණ්ඩු, ගුදපිඩකා, අර්බුද, ගුදභ්‍රංග නම් වේ.

අර්ශස්

අද බහුලව දකින රෝගයක් වන මෙය සතුරකු මෙන් තම පසුපස එන යන අදහසින් අර්ශස් නම් වේ.

ගුදයේ ගෙඩි මෙන් දක්නට ලැබෙනු ඇත, ඇතැම් විට මේ ගෙඩි ගුද මාර්ගය ඇතුළතත් දැකිය හැකිය. මෙහිදී මලබද්ධය දකින්නට ලැබෙන අතර, මළ පිටවූ පසුත් නැවත මළ පිට කිරීමට අවශ්‍ය වෙනවා. ඇතැම්විට ගුද මාර්ගයෙන් ලේ පිට වෙන්නත් පුළුවන්.

භගන්දර

මෙම රෝගත් දැන් බහුලව දකින්නට ලැබෙනවා. විශේෂයෙන් ගුදයට ඉතා නුදුරින් පවතින සැරව සහිත පිඩකාවක් (තුවාලයක්) දැකිය හැකි අතර, එය සුව වීම හා නැවත සෑදීම මෙහි ලක්ෂණයකි.

මෙය ඇතුළට කාණුවක් ලෙස තිබෙන අතර, මෙය ගුද මාර්ගයට හෝ යෝනි මාර්ගයට සම්බන්ධ වෙන්නත් පුළුවන්.

මෙය බොහෝ වේලා තද මතුපිටක වාඩිවී සිටින අයට සෑදිය හැකි තත්ත්වයක්. මෙය භගන්දර නම් වන අතර, මේ සඳහා ප්‍රතිකාර කිරීමේදී ශල්‍ය උපකරණ භාවිත කිරිමට අවශ්‍ය වෙනවා.

පරිකර්තිකා

තද (වියළි) මළ නිසා ගුදයේ ඉරීයාමක් (පැලීමක්) ඇතිවිය හැකියි. මෙහිදී මළ පිටවන විට තද වේදනාවක් ඇති වන අතර, ලේ බිංදු දෙක තුනක් පිට විය හැකියි. මෙය ගුදයේ තුවාලයක් ඇතිවන අවස්ථාවකි.

ගුද භ්‍රංශ

ගුද මාර්ගය බාහිරව ඈත්වීම ගුදභ්‍රංශ යනුවෙන් හැඳින්වේ. ආහාර ගැනීමෙන් පසු මළ වරින්වර පිටවීම ගුදයේ ශල්‍ය කර්මවලින් පසු මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය.

ගුද කණ්ඩු

ගුද ප්‍රදේශය නිතර අපිරිසුදු වන තැනක් නිසා පිරිසුදුව තබා ගැනීම කළ යුතුයි. දහඩිය දැමීම අපිරිසුදු බව කිරිපණු හා දියවැඩියා රෝග නිසාත් අප ගන්නා උෂ්ණාධික ආහාර නිසාත් මේ ප්‍රදේශයේ කැසීම් ඇතිවේ.

ගුද පිඩකා

අපිරිසුදු බව හා කැසීම නිසා සැරව ගෙඩි ( පිඩකා) ඇති විය හැකිය.

අර්බුද ( පිළිකා)

ගුදයේ ඇතිවිය හැකි භයානකම රෝගයක් ලෙස අර්බුද ( පිළිකා) හැඳින්විය හැකිය. මේවා ඇති විටද ගුදයෙන් රක්තය වහනය වේ. මේ නිසා ගුද මාර්ගයේ ඇතිවන මෙවැනි රෝග ලැජ්ජාව නිසා හෝ නොසලකා හරින්නට හොඳ නැත.

මේ සඳහා හිතුමතයට ඖෂධ ලබා ගැනීමත් අද බෙහෙවින් දක්නට ලැබෙන දෙයක්. එසේ කළහොත් මෙම රෝගයන්ට නිසි ප්‍රතිකාර නොලැබී යන්න පුළුවන්.

පවත්නා රෝග තත්ත්වය උග්‍ර වන්නත් පුළුවන්. අප කළ යුත්තේ මෙවැනි රෝගයන් ඇත්නම් ආරම්භයේදීම සුදුසු වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ලබාගැනීමත් මෙවැනි රෝගවලින් වැළකීම සඳහා මෙම ක්‍රම අනුගමනය කිරීමත් ය.

මළබද්ධය වළක්වා ගැනීම සඳහා වැඩිපුර ජලය පානය, කෙඳි සහිත ආහාර ගැනීම දැඩි ආසනවල නිතර බොහෝ වේලා හිඳගෙන නොසිටීම.

ගුද ආශි‍්‍රතව රෝගාබාධයක් ඇත්නම් නොපමාව පළපුරුදු සුදුසු වෛද්‍යවරයකු ලවා පරික්ෂා කරවාගෙන ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුය.

ස්වභාවික ආහාර පාන ගැනීම

කෙඳි සහිත ආහාර සඳහා පළා වර්ග වැඩිපුර ගැනීම උදා :– කොහිල දළු, කොහිල අල, කෙසෙල් මුව , කෙසෙල් බඩ ,තෙබු, වැටකොළු, මුකුණුවැන්න, වැනි පලාවර්ගයන් ආහාරයට එක්කර ගන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.