කොරෝනා අතරතුර ඩෙංගු පැතිරීම වැඩි වෙන්නත් පුළුවන්

ජනවාරි 8, 2021

‌ෙ‌ඩංගු රෝගය පිළිබඳව මේ වනවිට අපේ රටේ විශාල වශයෙන් දැනුවත් කිරීම් කර තිබුණත් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් මිස අඩුවීමක් නොපෙන්වයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය කීට විද්‍යාඥ “බුපේන්ද්‍රනාත් දාත්පාල්” මහතා ඩෙංගු මදුරුවන් පාලනය කළ හැකි හොඳම විසඳුම ලෙස ප්‍රකාශ කරන්නේ මදුරුවෙක් වීමට කලින් ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීමට පියවර ගතයුතු බවයි. ඕනෑම මදුරුවෙකුගේ ජීවන චක්‍රය බිත්තර, කීටයා, පිලවා සහ සුහුඹුල් මදුරුව‌ා වශයෙන් අවස්ථා හතරකින් යුක්තයි. මෙයින් මදුරුවෙකුගේ ජීවන චක්‍රයේ මුල් අවස්ථා තුනම ගත වන්නේ ජලයේ නිසා බිත්තර හෝ කීටයා හෝ පිලවා හෝ විනාශ කිරීම වඩාත් ප්‍රතිඵලදායක බව මෙම කීට විද්‍යාඥයාගේ අදහසයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව සෑම රටකම

දැනටමත් ඩෙංගු මදුරු මර්දනයට ක්‍රියාත්මක වන්නේ එම ක්‍රමවේදය වුවද අදටත් අපේ රටේ ‌බොහෝ ගෙවතු වලින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන දහයකට වඩා සොයාගත හැකිවීම ‌කනගාටුදායක තත්ත්වයකි. මේ නිසාම සෑම නිවසකම, පාසලකම, රජයේ ආයතනයකම සාමාජිකයන් සතියකට වරක් බැගින් හෝ නොකඩවාම මදුරුවන් ‌බෝවිය හැකි අවදානම් ස්ථාන සියල්ල සම්පූර්ණයෙන්ම පිරිසිදු කළ යුතු බව ජාතික වගකීමක් ලෙස සැළකිය යුතුය.

මදුරුවන් බෝවිය හැකි ස්ථාන හොඳීන් පිරිසිදු කරන්න.

ඩෙංගු මදුරුවන්ගේ බිත්තර දැමීමේ රටාව අන් කෘමි සතුන්ට වඩා බොහෝ වෙනස්ය. ‌ඩෙංගු මදුරුවාට බිත්තර දැමීමට කිසියම් ජල බඳුනක හෝ ජලය රැඳෙන මල් පඳුරක හෝ ඉතා සුළු ජල ප්‍රමාණයක් තිබීම පවා ප්‍රමාණවත්ය. මොවුන් බිත්තර දමන අවස්ථාවේදී පිටුපස පාද යුගලයෙන් තද කරමින් බිත්තර එම බඳුනේ පෘෂ්ඨය මත ඇලවීම සිදු කරයි. මෙලෙස බිත්තර

දැමීමට ඔවුන් තෝරා ගන්නේ ද සෘජුව හිරු රශ්මිය පතිත නොවන ආවරණිත වූ ස්ථාන හා මාධ්‍යයන්ය. මෙලෙස අලවන බිත්තර වසරක් වුවත් ජලය නොමැතිව ආරක්ෂිතව පවතින අතර සුළු වර්ෂාවක් හෝ ක්‍රියාත්මක වීමෙන් බිත්තර පිපිරී මදුරුවාගේ ජීවන චක්‍රය ක්‍රියාත්මක වෙයි. මෙලෙස කුඩා වපසරියක පරිසරයක් තුළ මදුරු බිත්තර ලක්ෂ ගණනක් ජල ටැංකි, කානු, මල් පඳුරු, කුරුලු ජල බඳුන්, වැහිපිහිලි, ඉවත දමන ප්ලාස්ටික් බඳුන්, යෝගට් කෝප්ප, වීදුරු බෝතල්, කිරි හට්ටි, පොල් කටු, සැමන් ටින්, බෝතල් මූඩි, බෙලි කටු, අලිපේර ලෙලි, බිත්තර කටු, රඹුටන් ලෙලි, තැඹිලි කෝම්බ, මැංගුස් ලෙලි වැනි ජලය ස්වල්පයක් හෝ රැඳෙන ස්ථානවල මදුරුවන් බෝවීම පහසුවෙන්ම සිදුවේ. ගෙවත්තේ තිබෙන මදුරුවන් බෝවීමට ඉඩ ලබාදෙන කිසියම් බඳුනක් පිරිසිදු කරන විට ඒ සඳහා බ්‍රෂ් එකක් භාවිත කරමින් තදින් අතුල්ලා ශුද්ධ කිරීම තුළින් මදුරුවන් ඒ මත අලවා ඇති බිත්තර ද විනාශ කළ හැකිය.

මෙලෙස මදුරුවන් බෝවිය හැකි මාධ්‍යය නිසි ලෙස ගෙවත්තෙන් ඉවත් කිරීමත්, විනාශ කර දැමීමත් නිසි ලෙස සිදු කරන්න.

ඩෙංගු රෝගය වරක් වැළඳුන කෙනෙකුට නැවතත් වැළඳීය හැකිද?

එසේ විය හැකියි. ඊට හේතුව ඩෙංගු වෛරසයේ ආකාර හතරක්

පැවතීමයි. එනම්, ච්ඡ්ව්ඍ 1. ච්ඡ්ව්ඍ 2. ච්ඡ්ව්ඍ 3. ච්ඡ්ව්ඍ 4. වශයෙනි. මෙයින් කුමන

හෝ එක් වෛරස් ආකාරයක් නිසා ඩෙංගු රෝගය වැළඳුණු අයෙකු නැවත වෙනත් වෛරස් ආකාරයකින් ඩෙංගු රෝගයට නතු වීමට හොඳටම ඉඩ ඇත.

මේ අනුව එක් පුද්ගලයෙකුට ඩෙංගු වැළඳීය හැකි ආකාර පැහැදිලිවට හතරක් තිබේ. මේ නිසාම ඩෙංගු යනු ලොව භයානකම මාරාන්තික රෝග වලින් එකකි.

පවුලේ කෙනෙකුට ඩෙංගු රෝගය වැළ¼දී ඇත්නම්, ඩෙංගු රෝගය වැළඳුන අයෙකුට දෂ්ට කළ මදුරුවෙක් වෙනත් අයෙකුට දෂ්ට කළහොත් එම තැනැත්තාට ද රෝගය වැළ¼දීමට හැකි සම්භාවිතාව ඉතාම ඉහළය. රෝගියාගෙන් උරා බිව් රුධිරය දින 7 – 10 ක් තුළ දී මදුරුවාගේ සිරුර තුළින් ඩෙංගු වෛරසය මතු කරයි. ඩෙංගු වෛරසය ආසාදනය වූ එවන් මදුරුවෙකු දෂ්ට කළ පුද්ගලයාට නිසැකවම ඩෙංගු උණ රෝගය වැළඳේ. මේ නිසා ඩෙංගු රෝගියෙකු සිටින නිවසක ජීවත්වන අන් අයත්, රෝගියාත් රාත්‍රී

නින්දේ දී මදුරු දැලක් භාවිත කළ යුතුමය. නැතහොත් සුදුසු මදුරු විකර්ෂක ක්‍රමයක් භාවිත කළ යුතුමය.

ඩෙංගු රෝගියෙකුට ඇතිවිය හැකි සංකූලතාවල ස්ව‍භාවය.

උණ ගැනීම දින 3 – 7 අතර කාලයේ සුව වෙයි නම් රෝගියා සුවය ලබයි.

ඇතැම් රෝගීන්ට දින තුනකින් පසු දරුණු තත්ත්වයන් ඇති වේ.

රුධිරවාහිනීවල ඇති තරල උදරයට, පෙණහලුවලට හා වෙනත් මෘදු පටක වලට කාන්දු වීම සිදුවන අවස්ථාවේ දී අත් හා ඇඟිලි ඉදිමුණු ස්වභාවයක් ගනී.

රුධිරයේ පට්ටිකා කැටි ගැසීමේ හැකියාව දුර්වල වීමේ තරම අනුව රෝගියා දත් මදින විට විදුරුමස් වලින් රුධිරය වහනය වීම සිදුවෙයි.

රෝගියාගේ ශරීරයේ රතු රුධිරාණු අගය ඉහළ නැංවෙන අතර රුධිර පීඩනය පහත වැටෙයි. මෙහිදී රෝගියා වික්ෂිප්ත බවට පත්වෙයි.

මෙවන් විටක රෝගියා වෛද්‍ය උපදෙස් මත ප්‍රමාණාත්මකව සජලනය කළ යුතුය. (අධිමාත්‍රාවෙන් සජලනය කිරීමෙන් ද ගැටලු ඇතිවිය හැකි නිසා වෛද්‍ය උපදෙස් අනුව මෙය සිදුකළ යුතුය.)

ආමාශය තුළ රුධිරය ගැලීම නිසා උදරයේ වේදනාව ඇති වේ. මෙහිදී අක්මාවට ද බලපෑම් ඇති වේ. කලාතුරකින් මොළයට හා හෘදයට ද බලපෑම් එල්ල වේ. ඇස්වල පෙනීම දුර්වල වීමට පටන්ගනී. මෙවැනි තත්ත්වයන් වලදී ඉතා සුළු රෝගීන් ප්‍රමාණයක් අවදානමකට ලක්වන

අතර නියමිත සායනික ප්‍රතිකාර වලින් බොහෝ රෝගීන් සුවය ලබයි.

රුධිර වාහිනී වලින් පිටතට කාන්දු වූ තරල නැවත රුධිරවාහිනි වලට කාන්දු වීම සිදුවේ. මෙහිදී පෙනහලු වලට අයහපත් තත්ත්වයක් ඇතිවිය හැකියි.

ශරීරයේ පලු දැමූ තැන් කසන්නට පටන් ගනී. එම තත්ත්වය සුව වීමට සතියක් පමණ ගතවේ.

ඩෙංගු රෝගයෙන් සුවපත් වූ රෝගීන් නැවත රුධිර පරීක්ෂාවකටත්,අක්මා පරීක්ෂාවකටත් මුහුණ දිය යුතුය. එහි ප්‍රතිඵල යහපත් නම් රෝගියා සෙමින් සුවය ලබයි.

මදුරුවන් ගැන මේ අපූරු තොරතුරු අවධානයට ගන්න.

ගැහැණු මදුරුවා ඔවුන්ගේ දේහ බර මෙන් තුන් ගුණයක් හා සමාන රුධිර ප්‍රමාණයක් එක් වරකට උරාගනී.

ප්‍රජනන කාර්යයට දායක වීමෙන් පසු පිරිමි මදුරුවා ජීවත් වෙන්නේ දින පහක් තරම් කාලයක් වුවද ප්‍රශස්ත උෂ්ණත්වය තුළ ගැහැණු මදුරුවෙකුට මාස දෙකක් පමණ කාලයක් ජීවත් විය හැකිය.

මිනිසාගේ රුධිරය උරා බොන්නේ ගැහැණු මදුරුවන් පමණී. ශාක යුෂ උරා බී ගැහැණු මදුරුවන්ට ද ජීවත් විය හැකිමුත් තම වර්ගයා බෝ කිරීමට අවශ්‍ය බිත්තර වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන් ලබා ගැනීමට නම් මිනිස් රුධිරය උරා බීම කළ යුතුම වේ.

මදුරුවන් අප සිටින ස්ථානය සොයා ගන්නේ අපගේ ප්‍රාශ්වාස වාතයේ අඩංගු කාබන්ඩයොක්සයිඩ් සහ අපේ දහදිය වල අඩංගු ලැක්ටික් අම්ලය සංවේදනය කිරීමෙනි. මේ හැරෙන්නට මිනිස් දේහයේ උෂ්ණත්වය ද ඔවුනට සංවේදනය වන අතර අපගේ චලනයන් මඟින් පවා අප සොයා ඒමට හැකිය.

මදුරුවෝ තමන් බිහිවූ ස්ථාන ඇතුළත අවටම ජීවත් වීමට කැමැත්තක් දක්වයි. බොහෝ විට බිහි වූ ස්ථානයේ සිට කිලෝමීටර් 5 ක් තුළ ද ඔවුන් සැරිසරයි. මදුරුවන්ගේ පියාසර වේගය දල වශයෙන් පැයට සැතපුමකි. සුළං වලට අසුවීම වැළැක්වීම පිණිස ඔවුන් ඉතා පහළින් පියාසර කරයි.

ගැහැණු මදුරුවා අවශ්‍ය තරම් මිනිස් රුධිරය උරාබිව් පසු දින පහක් පමණ උණුසුම් ස්ථානයක රැඳී සිටී. ඒ බිත්තර මේරීම සඳහාය.

ගැහැණු මදුරුවෙකු බිත්තර දැමූ විගස ඒවා සුදු පැහැතිය. දිනක් ඇතුළත එම බිත්තර අඳුරු පැහැයට හැරෙයි. දින තුනක දී බිත්තර වලින් “කීටයෝ” බිහිවෙති.

ජලය නොමැති තැනක් නම් වසරක කාලයක් වුවද බිත්තර ආරක්ෂා වී පවතී. වැසි කාලයේ දී හෝ ගංවතුර තත්ත්වයක දී හෝ ජලය ලද සැනින් ඒවායේ ජීව ක්‍රියාවලිය ආරම්භ වේ.

ගැහැණු මදුරුවා හා පිරිමි මදුරුවෙකු අතර ප්‍රජනන ක්‍රියාවලියෙන් පසු දින තුනකට වරක් බැගින් තුන් වරක් බිත්තර දමයි. වරකට එකට ඇලුණු බිත්තර 50 – 200 දක්වා ගණනක් ගැහැණු මදුරුවෙකු විසින් බිහිකරයි.

මදුරු විශේෂ 3500 ක් පමණ ලොව ජීවත්‌ෙ ව්. සමහර මදුරු විශේෂ ජලය නොතිබුණ ද තරමක තෙතමනයක් සහිත තැනක වුවද බිත්තර දමයි.

මදුරු කීටයන් ආහාර ලෙස ගන්නේ ජලයේ වෙසෙන බැක්ටීරියා, ක්ෂුද්‍ර ජීවින් හා ඇල්ගී විශේෂයි. ඇතැම් අවස්ථාවල ඔවුන්ම ඔවුන්ගේ ආහාරය බවට පත්වන අවස්ථා ද පවතී‍.

කීටයෝ පිලවුන් බවට පත්වීමේ දී සිව් වතාවක් පමණ “හැව ඇරීම” සිදු කරයි. සාපේක්ෂව විශාල හිසක්, කුදු ගැහුණු ශරීරයක් හිමි පිලවාට ජලය මත පිහිනය හැකි උපාංග ද සියුම්ව පිහිටයි. අනතුරක ඉඩ වැටුණු විට ජලයේ යටට පිහිනා යයි. පිලා අවදියේ දී කිසිවක් ආහාර ලෙස නොගන්නා අතර පිලවෙකුගේ සිරුර මිලිමීටර් 5 – 6 පමණ දිගුය. (පිලවා යනු මදුරුවෙකුගේ යෞවන වියයි.)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.