සන්ධි රෝග පාලනයට නිවැරදි ඉරියව් පවත්වා ගන්න

ජුනි 19, 2020

බෝවන රෝග පිළිබඳ ව අපි විශේෂයෙන් අවධානය යොමු කරමින් සිටිමු. බෝනොවන රෝග අමතකර දමන්නේ පවත්නා ලෝක  තත්තවය යටතේ බියෙනි. බෝනොවන රෝග අමතක කර දැමීම සෞඛ්‍යයට හිතකර නොවේ. ඉන් අත්වන ප්‍රතිපල දිගුකාලිය. පවතින තත්ත්වයට මුහුණ දෙමින් බෝ නොවන රෝග පාලනය කරගත යුතුය.

කාන්තා පුරුෂ භෙදයකින් තොරව සන්ධි ආශි‍්‍රත වේදනාවන් හා රෝගීතත්ත්වයන් වර්තමානයේ බහුලව දක්නට ලැබේ.විඳීන්නට සිදුවන පීඩාකාරී තත්ත්වයන්හිදි බොහෝ දෙනා සිදු කරනුයේ වේදනාවන් සමනය කර ගැනීම සඳහා ආලේපන හෝ වේදනා නාශක භාවිතකිරීමයි‍. 

වර්තමානයේ දක්නට ලැබෙන සන්ධි ආශ්රිනත රෝගී තත්ත්වයන් අතර උරහිස් සන්ධි හා බෙල්ල අශි‍්‍රත වේදනා, කොන්ද අශි‍්‍රත වේදනා විලුඹ හා දණහිස් සන්ධි ආශි‍්‍රත තද බල වේදනා තත්ත්වයන් ප්‍රධාන වේ. මැණික් කටුව හා වළළු කර ආශි‍්‍රත පොකුරු සන්ධිවල ඇති වන වේදනා අධික පීඩා කාරීවන අතර මේකිසිදු වේදනාකාරි තත්ත්වයක් නොසලකා හැරිය නොහැක. එම තත්ත්වයන් නොසලකා හැරීමෙන් රෝගි තත්ත්වය උත්සන්නවී අධික වේදනාව සිරුර පාලනය කර ගැනිමේ හා හැසිරවීමේ අපහසු තා ඇතිවී පුද්ගලයා අසීරුතාවයට පත්වේ.

සන්ධි ආශි‍්‍රතව වැළැඳෙන රෝගී  තත්ත්වයන් බොහෝ මයකට හේතුවී ඇත්තේ වැරැදි ඇවැතුම් පැවැතුම් හා ආහාර විහරනයන්ය. නිවැරදි ඉරියව් භාවිතය හා නිවැරදි ආහාර පුරුදු රෝගීතත්වයෙන් මිදී පී‍්‍රතිමත් දිවියක් ගෙවීමට උපකාරීවේ. බොහෝ සන්ධි ආශි‍්‍රත රෝගී තත්ත්වයන් වයස අවුරුදු 35 -40 වන විට ඇතිවන අතර නොසලකා හැරීම හේතුවෙන් උත්සන්න වේ. වැඩි ප්‍රමාණයක් සන්ධි ආශි‍්‍රත රෝගී තත්ත්වයන් පිළිබඳ පැමිණිලි කරන්නේ කාන්තාවන් විසිනි. එයින්ද කාර්යාල සේවයෙහි යෙදෙන කාන්තා පුරුෂ දෙපිරිස ප්‍රධානය. ඒ හැරුණු විට  එකම ඉරියව්වෙන් වැඩ කරන පිරිස් මෙන්ම අධික වෙහෙසෙන පිරිස්ද සන්ධි ආශි‍්‍රත රෝගයන්ට ‍ගොදුරුවේ. 

සන්ධියක් යනු අස්ථි දෙකකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වන තැනකි. චලනය වන සන්ධි මෙන්ම චලනය නොවන සන්ධි ද තිබේ. සිරුරේ ස්ථාවරත්වය ශක්තිය හා කි‍්‍රයාකාරකම් පහසුකර වීම සඳහා අස්ථි උපකාරීවේ. සිරුරේ බර දරා සිටීමේ කි‍්‍රයාවලිය අස්ථි මගින් සිදු කරනු ලබයි. චලනය වන අස්ථි කෙළවර තරුණාස්ථි නම් මෘදු පටකයක් පවති.  ඒ බැඳී ඇති ලසිකා මඟින් අස්ථිය ලිස්සා යෑම සිදු කරවයි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.