රස නීරස හා ගඳ සුවඳ පංච ඉන්ද්‍රිය පිනවීම තුළ අප විඳිනුයේ රසයකි

ඔක්තෝබර් 11, 2019

සංවේදී ග්‍රාහක පද්ධතියට අයත් ජීවනකාර්ය තුළ බාහිර හා අභ්‍යන්තර පරිසරය සමඟ පවතිනා අන්තර් සම්බන්ධතාවය පවත්වාගෙන යාම සඳහා වූ දායකත්වය දෙන සංවේදක පද්ධතිය වේ. මේ තුළ එනම් ප්‍රතිග්‍රාහක ඉන්ද්‍රියන් වන පසිඳුරන් වනුයේ,

සම – ස්පර්ශය (උණුසුම, සීතල ,වේදනාව)

ඇස – දැකීම

කන – ඇසීම

දිව – රස

නාසය – ගන්ධය

එම ප්‍රතිග්‍රාහක ඉන්ද්‍රිය හා මොළය අතර සබඳතාවය පවත්වා ගනු ලබන්නේ ස්නායු පද්ධතිය මගින්ය. අප ජීවත්වීම අපේ මේ ප්‍රධාන ක්‍රියාවලිය හරහා සම්බන්ධ වන සංවේදන පද්ධතිය තුළ දක්නට ලැබෙන සංවේද ප්‍රතිග්‍රාහයන් ප්‍රධාන කොටස් කීපයක් වේ.

රසායනික සංවේදී ප්‍රතිග්‍රාහක

දේහයේ හා පරිසරයේ රසායනික වෙනස්කම් වලට සංවේදීවේ. ප්‍රධාන වශයෙන් ගන්ධ හා රස සංවේදී ප්‍රතිග්‍රාහකයන් මේ යටතට අයත් වන අතර, ඊට අමතරව දේහ අභ්‍යන්තරයෙහි සිදුවන කාබන්ඩයොක්සයිඩ් , ග්ලූකෝස්, හයිඩ්‍රජන් , අයන වැනි විවිධ රසායනිකයන්ගේ සිදුවන වෙනස්කම් හඳුනාගැනීම සඳහා ද අදාළ ස්ථානවල ඊට සංවේදී ප්‍රතිග්‍රාහකයන් පිහිටා ඇත.

වේදනා ප්‍රතිග්‍රාහක .

යාන්ත්‍රික , විද්‍යුත්, තාප හෝ රසායනික වශයෙන් පටකවල සිදුවන වෙනස්කම් සඳහා සංවේදී ප්‍රතිග්‍රාහක

උදාහරණ – සම

යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක

දේහයේ විවිධ ස්ථානවල සිදුවන යාන්ත්‍රික වෙනස්කම් වලට සංවේදී ප්‍රතිග්‍රාහක මේවා පීඩන ප්‍රතිග්‍රාහක හා ආතනික ප්‍රතිග්‍රාහක වශයෙන් දෙයාකාර වේ.

ආලෝක ප්‍රතිග්‍රාහක

ආලෝකයට සංවේදී ප්‍රතිග්‍රාහකයන් වේ. මේවා ඇස්වල පිහිටා ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය
නිරූපා සංජීවනී රත්නායක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.