වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
විෂ විය හැකි ඔසු සංයෝග
අද වෙළෙඳ පොළේ මොන තරම් ජීර්ණ ගැටලුවලට ගුණදායක ඔසු තිබෙනවාද? මෙලෙස ඔසු නිෂ්පාදනය වී ඇත්තේ සමාජයේ එපමණටම උදරය සම්බන්ධ ගැටලු ඇති නිසයි.
ආහාර තෝරා බේරා ගැනීමක් නැතිව හිතුමතේ ඕනෑම වේලාවක ප්‍රමාණය, ගුණය ගැන නොසිතා ගැනීම මීට එක් හේතුවකි. එපමණක් නොව ඇතමුන් රෝගාබාධවලට දෙන ඖෂධ පවා ගන්නේ තමන්ට අවශ්‍ය පරිදි හිතු මතයටය. හිත මිතුරන්, කාර්යාල සේවකයන්, අසල්වැසියන් ගන්නා ඔසු වෛද්‍යවරයකුගෙන් නොවිමසා හිතුමතයට ගැනීම වැඩි දෙනකු කරන වරදකි. මෙය බටහිර මෙන්ම ආයුර්වේදීය ඔසු සම්බන්ධයෙන් ද සත්‍යයකි.
ආයුර්වේදයට අනුව සෑම ආහාරයකටම ඊට ආවේණික රසක්, සීත හෝ උණුසුම් ශක්තියක් සහ ජීර්ණයෙන් පසු පත් වන ස්වභාවයක් ඇත. ආහාර වර්ග දෙකක ඇත්තේ වෙනම රසයන්ය. ගුණයන්ය. ජීර්ණයෙන් පසු පත් වන වෙනස්ම ස්වභාවයන්ය. මේවා නොගැළපුණොත් ජීර්ණයෙන් පසු විෂ නිපදවෙයි. වෙන් වෙන්ව ගත් විට හොඳින් ජීර්ණ ක්‍රියාවලිය සිදුවන ඇතැම් ආහාර එකට ගත් විට සිරුරට අහිතකර වෙයි.
උදා: කිරි, කෙසෙල් සමඟ කෑමට ගත් විට විෂ නිපදවෙන අතර අසාත්මිකතා, සෙම, පීනස, සෙම්ප්රතිෂ්යාව, කැස්ස හට ගනී. මේ ආහාර වර්ග දෙකේම ඇත්තේ සිසිල් ගුණයක් සහ පැණි රසකි. එහෙත් ජීර්ණයෙන් පසු කෙසෙල් ඇඹුල් රසයක් ගන්නා අතර කිරි පැණි රස ස්වභාවයෙන්ම පවතී. මේ අසාත්මිකතා, සෙම් රෝග වැනි රෝග රැසකට මඟ පාදන තත්ත්වයකි.
එලෙසම කිරි සහ කොමඩු ද එකට ආහාරයට නොගත යුතුය. දෙකේම ඇත්තේ සිසිල් ගුණයන්ය. එහෙත් කිරි මල බුරුල් කර පිට කරන ස්වභාවයෙන් යුතුය. කොමඩු මුත්‍රා වැඩි කරන ගුණයකින් යුතුය. කිරි ජීර්ණ වීමට වඩා වැඩි කාලයක් අවශ්‍යය. කොමඩු පහසුවෙන් ජීර්ණය වෙයි. මේ සියල්ලටම වඩා ආමාශයේ ආම්ලික යුෂ නිසා කිරි කැටි ගැසෙයි. මෙවැනි කරුණු නිසා ආයුර්වේදය කිරි සමඟ ඇඹුල් ආහාර නොගන්නා ලෙසට උපදෙස් ලබා දී තිබේ. නොගැළපෙන ආහාර නිසා ජීර්ණ ගැටලු ඇති වෙනවා වාගේම රෝගාබාධ රැසක් ද ඇතිවීමට මඟ පෑදෙයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
චම්පිකා දීපානි
රණසිංහ