ඔසු ගුණයෙන් හා පෝෂණ ගුණයෙන් පිරිපුන් හල්

ජූලි 26, 2019

අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා විශාල ප්‍රමාණයක් කුමන හෝ ප්‍රයෝජනයක් අපට ලබා දෙයි. ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන්ද තවත් නොයෙක් අයුරින්ද අපට ප්‍රයෝජන ගෙන දෙන ශාක රාශියකි.

මෙම ශාක අතුරින් ඔෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් ප්‍රයෝජන ගෙනදෙන ශාකයක් වශයෙන් හල් ගස හැඳීන්විය හැකිය. ඖධීය වශයෙන් ගත් කල බාහිර මෙන්ම අභ්‍යන්තර ප්‍රයෝග වශයෙන් විවිධ වූ ඖෂධ යෝග සඳහා හල්ගසේ ඖෂධාංග යොදා ගනු ලබන අතර ආහාරමය වශයෙන් ගත් කල හල් ගෙඩි උපයෝගි කර ගෙන සකස් කරනු ලබන ආහාර වර්ගද රාශියක් වේ.

හල් ගසේ ස්වරූපය

හල් ගස වැඩීමට බොහෝ කාලයක් ගතවන අතර ඒ සඳහා වියළි බිම් යෝග්‍ය වේ. දේශගුණික තත්ත්වයට අනුව උෂ්ණ වියලි දේශගුණයක් සහ උෂ්ණ තෙත් දේශගුණයක් අව්‍යශ වේ. මෙය ඉතා විශාල ගසකි.

හල් ගස් වල මල් පිපී ගෙඩි හටගනු ලබන්නේ අප්‍රේල්, මැයි මාස වලදීය. අගෝස්තු මාසය වන විට පැහුණු ගෙඩි බිමට වැටේ. ආහාරයට ගනු ලබන්නේ හල් ගෙඩියේ මදයයි. නැතහොත් ඉතාමත් මාංශල බීජ පත්‍රයයි. එක හල් ගෙඩියක මදය ග්රෑම් 100 ක් පමණ වේ. හල් ගසේ වටිනාම කොටස වනුයේ හල් දුම්මලයි. මේ අතර හල් ගසේ පොතු ද විවිධ ප්‍රයෝග සඳහා යොදා ගනු ලබයි.

හල් ශාකය පිළිබඳ විවිධ භාෂාවලින් හඳුන්වනු ලබන නාමයන්

පොදු සිංහල නාමය : හල් වන අතර,

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ගොකරැල්ල, පොල්ගොල්ල,
ශාස්ත්‍රවේදී වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.