වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
කුමාරි හෙවත් කෝමාරිකා රාවණා රජු සමයෙත් පැවති ඔසු ශාකයක්
කොළ පැහැති කෝමාරිකා , රතුපාටට මිශ්‍ර කෝමාරිකා යනුවෙන් කෝමාරිකා වර්ග දෙකකි. කොළ පාට කෝමාරිකා සෙ.මී. 25-50 පමණ උසට වැඩේ. නමුත් රතු පැහැය ඇති කෝමාරිකා ශාකය සෙ.මී. 50- සෙ.මී. 100 පමණ උසකට වර්ධනය වේ.
ඉන්දියාවේ සිට දඬුමොනරෙන් රාවණා රජු ලංකාවට එන යුගයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් ලක්දිව පැවති බව ඉතිහාසයේ සාක්ෂි මගින් අනාවරණය වේ. ඒ සමඟම නෙල්ලි, රසකිඳ, කෝමාරිකා ඖෂධීය ශාක භාවිතා කර ඇති බව පාරම්පරික කටවහරින් විශ්වාස කිරීමට පුළුවන.
මේ බව පැරණි පුස්කොළ පොත්වල ලියා ඇති ඖෂධ වට්ටෝරු වලින්ද සාක්ෂි දරා ඇත. රාවණා රජු යුගයේ පටන් පැවත ආ ඔසු පැළ සිය දහසකින් කීපයක් අදවන විට නවීන ලෝකයාද පෙරටම ආක්‍රමණය කර ඇත. ඒ කෝමාරිකා ඖෂධ පැළයයි. ගී‍්‍රක ඉතිහාසයේ යුද්ධයේදී ආබාධිත වු අයට ප්‍රතිකාර පිණිස කෝමාරිකා යොදාගත් බව ප්‍රසිද්ධය. කේමාරිකා දෙමළ භාෂාවෙන් කත්තාලි, ලෙසද සංස්කෘතයෙන් කුමාරි ලෙසද ව්‍යවහාර වේ.
අරාබි කාන්තාරවල කෝමාරිකා ශාකය පඳුරු ලෙස දක්නට ලැබේ. මෙම ශාකය පැළවී තිබේනම් කාන්තාර බිමේ ජලය ඇති බවට සාක්ෂි දරයි. ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේ පටන් යුරෝපීය ජාතිකයන් ඖෂධීය ශාකයක් ලෙස හඳුනාගෙන ඇත. එම රටවලද ශරීරය පිළිස්සුන විටද ඒ වකවානුවල බෙහෙතක් ලෙස භාවිතාකර තිබේ.
කෝමාරිකා ශ්‍රී ලංකාවේ පැරණි පාරම්පරික අත් බෙහෙතකි.. එය සෙන්ටිමීටර් 25-50 පමණ උසට වැඩෙන පඳුරකි. මෙම ශාකයේ තුනී පත්‍ර නැත.ඒ වෙනුවට අධික යුෂ සහිත ඝනකම් පත්‍ර ඇති පඳුරක් ලෙසට දිස්වේ. මෙහි පත්‍රයට නටුවක් දක්නට නොලැබේ. කෝමාරිකා ශාකයට කඳක් ඇතත් එය එකවර දකින්නට නැත. ඒත් හොඳ හැටි නිරීක්ෂණය කළ විට කෙටි කඳක් මෙම ශාකයේ දකින්නට පුළුවන.
මාංශල පත්‍රවල දෙපැත්තේ ඇති දාරවල සියුම් කටු දක්නට ලැබේ. දිලිසෙන කොළ පාටින් යුක්තය. පත්‍ර කලාත්මකව පිහිටයි. කෝමාරිකා පැරණි වටිනා ඔසු පැළැයක් වුවත් එය හැඩ නිසා ලොකු මල් පෝච්චි වල එය පැළකර ආලින්දයේ ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස තබයි. ඇත්තෙන්ම කෝමාරිකා ප්‍රදර්ශන ශාකයක් නොව වෙද පරම්පරාවේ වටිනා ඖෂධයකි. මෙය තැබිය යුත්තේ නිවසෙහි වත්තේ පැත්තකට වෙන්නය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ආයුර්වේද වෛද්‍ය, සාමවිනිසුරු,
කමල් බන්දුල වීරප්පෙරුම
සාකච්ඡා කොට සකස් කළේ
උඩවලව තුඩුව කෑම්ප් ඖෂධ උයනේ
සනත් ලෙනෝරා