රෝගයකට දෙකකට සීමා නොවී ප්‍රතිකාර ලබාදෙන කටුචිකිත්සාව

මැයි 24, 2019

බාලක පක්ෂගාත රෝගයට මෙන්ම ශරීරයේ හටගැනෙන වේදනාවට ස්නායු රෝගවලට හා ප්‍රමේහ රෝග ඇතුළු පවතින ඕනෑම රෝගයකට වුවත් කටුචිකිත්සාව මගින් නිරෝගී සුවය ලබාදිය හැකිය. කටුචිකිත්සා ප්‍රතිකාරය ඒ ඒ රෝගයන්ට අනුව කටුඇනීමෙන් හා පිළිස්සීමෙන් ජඨර ආන්ත්‍රික ඉන්ද්‍රියයන්ගේ හැකිලීම හා දිග හැරීම සිදුවීමෙන් ආහාර දිරවීමේ කටයුතු ද සාර්ථකව සිදුකෙරේ.

මේ සඳහා යොදාගනු ලබන කටු උල් ලෝහ කටු වගේම පිළිස්සීමට ගන්නා මොට්ට බොත්තමක් වැනි කටුද වේ. මෙම වෛද්‍ය ක්‍රමය නැතහොත් කටුචිකිත්සාව විජය යුගයේ සිටම පැවත එන වෛද්‍ය ක්‍රමයකි.

කටුචිකිත්සා වෛද්‍ය ක්‍රමය දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට සම්බන්ධ වූ අගනා වෛද්‍ය ක්‍රමයකි. චීන කටු චිකිත්සාවට සමානවූ දීර්ඝ ඉතිහාසයක් එයටද ඇත. පිළිස්සුම් වෙදකම විජය යුගයේ සිට පැවත එන දේශීය වෙදකමක් බව ඉතිහාසගත පොත්වල සඳහන් වේ. එමෙන්ම කටුවෙදකම හෙවත් කටු භාවිතා කරමින් කරනු ලබන වෙදකමත් ආයුර්වේද වෙදකමටම සම්බන්ධ වෙදකමක් බවයි. එසේ හෙයින් කටුචිකිත්සා වෛද්‍ය ක්‍රමය ආයුර්වේදයෙන්ම එක් කොටසක් බව පැහැදිලිය. සිංහල යෝග රත්නාකරයේ නම් මහා වෛද්‍ය ග්‍රන්ථයේ සඳහන්ව ඇත්තේ මෙම වෙදකම රං, රිදී, පිත්තල, තඹ ,වානේ පස්ලෝ ආදී ලෝහ වර්ග වලින් සාදාගන්නා ලද කටුවලින් සිදුකරන ලද බවයි.

තරුණ දූදරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද ඇතිවන කායික , මානසික රෝග පවා අපහසුවකින් තොවර මගහරවාගත හැකි වෛද්‍ය ක්‍රමයක් ලෙස කටුචිකිත්සාව දැඩි පිළිගැනීමකට ලක්ව ඇත. හිසකෙස් සම්බන්ධ ගැටලු මුහුණට අදාළව පවතින ගැටලු කළු වර්ණ වූ ලප ,කැළැල් අධික රෝම හට ගැනීම ආදි රෝගවලට නිසි ප්‍රතිකාර එම චිකිත්සාවෙන් ලැබෙන අතර සමේ රෝග රූපාලංකාරය පිළිබද ප්‍රශ්ණ හා මානසික පීඩනයටද කටුචිකිත්සාවෙන් ලැබෙන ප්‍රතිකාර ස්ථිර විසඳුමකට හේතුවී ඇත. කටුචිකිත්සාව කොටස් දෙකකින් හඳුන්වා දී ඇත. චෙන් – චී ඌ යනුවෙන් හඳුන්වනු ලබන එය චෙන් යනු ඉදිකටු ඇනීමකි. චී ඌ යනු පිළිස්සීමයි. කටු චිකිත්සාවේදී චේන් යනුවෙන් ශරීරයේ යම් ස්ථානයක පවතින රෝගී තත්වයකදී ඉඳිකටු ඇනීමයි.

නව යොවුන් වියට පත්වුණු කාන්තාවන්ට ඇතිවන මානසික පීඩා බොහෝය. ඒ අතරින් ශාරිරිකව ඇතිවන හෝමෝන විපර්යාස හේතුවෙන් සිදුවන ශාරිරික වෙනස්කම්වලට මුහුණදීමට ආත්ම විශ්වාසය ගොඩනැගීමත් පාසලේ තරඟකාරි විභාගවලට සූදානම් වීමට ගන්නා දැඩි උත්සාහයන්ද ශරීරය තුළ ඇතිවන විවිධ සංකූලතාවයන්ද ශරීරයේ අධික කෘෂ බව ( කෙට්ටුබව) අධික ස්ථූලතාව (අධික තරබව) මෙන්ම මිටි බව උසයාම පිළිබඳවද සමේ රෝග රූපාලංකාරය පිළිබඳ ප්‍රශ්නවලට හා මානසික පීඩනයටද කටුචිකිත්සාවෙන් ලැබෙන ප්‍රතිකාර ස්ථිර විසඳුමකට හේතු වී ඇත. මෙම වෛද්‍ය ක්‍රමය වසර සිය ගණනක් ඉපැරණි ඉතිහාසයක් ඇති වෛද්‍ය ක්‍රමයකි. මෙම වෛද්‍ය ක්‍රමය තුළින් රෝගාබාධ සඳහා කළ හැකි ප්‍රතිකාර ක්‍රම අපමණය. වකුගඩු හා අනෙකුත් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි නොවන ලෙස ප්‍රායෝගිකව ප්‍රතිකාර ලබාදීමට හැකිවීම එහි ඇති ප්‍රධාන ලක්ෂණයයි.

 

රාජගිරිය ආයුර්වේද ජාතික
ශික්ෂණ රෝහලේ
ආයුර්වේද වෛද්‍ය
සුලේඛා පුංචිහේවා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.