වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
සන්ධි වර්ග කිරීමට අනුකූලව කුහර ගෝල වර්ගයේ සන්ධියක් වන උරහිස සන්ධිය මානව දේහයේ ඉහලම චලන පරාසයක් සහ ප්‍රමාණයක් පවතින සන්ධිය ලෙස දක්වන්නට පුළුවන්. මේ...
2024-02-15 18:30:00
දැඩි හිරු රශ්මිය නිසා සිරුරට මහත් වේදනාවක් ගෙන දෙන අවස්ථාවේදී රෝස වතුරෙන් සිරුර තෙත් කිරීමෙන් වේදනාව සමනය වේ. තම ගෙවත්තේ රෝසමල් ඇත්නම් නැතහොත්...
2024-02-08 18:30:00
දෑසට පෙනීම ලබා දීම ස්වභාව ධර්මයෙන් අප හට උරුම වන ලද අපූර්ව දායාදයකි.වර්තමානයේ ගැහැනු පිරිමි භේදයකින් තොරව දෑසට ‘සුද’ පැමිණීම බහුලව පවතී. ඇසක පිහිටීම...
2024-02-08 18:30:00
සූර්ය නමස්කාරය යනු හුස්ම සමඟ සම්බන්ධීකරණය කරන ලද යෝග ඉරියව් අනුපිළිවෙලකි. මේ ඉරියව් පෙළ යෝගීන් අතර ප්‍රචලිතය. උදෑසන නැඟී එන සූර්යයා සමඟ මේ අභ්‍යාස...
2024-02-01 18:30:00
බාල තරුණ වැඩිහිටි කොයිකවුරුත් බෝ නොවන රෝග වැලඳීමෙන් මහත් පීඩාවට පත්ව සිටිති.ඒ අනුව ඇදුම, පීනස, දියවැඩියාව, ගැස්ට්‍රයිටීස් අම්ලපිත්ත රෝගය,...
2024-02-01 18:30:00
මැණික් කටුව ආශ්‍රිතව සිදුවන අස්ථි බිඳීම වර්ග කිහිපයක් පවතී. එයින් මැණික් කටුවට ඉහළින් පවතින අරාස්ථිය(Radius) ආශ්‍රිතව සිදුවන අස්ථි බිඳීම්...
2024-02-01 18:30:00
නිතරම බර වැඩවල නිරත වන පුද්ගලයන් අතරේ බහුලව දක්නට ඇති තත්ත්වයක් ලෙස ගල්තැලුම් හැඳීන්විය හැකිය. ඇවිදින විට වේදනාව ඇතිවන, සම මතුපිට පෘෂ්ඨය ඝනවීමක්...
2024-01-18 18:30:00
අධික රුධිර පීඩනය නැතහොත් ප්‍රෙෂර් එක අද සමාජයේ බොහෝ දෙනකුට පවතින රෝගී තත්ත්වයක්. ජන ගහනයෙන් සියයට විස්සකට අධික සංඛ්‍යාවක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව...
2024-01-18 18:30:00
සෙම් රෝගියකු කතා කරන විට යම් දෝංකාර ගතියක් පවතී. සෙම කෝප වූ විට සෙමෙහි ඝනකම වැඩි වීම ආහාර නොදිර වීම, ඉදිමීම, නින්ද අධික වීම, ශරීරාංගවල වේදනාව, ශරීයේ...
2024-01-11 18:30:00
වයසට යෑමත් සමඟ සම රැලි වැටීම ස්වාභාවික සංසිද්ධියක් වුවත් සුන්දර රූපයක් හිමි අයකුට කාලයත් එක්ක සම රැලි වැටෙනවිට දැනෙන්නේ වේදනාවක්. වයස්ගතවීම නිසාම නොව...
2024-01-11 18:30:00
අද අපේ රටේත් ලෙඩ රෝග ඉස්සරටත් වඩා වැඩිවෙලා. අලුත් අලුත් රෝගාබාධ පැතිරෙන්නේ හිතා ගන්නවත් බැරි විදිහට. රට පුරා බෙහෙත් හිඟයකුත් මේ අතරෙ තියෙන බව...
2024-01-04 18:30:00
නිරන්තරයෙන්ම කැස්සද හටගන්නා ඇදුම රෝගය මහත් වේදනාකාරී හා දුකක් ගෙන දෙන රෝගයකි. දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේදී උත්සන්න වන ඇදුම රෝගය නිසා නින්දෙන්...
2023-12-28 18:30:00
හෙළ වෛද්‍ය ක්‍රමය විශිෂ්ට දර්ශනයකි. පුස්කොළ පොත් මත ලිය වී තිබෙන්නක් වේ. ඉන් ලක්ෂයකට අධි ප්‍රමාණයක් බටහිර ආක්‍රමණිකයන් සතුය. හෙළ වෛද්‍ය දැක්ම ප්...
2023-12-28 18:30:00
ඉස්ම ගැනුම තිප්බොටු පල මැඬගෙන අසවිද පලමක් කුඩු එහි යොදමින රැස් කර මෙම මීතෙල් සමඟින රශ්මි යෙනුත් රිවිහෙල පිස අරගෙන ඉසේ මෙතෙල ගල්වා දසක්...
2023-12-21 18:30:00
දෙපාවල ඇතිවන නහර ගැටගැසීම සුලභ තත්වයක් වන අතර මැදිවියත් සමඟ මේ තත්ත්වය බොහෝවිට ඇතිවේ. කෙසේ වුවත් නහර ගැට ගැසීම පිළිබඳව සැලකිලිමත් නොවුවහොත්...
2023-12-21 18:30:00
අක්මාව අප ශරීරයේ උදර කුහරයේ දකුණුපස පිහිටි ඉතා මෘදු අවයවයකි. කුඩා දරුවන්ගේ සහ සිහින් සිරුරු ඇති වැඩිහිටියන්ගේ අක්මාව වෛද්‍ය පරීක්ෂණයේදී වෛද්‍යවරයකුට...
2023-12-21 18:30:00