අක්මාවේ රෝග

දෙසැම්බර් 22, 2023

අක්මාව අප ශරීරයේ උදර කුහරයේ දකුණුපස පිහිටි ඉතා මෘදු අවයවයකි. කුඩා දරුවන්ගේ සහ සිහින් සිරුරු ඇති වැඩිහිටියන්ගේ අක්මාව වෛද්‍ය පරීක්ෂණයේදී වෛද්‍යවරයකුට නිරීක්ෂණය කළ හැකි බව වෛද්‍යවරු පවසති. එය සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයකදී නිරීක්ෂණය කිරීමට අපහසු වේ. සිරෝසිස් රෝගයේදී එය පරික්ෂා කිරීම පහසුවන්නේ එමඟින් අක්මාවේ ඉදිමුමක් ඇතිවීම හේතුවෙනි. නන්ඇල්කොහොලික් සිරෝසිස් නමැති රෝගය වැඩිහිටියන් අතර බහුලව පවතින රෝගයකි. රුධිරානු නිපදවීම ඇතුළු ශරීරයේ ජෛව ක්‍රියාකාරකම් රාශියක් ඇතිවන්නේ අක්මාව තුළය. කහ උණ ඇතිවීමට මූලික වන්නේ අක්මාවය. ඇස්, සම හා මුත්‍ර කහපාට වීම කහ උණ රෝගයේ ලක්ෂණයන්ය. අධික ලෙස රුධිරානු විනාශ වීම නිසා රුධිරයේ බිලිරුබින් නමැති රසායනය අධික වේ. අක්මාවේ සෛල විශාල ලෙස විනාශවීම නිසා බිලිරුබින් රසායනය පෙරා හැරීමට නොහැකිවීම අක්මාවේ නිපදවන බිලිරුබින් පිත්ත නාළ හරහා පිටවීම, පිත්තාශයේ ගල් හිරවීම වැනි හේතු නිසා අවහිර වීම වැනි හේතූන් කහ උණ සෑදීමට හේතුකාරක වේ. මෙයට අමතරව ලේ හිඟවීම, තැලසීමියා වැනි කරුණු ද කහ උණ වැලඳීමට හේතු වේ. අක්මාවේ නොමේරූ ගතිය නිසා දරු උපතේදී ළදරු කහ උණ ඇතිවේ. ඉපදී දින දෙක තුනකදී එම කහ උණ නැතිවී යයි. එයට වඩා සති තුනක පමණ කාලයක් පවතී නම් එය පිත්තනාළවල ඇති විකෘතිවීමක් නිසා ඇතිවේ. මෙයට අමතරව ලේ දීම නිසාද කහඋණ ඇතිවිය හැකිය.

 

පී.ඒ. කපුරුබණ්ඩාර ආරච්චි

තලාතුඔය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.