වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
චර්මාබාධඅළුහම්ශුද්ධ ගෙන්දගම්, වියත් දුඹුළු යන දෙවගය අබ තෙලින් විධිසේ අඹරා ගෙන ගෑමෙන් අළුහම්, කැවිලි, බිබිළි, ඇදිය නැසේ.කඩුවේගන්කිතුල් හකුරු, මිදුණු...
2021-01-14 18:30:00
වකුගඩු රැක ගැනීමට ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම, ජලය රැස් කිරීමට මෙන්ම ආහාර පිසීමට මැටි බඳුන් භාවිත කිරීම , දියවැඩියාව, අධික රුධිර පීඩනය...
2021-01-14 18:30:00
ශ්‍රී ලංකාවේ ‘අංගම්’ පැරණිම සටන් කලාවයි. ආත්මාරක්ෂක අංගයක් ලෙස ප්‍රගුණ කර තිබේ. වසර 7500 ට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියයි.මේ සම්බන්ධයෙන් ශ්‍රී...
2021-01-14 18:30:00
කිසිවකු කතා නොකරන නමුත් සමාජයේ බොහෝ පිරිසක් පීඩා විඳීන පණු රෝග පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු රැසක් මේ ලිපියෙන් දිග හැරේ. කොකු පණුවා, පටි පණුවා ආදි...
2021-01-07 18:30:00
ලෙඩක් දුකක් නැතිව ජීවිතය දිනන්නට අපි කවුරුත් කැමතියි. ගුදයේ ඇතිවන රෝග බොහොමයකට හේතු වී ඇත්තේ ආහාරපාන හා අහිතකර හැසිරීම් බව ඔබට අමුතුවෙන් කිව යුතු ද?...
2021-01-07 18:30:00
ෙඩංගු රෝගය පිළිබඳව මේ වනවිට අපේ රටේ විශාල වශයෙන් දැනුවත් කිරීම් කර තිබුණත් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් මිස අඩුවීමක් නොපෙන්වයි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ...
2021-01-07 18:30:00
දෙසැම්බර් 25 කලාපය හා සම්බන්ධයි... වියලි කාලගුණයක් පවතින ඕනෑම අවස්ථාවක කළ යුත්තේ වෙනදාටත් වඩා වැඩිපුර ජලය පානය කිරීමයි. සැම අවස්ථාවකම ශරීරයේ ජලය...
2021-01-07 18:30:00
හිසෙහි සමේ හටගන්නා ඉස්හොරි (අරුංශිකා) ලෙස ආයුර්වේද වෛද්යාවෙහි හඳුන්වනු ලබයි. මෙය එක්තරා චර්ම රෝගයකි. සමෙහි දිරාපත් වීමක් ලෙසින් හැඳින්විය හැකි මෙම...
2021-01-07 18:30:00
භග්න ආයුර්වේද මතානුව වර්ග දෙකකි. සන්ධියක සිදුවන්නේ සන්ධිභග්න යනුවෙන්ද, සන්ධිහැර අනෙක් තැනක සිදුවනුයේ කාණ්ඩභග්න යනුවෙන්ද හැඳින් වේ. වැටීම, තදවීම,...
2020-12-31 18:30:00
පසුගිය සතියෙන් ඉතිරි...දද, කුෂ්ට පණු කැවිලි සඳහා – ගංසූරිය මුලෙහි පොතු වෙනිවැල්ගැට අඹරා ගානු. දද කුෂ්ට ගෝමරවලට – කොහොඹ කොළ ,අමුකහ, කොකුම් පොතු, කොටා...
2020-12-24 18:30:00
අප මුඛයෙන් ගන්නා ආහාර ගලනාලය තුළින් ආමාශයට ද ඉන්පසු ග්‍රහණිය, කුඩා අන්ත්රය සහ මහාන්ත්‍රය තුළින් ගමන් කර ගුද මාර්ගයෙන් අසූචි ලෙස ශරීරයෙන් බැහැර වේ....
2020-12-24 18:30:00
ඇසට ඇඳිරිය පැමිණ විටදී අසේ කුණිතය නම් පරිප්පු පියල්ලක තරමට ඇති (ඇසේ බබාගේ) ස්ථානයෙහි අඳුරු තත්ත්වයකට පත් වීමට සිදුවේ. ඉන්පසු දෘෂ්ටිය වැසී පෙනීමට බාධා...
2020-12-24 18:30:00
ශ්‍රී ලංකාවේ වසංගත රෝග පිළිබඳ ඉතිහාසය ඉතා ඈත අතීතය දක්වා දිවයන්නකි. ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළි වන ආකාරයට වලගම්බා රජු දවස රෝබිය වසංගත සමඟ ඇති වූ...
2020-12-24 18:30:00
සන්ධි පහක් හෝ ඊට වැඩියෙන් පීඩාවීම බහුසන්ධි ඉදිමුම (Polyanrthritis) යනුවෙන් හැඳින්වේ. මෙහිදී සන්ධි ඉදිමීම අත්පා දෙකේ සමානව ඇතිවීද? විශාල සහ කුඩා සන්ධි...
2020-12-17 18:30:00
නිතර ඇඟ කැසීම ඇතිවන්නේ කුමන හෝ රෝගයක් නිසාවෙනි. හිසෙන් පටන් ගෙන යටි පතුල් දක්වා මෙම කැසීම ව්‍යාප්ත විය හැකිය.හිස් හොරි, පොතුකබර රෝගය, සමේ රෝග , විවිධ...
2020-12-17 18:30:00
ඖෂධීය ශෘක විශේෂ ලෙස හඳුනාගෙන ඇති ගණන 1430ක් වන අතර ඉන් විශේෂ 208 ක් පමණ බහුල භාවිතයෙන් පවති. මින් ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ ගණන 150 කට ආසන්න වේ....
2020-12-17 18:30:00