වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
රැකියාවේ යෙදී සිටින සමහර කාන්තාවන් රැකියාව නිමවා නිවසට එන්නේ මහත් තෙහෙට්ටු ගතියෙනුයි. නිවසට ගොඩවෙන සමහර කාන්තාවන් රැකියාවට ඇඳගෙන ගිය ඇඳුම පිටින්...
2020-12-17 18:30:00
නිවැරදි ආහාර රටාවක් සහ යහපත් විහරණ පුරුදු අනුගමනය කිරීමෙන් අම්ලපිත්ත රෝගය වැළඳීම වළක්වා ගත හැකියි. කෘත්‍රිම ආහාර හා බීමවලින් වැළකී සිටීම ඉතා හොඳ...
2020-12-10 18:30:00
ජන්ම කේන්ද්‍රයක අට වැන්න මාරක ස්ථානය රන්ධුස්ථානය යන නම් වලින් හඳුන්වයි. කෙනෙක් ජීවත් වන ආයුෂ ගණන මරණය සිදුවන ආකාරය අට වැන්නෙන් බැලීමට පුළුවන. එබැවින්...
2020-12-10 18:30:00
උද්ගතවූ මත් ගතිය අධික වීම, උන්මත්තතාව හෙවත් උන්මාදය නම් වේ. ඔල්මාදය, උමතුව, පිස්සුව, පෛත්තියම් යන නාම මෙයට පර්යායන් වේ.මත් බව හෙවත් මදාත්‍යයේ උග්‍ර...
2020-12-10 18:30:00
දරුවන් හොඳින් බැහැරවීමට පෙර අවදි වූ විගස දරුවාට සුදුසු පානයක් හා ඉන් පැයකට පමණ පසු උදේ ආහාරයද ලබා දී පාසල් යාමට දරුවා හුරු කළ යුතු අතර, එය මව්පියන්ගේ...
2020-12-10 18:30:00
පරණ තුවාල සේදීමට - අරලිය පොතු, ඔළිඳ කොළ දමා තම්බා සෝදනු.සුව නොවන පරණ තුවාල වලට - අරලිය පොතු, අනිත්ත මුල් සමඟ අඹරා ගානු.වණ සුව වීමට - අමු කහ, කොහොඹ...
2020-12-10 18:30:00
මාතර, බෙලිදෙණිය රස වෙද පරපුරේ රස ඖෂධ මගින් කොවිඩ් -19 වයිරසය පැය 72 ක් තුළ අක්‍රිය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය 2020 ඔක්තෝබර් 5 හා 6 වන දින...
2020-12-10 18:30:00
දැනට කෙරෙන පරීක්ෂණ අනුව ශ්‍රී ලංකාව තුළ දී දිනකට ගබ්සා කෙරෙන කළල සංඛ්‍යාව 800 ක් වන බවට දක්වා සංඛ්‍යාලේඛන තුළ මෙය කෙසේ සාධාරණීය කළ හැකි ද? එසේම ශ්‍රී...
2020-12-10 18:30:00
පුද්ගලයාගේ ආධ්‍යාත්මය හා ඔහුගේ සිතේ ස්වභාවය එම පුද්ගලයා ලෙඩ වීමට මෙන්ම ලෙඩ සුවවීමට ද එකසේ බලපායි. මේ අනුව පුද්ගලයාට මානසික බලපෑම් සිදුවන ක්‍රම 03 කි...
2020-12-03 18:30:00
මානසික උපදේශකවරයකු හමුවට පැමිණි අගනුවර ප්‍රධාන පෙළේ ආයතනයක ලේකම්වරියක වන නිරෝෂා තම කථාව දිග හැරියේ මේ අයුරිනි.“මම ගොඩක් කාලෙක ඉඳලා තනියම විඳවන ප්...
2020-12-03 18:30:00
1900 න් පසු කාලය තුළ ශ්‍රී ලංකාවේ වසංගත ලෙඩ රෝග ව්‍යාප්තිය පිළිබඳ ඉතිහාසය තුළ වඩාත් විස්තෘත ලෙස දීප ව්‍යාප්ත මට්ටමින් වසංගත පැවති අවස්ථා 3 ක් පිළිබඳව...
2020-12-03 18:30:00
උණ ,ශීතල ගතිය වරින්වර වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම, පපුවේ වේගවත් මහන්සි ගතියක් ඇතිවීම, මහත් ආයාශයකින් හුස්ම ඉහළ පහළ දැමීම, වමනය, පපුවේ වේදනාව,...
2020-12-03 18:30:00
විජය නෝනට අඩගහපල් ලා – මැළි නොව හස්තය අතටම අල් ලාදිලිහෙන කහලුණු එක්කරපල් ලා – විළිවැද නයි විෂ යයි නුඹ පල් ලානාග විෂට රුක් අත්තන කොළ, සහ අත්තන කොළ ,කහ...
2020-12-03 18:30:00
සියලුම ලෝක බලවතුන් භීතියට පත් කරමින් හිස ඔසවා සිටින ජධමඪඤ 19 වෛරසය ජීවිත රැසක් බිලි ගනිමින් සිටින අතර, තවත් ජීවිත රාමුවකට කොටු කරමින් ලෝක ආර්ථිකය,...
2020-12-03 18:30:00
ලොකු සන්ධිවලට මෙන්ම කුඩා සන්ධිවලටද මෙම රෝගය බලපාන අතර, සන්ධිවල වේදනාව උදෑසන පැය භාගයක් පමණ ඇති වේ. සන්ධි ඉදමුම මාංශපේශී හා කණ්ඩරා ක්ෂය වීම සන්ධි...
2020-12-03 18:30:00
පංච කල්‍යාණයන් අතුරින් කෙස් කලඹට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. රූ සපුව කෙරෙහි අවධානය යොමු කිරීමේදී කාන්තාවන්ට පමණක් නොව පුරුෂ පක්ෂයට ද හිසකෙස් ඉතා...
2020-12-03 18:30:00