වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
සිහිනය යනු සිත තුළ උපදින චිත්ත ආවේගවල සේයාවකැයි සමහරු කියති. තවත් විටෙක සිහිනය යනු අනාගතය දකින චිත්ත බලවේගයකැයි තවත් සමහරු කියති. මේ කොයි හැටි වෙතත්...
2022-03-10 18:30:00
ආයුර්වේදයේ මූත්‍ර පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන රෝග ගණනාවක් දක්වා ඇතත් බහුලව ඇතිවන වේදනාව දාහය සහිතව මූත්‍ර පිටකිරීම නොහොත් ආයුර්වේදයේ දැක්වෙන “මූත්...
2022-03-03 18:30:00
නිහඬව ජීවිතය අපෙන් සොරා ගන්නා රෝග අතර දියවැඩියාව සිටින්නේ ඉදිරියෙනි. නමුත් එය පාලනය කරගත හැකිය. නමුත් එය මුලින්ම හඳුනාගෙන ඊට සරිලන ප්‍රතිකාර වලට...
2022-03-03 18:30:00
නිව්මෝනියාව සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ පෙණහලුවල ඇතිවන ආසාදන තත්ත්වයකි. මෙම ආසාදනය ඇති වන්නේ වෛරස බැක්ටීරියා සහ පරපෝෂිතයින් ආදී විවිධ ක්ෂුද්...
2022-02-24 18:30:00
පළා වර්ග හා එළවළු වගා කිරීමේදී කෘමීන්ගෙන් සිදු වන හානි වළක්වා ගැනීමට විවිධ කෘමිනාශක හා දිලීර නාශක වර්තමානයේ බහුලව යොදා ගනී. එළවළු හා පළා...
2022-02-24 18:30:00
දරුවන්ගේ ක්‍රියාශීලිත්වයට බෙහෙවින් බලපාන හේතුවක් වන්නේ යකඩ බහුල ආහාර නොගැනීමයි. මෙ නිසා කායික මානසික හා බුද්ධි වර්ධනයට එය බෙහෙවින් බලපායි. මෙම...
2022-02-17 18:30:00
වාත කෝප වීමෙන් හටගන්නා වූ ශිරෝ රෝග වාතයෙන්, සෙමෙන්, පිතෙන් යන තුන් දොසින් හට ගනු ලබන රෝගයක් මෙන්ම රෝග ලක්ෂණයක් ද වෙයි. වාතයේ කෝපතාවය වැඩිවුණාම...
2022-02-10 18:30:00
වර්තමානයේ වයස අවු. 50 පසු කළ බොහොමයක් පුද්ගලයන් හට මහත් පීඩාකාරී බවක් ගෙන දෙන රෝගයක් ලෙස වාතරක්ත රෝගය හැඳින්විය හැකි ය . මෙම රෝගය හටගනු ලබන්නේ ශරීරයේ...
2022-02-10 18:30:00
වර්තමානයේදී සුලබව වාර්තා වන රෝගී තත්ත්වයක් ලෙස වකුගඩු රෝගය හඳුන්වා දිය හැකිය. එය කාලීන වකුගඩු අකරණිය සහ තීව්ර වකුගඩු අකරණිය වශයෙන් කොටස් 02 කි.කාලීන...
2022-02-03 18:30:00
මිනිස් සමාජයට තර්ජනයක්ව පවතින සමේ රෝග දිනෙන් දින වැඩිවන බව දක්නට ලැබෙන අතර මෙම සමේ රෝග සම මතුපිට විකෘතිතා ඇති කරයි. විවිධ චර්ම රෝග අතරින්...
2022-01-27 18:30:00
“ ආයුර්වේදය වර්ණනා කොට ඇත්තේ මනුෂ්‍යයාගේ ආයුෂ සම්බන්ධව පමණක් නොවේ.කතා කිරීමේ නොසමත් තිරිසනුන් හා ගස්වැල් පිළිබඳවද ආයුර්වේදයේ බොහෝ දේ විස්තරව...
2022-01-27 18:30:00
වර්තමාන සමාජයේ බහුල ලෙස ව්‍යාප්ත වන රෝගයක් වන පීනස් රෝගය බෙහෙවින් පාසල් දරුවන් අතර පවතින බව පෙනී යයි. මේ තත්ත්වයට මූලික හේතුවක් වන්නේ දුම්...
2022-01-20 18:30:00
සාමාන්‍යයෙන් මිනිසකුට දිනකට පැය 8ක නින්දක් අවශ්‍යයි.නින්ද මගින් සිදුවන්නේ දිවා කාලයේ අප වැය කළ ශක්තිය නැවත ගොඩ නැංවීමයි.මෙහිදී කායික මෙන්ම මානසික ප්...
2022-01-20 18:30:00
තද කළු පැහැති ඍජු කෙස් හිස පුරා ඝනව වැවී ඇත්නම් එම පුද්ගලයා ඉතා උසස් ගුණ ධර්මවලින් පිරිණ හැමවිටම නිදහස පි‍්‍රය කරන්නෙක් වෙයි. සිනාවෙන් හෝ...
2022-01-13 18:30:00
අලිගැටපේර කිවූ පමණින් එහි රසය ගැන ඔබේ මතකයට නැගෙනු වැළකිය නොහැකියි. “ කීයක් දීලා හරි කන්න වටින පලතුරක් ” වන අලිගැටපේර වල පෝෂණය සමහරු හරිහැටි...
2022-01-13 18:30:00
සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස නොවැලඳී ඇති අයකු අද සොයාගැනීමට අපහසු වන අතර මෙය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට කිවිසුම් මඟින් කැස්ස මඟින් ස්පර්ශයෙන් ආහාරපාන...
2022-01-06 18:30:00