වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
සුව නොවන තුවාලයක් තිබෙනවා නම් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැන ඔබ දැනුම්වත් කිරීම මේ ලිපියේ මූලික අරමුණයි. ඇතැම් තුවාල පැසවන්නේ...
2022-01-06 18:30:00
වර්තමානය වන විට බෝ නොවන රෝග අතුරින් ප්රමුඛව දක්නට ලැබෙන රෝග අවස්ථාවක් ලෙස මධුමේහය හැඳින්විය හැකිය. මෙය කාබෝහයිඩ්රේට් පරිවෘත්තිය ක්‍රියාවලිය විෂමකාර...
2021-12-30 18:30:00
varicose හෙවත් නහර ගැට ගැසීමේ රෝගයෙන් පීඩා විඳීන්නන් අද සමාජය තුළ බොහෝ ප්‍රමාණයක් සිටිති. කකුල් සහ අත්වල නහර ඉලිප්පී තිබීම නිසා ඒවායේ අවලස්සන...
2021-12-30 18:30:00
යම් අයකුගේ ජීවිතයේ වාසනාව හෝ අවාසනාව ඔහුගේ හෝ ඇයගේ දේහ ලක්ෂණ අනුව බොහෝ දුරට දැනගත හැකිය. ලස්සන රූ සපුවක් හිමි කාන්තාවකගේ වුවද ශරීරයේ යම් යම් ශරීරාංග...
2021-12-30 18:30:00
ගැබිණියක් නම් මළ බද්ධය හොඳම නෑඔබ දරු ගැබක් දරා සිටින මවක් නම් ඔබ ඔබේ ආහාර පාන ගැන වඩාත් සැලකිලිමත් විය යුතුමයි.තමන්ගේ පණ හා සමාන කුස තුළ සිටින දරුවා...
2021-12-30 18:30:00
මෙම රෝගී තත්ත්වය සම ඇසුරු කොට ඇතිවන චර්ම රෝගයකි. මෙහිදී කිසිම ස්‍රාව වැගිරීමක් ඇති නොවන අතර, සමෙහි ඇතිවන විකෘතිතාවය මූලිකම ලක්ෂණය වේ. සමෙහි ත්රාමා...
2021-12-23 18:30:00
හෘදය යනු මනුෂ්‍ය ශරීරයේ ඇති සුවිශේෂීම ඉන්ද්රියයන්ගෙන් එකකි.සිරුරේ සෙසු ඉන්ද්‍රියයන්ට වඩා වැඩි වටිනාකමක් රැගත් හෘදයට හෘදය වස්තුව ලෙස ආමන්ත්‍රණය...
2021-12-23 18:30:00
නීරෝගි බව උතුම්ම ධනයයි යන කියමන නිසාම පක්ෂාඝාත රෝගය එසේ නොමැති නම් අංශභාගය ලෙස කොයි කවුරුත් අතර ජනපි‍්‍රයම ඇති රෝගීතාවය ඇතිවීමට පෙර වළක්වා ගන්නා...
2021-12-16 18:30:00
දිනපතා දත් මැදීම කළ යුතුමද?ඕනෑම ආහාරයක් ගැනීමෙන් පසු දත් අතර ආහාර ද්‍රව්‍යය, ආහාර කැබැලි රැඳී තිබීම නිසා බැක්ටීරියා ක්‍රියාකාරිත්වයෙන් දතක එනමලය...
2021-12-16 18:30:00
දරුවකු මෙලොවට බිහි කරලීම යනු මවක වශයෙන් මහත් වේදනාවක් උසුලන්නකි. ස්ත්‍රියක විසින් උසුලනු ලබන අතිශය වේදනා සහගත කාර්යභාරය එයයි. ශාන්තිනායක බුදුපියාණන්...
2021-12-09 18:30:00
සිරුරේ පැවැති කැල්සියම් ප්‍රමාණය නොලැබෙන විට හෝ කැල්සියම් ප්‍රමාණය අඩුවූ විට හෝ අස්ථිවල කැල්සියම් ඛනිජය ක්ෂයවීමක් හෝ ඇති වූ විට ඔස්ටියෝපොරෝසීස් රෝගය...
2021-12-02 18:30:00
ප්‍රමේහ ගණයට වැටෙන මෙම රෝගය ආමය මුල්කරගෙන හටගන්නා බව කිවමනාය. මෙම රෝගය විශේෂයෙන් වයස අවුරුදු 40 ඉක්ම වූ කාන්තාවන්ට වැලඳීමේ ප්‍රවණතාවය වැඩිය.දණහිසේ...
2021-12-02 18:30:00
ඇතැම් අයට සැර කෑමක් ආහාරයට ගත්විට බඩේ දැවිල්ලක් හටගනී. බඩේ දැවිල්ල හොඳම පිළියම එවැනි අවස්ථාවකදී කරපිංචා කොළ මිටක් ගෙන හොඳින් කොටා හෝ හොඳින් සිහින්ව...
2021-11-25 18:30:00
ගස්ලබු එහෙමත් නැත්නම් පැපොල් අපි හිතන්නේ නැති තරම් පෝෂ්‍යදායී පලතුරු වර්ගයක්. අපේ රටේ පැපොල් ඕන තරම් තියෙන නිසා අපිට ඒවායේ අගයක් නැහැ. නමුත් වෙනත්...
2021-11-11 18:30:00
ගැබ්ගත් ස්ත්‍රියක් සිව්වෙනි මාසය සම්පූර්ණවීමේ දී මව සහ ළදරුවා අතර සම්බන්ධය හේතුකරගෙන දරුවාට ඇතිවන චිත්ත ආවේගයන් නිසා දොළදුක හටගන්නා බව සුශ්...
2021-11-04 18:30:00
අවුරුදු 19 ක සරසවි ශිෂ්‍යාවක්මි. උස අඩි 4 අඟල් 2 කි. මිටිය. එනිසාම අධික තර බවක් පෙනේ. උදරය ද ඉදිරියට නෙරා ඇත. ගැබිනියක් මෙන් පෙනේ. උදරය අඩු වීමටත්,...
2021-10-28 18:30:00