වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
හිසේ පාලනය
අපේ ශරීරයේ පැවැත්ම උදෙසා සුවිශේෂීම අත්‍යවශ්‍ය වන හිස ආරක්ෂා කර ගැනීමට අප නිතරම අවධානය යොමු කළ යුතු වෙමු. හිසට සිදුවන සුළු ආබාධයකින් පවා අපේ ජීවිතයට තර්ජනයක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. සුළු සිදුවීමකින් වුවද ඇතිවන ප්‍රතික්‍රියාව නිසා මරණය හෝ බරපතළ හානියක් සිදු නොවුවත් ජීවිත කාලය පුරා බලපාන ක්‍රියාවන්ට මුල පිරේ.
ශරීරයේ සිදුවන සියලුම ක්‍රියාකාරකම් පාලනයට හිස ප්‍රධාන දායකත්වයක් සපයයි. එමෙන්ම ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව ඕනෑම අයෙකුගේ ප්‍රසන්න බව විදහා දැක්වීම සඳහා හිසකෙස් මගින්ද ප්‍රබල දායකත්වයක් සපයයි. එය සුන්දරත්වයේ සංකේතය ලෙසද දැක්විය හැකිය. එම සුන්දරත්වය ස්වභාවිකව රැකදෙමින් හිසකෙස්වල කාන්තිමත් බව ආරක්ෂා කිරීමට හිසෙහි ඇති ස්නේහ ස්රාවි ග්‍රන්ථි මගින් නිපදවන තෛලමය පදාර්ථය උපකාරි වේ.
ඊට අමතරව අප විසින් හිස කෙස් මනා ලෙස පවත්වා ගැනීම සඳහා පිළිපැදිය යුතු කරුණු සහ වැළකිය යුතු කරුණුද ඇතුළත් වේ.
කෙස් ගසක ජීවිත කාලය ගත්කල අවස්ථා තුනකින් දැක්විය හැකියි. එනම් වර්ධක අවස්ථාව, වෙනස්වන අවස්ථාව හා ස්ථායි අවස්ථාව වශයෙනි. එම ස්ථායි අවස්ථාව අවසානයේදි කෙස් ගස හැලී යන අතර නැවත නව කෙස් ගසක් වර්ධනය වීම ආරම්භ වේ. දිනකට කෙස් ගස් යම් ප්‍රමාණයක් හැලීයාම සාමාන්‍ය තත්ත්වයක් වන අතර නැවත වර්ධනය වීමට වඩා වැඩි වේගයෙන් හැලී යාම සිදුවුවහොත් කෙමෙන් කොණ්ඩයෙහි ඝනකම අඩුවීම සිදුවේ. ඇතැම්විට තට්ටය පෑදීමද සිදුවිය හැකිය. මෙවැනි අවස්ථාවකදි ඒ සඳහා ප්‍රතිකාර ගත යුතුය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
හොරණ අරමනාගොල්ලේ ගොරොග්ගොඩ වෛද්‍ය මධ්‍යස්ථානයේ
වෛද්‍ය
ජී.ඩී.පී.බී. මැණිකේ