ඔසු ගුණයෙන් පිරිපුන් අළුකෙසෙල්

මාර්තු 8, 2019

කිසියම් වූ රෝගයක් සඳහා අප විසින් කැඳ වශයෙන් යුෂ වශයෙන් හා වෙනත් සංස්කරණ ලෙස යොදනු ලබන විවිධ ඖෂධාහාර සලකා බලන විට විශේෂයෙන් අළුකෙසෙල් වැනි දේ පිළිබඳ විවිධ මතිමතාන්තර පවතී. අළුකෙසෙල් වැඩි වශයෙන් පරිභෝජනයට ගැනීමෙන් පුරුෂ ශක්තිය හීනවන බව මෙන්ම වඳ භාවයටද හේතුවන බවට මතයක් ඇත.

මේ පිළිබඳව අපගේ ජන සමාජය තුළ පවතින විශ්වාසය කෙතරම් ප්‍රබලද යත් අපගේ ඇතැම් ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලා සඳහා පිරිනමන දාන මාන වලදී විශේෂයෙන් අළුකෙසෙල් ව්‍යංජනයක් සකස් කරන බවට ද තොරතුරු තිබේ. එමගින් අපගේ පැරණි බෞද්ධ සමාජයේ භික්ෂූන් වහන්සේලා තුළ ඇති ‘කෙලෙස් ප්‍රහීන කරවීම් සඳහා අළුකෙසෙල් යොදා ගැනීමට උත්සාහ දරා ඇත.

එසේම බන්ධනාගාරවල සිටින සිරකරුවන් සඳහාද වැඩිපුර අළුකෙසෙල් ආහාර පිණිස දෙනු ලබන බවටද මතයකි.

මේ මතවාද සියල්ලම අසත්‍ය වන අතර අළුකෙසෙල් වල එබඳුවු පුරුෂ ශක්තිය හීන කරන ගුණයක් නොපවතින අතර පෝෂ්‍ය ගුණ සපිරි අළුකෙසෙල් යොදා සකස් කළ ඖෂධ යෝග රාශියක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේදී රෝගාබාධ රැසකට යොදනු ලබයි. ඒ අතුරින් පුරුෂශක්තිය සහ ලිංගික ශක්තිය වැඩි කරන ගුණ යුතු ඖෂධ රාශියක් අළුකෙසෙල්වල අඩංගුව පවතියි.

අළුකෙසෙල් වැවෙන ප්‍රදේශ

ත විදේශීය වශයෙන්

ඉන්දියාවේ සියලුම ප්‍රදේශවල වැවෙන අතර විශේෂයෙන්ම වගා කෙරේ.තවද නේපාලය මලයාසියාව, උතුරු අපි‍්‍රකාව, දකුණු ඇමරිකාව ආදි රටවල බොහෝ සෙයින් දක්නට ලැබේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.