මුහුන් කළ ආහාරවල ආයුර්වේදීය ගුණ අගුණ

පෙබරවාරි 15, 2019

මුහුන් කළ ආහාර ගැන සමාජයේ විවිධ මතිමතාන්තර පවතී. සමහරු ඒවා සිරුරට අහිතකර බව සිතති. තවත් අයගේ දිව ඉල්ලන්නේම මුහුන් කළ ආහාර පානය.

සැබැවින්ම මුහුන් කළ ආහාර සිරුරට ගුණදායකද?

චීනයේ සහල් වයින් සමඟ පිළියෙල කළ අච්චාරු රසය විඳින්නේ වසර දෙදහසකට පෙර සිටය. ජර්මනියේ ලුණු සහ ජලය එක්කර පැස වූ ගෝවා (ඉචභඥපඬපචභබ) ජනප්‍රියය. ජලය ගෝවා අතර ලැක්ටික් අම්ලය මුහුන් වීම අපේ ජීර්ණයට හිතකරය. ජීර්ණය පහසු වෙනවා වාගේම මේ ක්‍රියාවලියෙන් ප්‍රෝබයොටික් නම් හිතකර බැක්ටීරියා වර්ධනය ප්‍රවර්ධනය කරන ද්‍රව්‍ය නිපදවෙයි.

දකුණු කොරියාවේ කිම්චි කුළුබඩු යෙදූ මුහුන් කළ ගෝවා ද, රුසියාවේ ඉතා ජනප්‍රිය කෙෆීර් පානය ද (මුහුන් කළ කිරි පානය), ජපානයේ මිසෝ (ක්‍රිපූ 14,000 - 300 ට පෙර සිට භාවිත වන සෝයා මුහුන් ආහාරය මුලින්ම සාදා ඇත්තේ චීනයේය), ඉන්දුනීසියාවේ ටෙම්පේ, තුර්කියේ යෝගට්, ඉන්දියාවේ ඉඩ්ලි, තෝසේ, මුදවපු කිරි, පානීර්, ලැසී ආදිය ද නිතර කෑමට බීමට ගන්නා මුහුන් කළ ආහාර පානය. මේ සියල්ලම ජීර්ණයට ආධාර වෙයි. රෝගවලට ප්‍රතිකාර ලෙසින් ආයුර්වේදයේ නිර්දේශ කරනු ලබන අරිෂ්ඨ, ආසව පවා වසර දහස් ගණනක සිට යොදා ගන්නා මුහුන් කළ ඖෂධය.

ආයුර්වේදයේ සඳහන් කර ඇති අන්දමට මුහුන් කළ ආහාර පිත උග්‍ර කරයි. ඉන් සිරුරේ උෂ්ණත්වය වැඩි වී ප්‍රදාහයන් ඇතිවේ. ශීත රටවල ජීවත්වන්නන්ට සිරුර උණුසුම් කරන්නන්ට මුහුන් කළ ආහාර කදිමය. එහෙත් උණුසුම් කාලගුණයක් පවතිද්දී නම් මෙවැනි කෑම බීම ගැනීමේදී දෙවරක් සිතිය යුතුය. ග්‍රීෂ්ම සෘතුවේදී ලැසී (යෝගට් පානය) සුළු වශයෙන් ගත්ත ද ජීර්ණ ක්‍රියාවලිය වැඩි දියුණු වෙයි. සැම විටම ලැසී ආහාර සමඟ ගන්නේ ඒ නිසාය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඉන්දියානු ආයුර්වේද උපදෙස් ඇසුරිනි

සටහන - චම්පිකා දීපානි රණසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.