මෙම දිනවල බහුලව පැතිරෙන වැලි මැස්සාගේ රෝගය හෙවත් ලීෂ්මනයිසීස්

පෙබරවාරි 15, 2019

ලීෂ්මනයිසීස් නම් කියූ පමණින් බොහෝ දෙනෙකුට නුහුරු නුපුරුදු රෝගී තත්වයක් වුවද එය අපේ රටේ පැතිර පවතින්නේ දැනට වසර ගණනාවක පටන් ය.

රටවල් 98 කට පමණ මෙම රෝගය පැතිරී පවතින අතර දළ වශයෙන් කළ ගණන් බැලීම්වලට අනුව රෝගය නිසාම ලෝකය පුරා වර්ෂයකට මිලියන 14 කට වැඩි රෝගීන් සංඛ්‍යාවක් ආසාදිත තත්ත්වයට පත්ව ඇත. එසේම මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් අලුතින් රෝගයට ගොදුරු වන ආකාරය ද දැකගත හැකිය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් 2008 වර්ෂය අවසානයේ දී එය දැනුම් දිය යුතු රෝගයක් බවට ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ මෙම රෝගය වැඩියෙන් ව්‍යාප්ත වීම සලකා බලාය.

ලීෂ්මනයිසීස් රෝගය ඒක සෛලික ලීෂ්මේනියා නැමැති පරපෝෂිත විශේෂ මගින් බෝවන චර්ම රෝගයකි. මෙහි රෝග වාහකයා වන්නේ වැලි මැස්සා නම් මදුරුවකුට සමානකම් දක්වන ඉතා කුඩා සත්ත්වයෙකි. රෝග වාහක වැලි මැස්සා ශාක යුෂ උරාබොන සත්ත්වයෙකු වන අතර කොඳු ඇට පෙළ සහිත සතුන්ගේ රුධිරය උරාබොන්නේ උගේ බිත්තර පරිණත කර ගැනීම සඳහා යි. ලීෂ්මේනියාව නම් පරිපෝෂිත විශේෂ මිනිසා, බල්ලා, ගවයා හා වැලි මැස්සා තුළ තම ජීවන චක්‍රයේ අධියර දෙක ගත කරන අතර යම් පුද්ගලයෙකු දෂ්ට කරන අවස්ථාවේදී වැලි මැස්සාගේ සිරුරේ පරපෝෂිතයෙකු අන්තර්ගත වී සිටියේ නම් එම පරපෝෂිතයා රුධිරය හරහා දෂ්ටයට ලක්වූ පුද්ගලයාගේ සිරුරට ඇතුළු වේ. අසාත්මිකතාවය හටගන්නේ ඉන් අනතුරුවය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය නිරූපා සංජීවනී රත්නායක

අංක 47,මහියංගන පාර,

බදුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.