වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ජීවශක්තිය වර්ධනයෙන් නිරෝගි දිවි පෙවෙතක්
අද සමාජයේ පැවැත්වෙන ජීවන රටාව අනුව බොහෝ දෙනෙකු ඉතා අවිවේකීව කාලය ගෙවන බව නොරහසකි. විෂම වූ පැවැත්ම, අධික තරඟය ඉමක් නොපෙනෙන දිවීම ජීවිතය පුරාම පවතී. මේ ගමනේදී බොහෝ සෙයින්ම අපගේ “ජීවශක්තිය” පිරිහීමට පත්වන බව නොකියාම බැරිය.
දවස අවසානයේ බොහෝ දෙනෙකුට ඇතිවනුයේ දැඩි වෙහෙසකි. එයින් ඇතිවන මානසික පීඩනය තුළින් අප නොදැනීම අපගේ ජීවශක්තිය ගෙවීයෑම නොවැළැක්විය හැකිය.
එබැවින්, අපගේ ජීවශක්තිය වර්ධනය කරගැනීම සඳහා ජීවන රටාවේ වෙනසක් ඇතිකිරීම අත්‍යවශ්‍යවේ.
අප දැන් මේ “ජීවශක්තිය” යනු කුමක්ද? සහ එහි වැදගත්කම ජීවිතයට අදාළ වන්නේ කෙසේදැයි විමසා බලමු.
සමස්ත විශ්වය පුරාම මෙම ජීවශක්තිය පවතී. මෙම විශ්වශක්තිය ඉපැරණි චීන ඉගැන්වීම්වල “චී” නමින්ද ජපනුන් “රේඛී” නමින්ද ආයුර්වේද වෛද්‍ය ක්රමයේ “ප්‍රාණ” නමින්ද බටහිර ජාතීන් “ඹ්ඪටඥ ටධපජඥ” නමින්ද ශ්‍රී ලාංකිකයන් වන අප “ජීවශක්තිය” නමින්ද හඳුන්වාදෙනු ලබයි.
මෙම සමස්ත විශ්වය පුරාම රඳාපවතින මෙම ශක්තිය පුද්ගල සිරුර තුළද ක්‍රියාත්මක වේ.
මෙම ජීවශක්තිය පුද්ගල සිරුර තුළ ක්‍රියාත්මක වනුයේ සිරුරේ හිස්මුදුනේ සිට සියලුම ඉන්ද්රියයන් කරා පැතිරයන ශක්ති ප්‍රවාහ මාර්ගවලිනි. මේ බව ඉපැරණි චීන වෛද්‍ය ක්‍රමයක් සේ සලකනු ලබන “චීන කටු චිකිත්සාවේ හොඳින් පැහැදිලි කර දී ඇත.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
වෛද්‍ය කේ.එල්.ජී. අමරනායක
ච්.ඒ.ර්.ඉ. (ඉ.ඹ්.)
ර්.ඒජ.ට.ර්ථඩඤ (ඒජභනභදජබභපඥ) (ඵ.ඹ්)