වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සුවදායී නින්ද බොහෝ රෝග වළකයි
නින්ද යනු අප කාටත් අත්‍යවශ්‍ය සාධකයකි. දවසේ ඕනෑම වේලාවක අපිට නිදිමත ඇතිවීමට පුළුවන. එහෙත් නිදා ගැනීම සඳහා නියමිත කාලයක් වේලාවක් තබා ගැනීම කාගේත් ශරීර සෞඛ්‍යයට ගුණදායක බව නිතර මතක තබා ගත යුතු කරුණකි.
ආයුර්වේදයට අනුව නින්ද යනු සතුටත්, දුකත් පෘෂ්ඨිමත් බවත්, කෙසඟ බව, බලය හා ශරීරය වැහැරීම, පුරුෂ ශක්තිය ඇති කිරීම හා නැති කිරීම, බුද්ධි වර්ධනය හා නැති කිරීම, ජීවිතයේ පැවැත්ම හා විනාශ වීම යන සියල්ලයි. එනම් නින්ද මේ සියල්ල මත රඳා පවතියි.
ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් පරිදි පුද්ගලයකුට දිනකට පැය පහක හෝ හයක වත් නින්දක් අත්‍යවශ්‍ය වෙයි. ඒ නිසි ලෙස නිදාගැනීමෙන් ශරීර ශක්තිය, බලය, වර්ණය, උත්සාහය අග්නි දීපනය (බඩගින්න ඇතිවීම) ධාතූන්ගේ සමතාවය, නියම කළ නියමාකාරයෙන් නිදා ගැනීමෙන් වර්ධනය වන නිසාවෙනි.
එසේම ශරීරයේ සමස්තිතිය පවත්වා ගැනීම සඳහා ද නින්ද අවශ්‍ය වෙයි. ආයුර්වේදයේ සඳහන් පරිදි මොළයේ පවතින අපවාහී හා අභිවාහී ස්නායුන් ක්‍රියා කරවන ඉන්ද්‍රියයන් විඩාවට පත්වීම හේතුවෙන් එම ඉන්ද්‍රියයන් ගේ ක්‍රියාවන් ඉටු නොකරන තත්වයකට පත්වීමෙන් නිදිමත ඇති වෙයි. ඒ අවස්ථාවේ දී ප්‍රකෘති සිහිය තාවකාලිකව යටපත් කර තබයි. මාංශ පේශීවල ප්‍රාණය අඩුවෙයි. ශරීර පරිවෘත්තිය අඩුවෙයි. ආහාර දිරවීම අඩුවෙයි. මේ හේතුව නිසා ආහාර ගත් විගසම නින්ද නුසුදුසු වෙයි.
නින්ද ඇතිවීම පිළිබඳ නවීන විද්‍යාත්මකව විස්තර කිරීමේ දී ඇස නිරාවරණය වන ආලෝකය පිළිබඳ සංවේදන මොළයේ පිහිටි ‘හයිපොතැලමස’ නම් ප්‍රදේශයට යවයි. ආලෝකය නොමැති විට හයිපොතැලමසයෙහි ඇති ග්‍රන්ථියකින්, ‘මෙලටොනින්’ නම් වූ රසායනිකය ශ්‍රාවය කරයි. එමගින් නිදිමත ඇති කරයි. මොළයේ මෙම ප්‍රදේශයට හානි වූ පුද්ගලයකුගේ නම් දහවල් කාලයේ ඇති ආලෝකය පිළිබඳව දැනීම ඇති කරගත නොහැකි ය. බොහෝ අන්ධ පුද්ගලයන්ගේ ආලෝකයට ඇති සමහර සංවේදන මගින් නිදා ගැනීමේ චක්‍රය සැකසී ඇත.
මොළයේ පහළම කොටසේ පිහිටි මොළයේ මූලය ‘හයිපොතලමස’ සමඟ සම්බන්ධ වීම මඟින් නිදා ගැනීම හා අවධි වීම පාලනය කරයි. ‘තයිපොතැලමස’ හා මොළයේ මූලයේ නිපද වන රසායනික මඟින් ශරීර ක්‍රියාකාරීත්වය අඩු කිරීම ශරීර මාංශ පේශී අවයව ලිහිල් කිරීම යම් ඉරියව්වක ශරීරය පිහිටා තිබීම ආදිය සිදු කරයි.මේ අනුව මෙලටොනික් රසායනිකය මොළයේ හයිපොතැලමස සිට සම්බන්ධ ග්‍රන්ථයකින් ශ්‍රාවය කරන අතර එමගින් නිදිමත ඇතිකරයි. අඳුරේ දී මෙම හෝමෝනය ශ්‍රාවය උත්තේජනය කරන අතර දහවල් කාලයේ දී ශ්‍රාවය නැති කරයි. එමගින් දහවල් කාලයේ දී දින චර්යාව සාමාන්‍ය තත්ත්වයක පවත්වාගෙන යාමට උපකාරී වෙති.
මානසික අවපීඩනය හා මානසික රෝග සඳහා ලබා දෙන ඖෂධ මඟින් මොළයේ මෙලටොනික් ශ්‍රාවය වැඩිවීම නිසා එම ඖෂධ ලබා ගන්නා රෝගීන්ට නිතර නිදිමත ඇති වේ.
නින්ද ශරීරයට අවශ්‍ය ඇයි
වෛද්‍ය නදීෂා ගීකියනගේ
රජයේ නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානය
මහියංගනය
සුරේඛා සංජීවනී