සම රැළි වැටීම පාලනයට සරල හා සාර්ථක විසඳුම් !

ජනවාරි 25, 2019

සම රැළි වැටීම වර්තමාන කාන්තාව හිතින් විඳවන රූප ශෝභාව සම්බන්ධ ප්‍රබල ගැටලුවකි. ඇස් වටේ, මුව දෙකළවර, ගෙල පෙදෙස, දෑත් ආදී ස්ථානවල සම රැළි වැටීම නිසා වයසට වඩා වැඩි පෙනුමක් ලැබෙන බවද සත්‍යයකි.

වයස අවුරුදු 35-40 පමණ වන විට කාන්තා සහ පිරිමි දෙපක්ෂයේම සම රැළි වැටීම ආරම්භ වීම සිදු වෙයි. මේ සඳහා අනුගමනය කළ හැකි සරළ නිසි පිළියම් පවතී. ඔබට ඉතාම පහසුවෙන් කළ හැකි මේ උපක්‍රම ගැන ඔබ දැනුවත්ව සිටීම ඉතාම වැදගත් වේ. මේ සඳහා ඔබ විසින් සංවිධානාත්මක දින චර්යාවක් පවත්වාගැනීම බෙහෙවින්ම වැදගත් වේ.

සම සුරකින අපිචර්මය හා චර්මය

අපේ සම ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතය. ඒ ‘අපිචර්මය’ හා ‘චර්මය’ ලෙසයි. පිටතින් පෙනෙන සම අපිචර්මයයි. (ඡ්නඪඤඥපථඪඵ) ‘චර්මය’ (ච්ඥපථඪඵ) පිහිටා තිබෙන්නේ අපිචර්මයට යටිනි. සෛල ස්ථර ගණනාවක් එක මත එක පිහිටා අපිචර්මය සැකසී තිබෙයි.

මෙම නිසල ස්ථරවල මතුපිට ඇති සෛල තුළ කෙරටින් වැඩි වශයෙන් අඩංගු වේ. මෙමගින් සමට ඇතිවන බාහිර උවදුරු වළක්වන අතරම “ජලය” සම හරහා යාමද වළක්වයි. චර්මයෙහි ඇති සෛල තුළ වර්ණක සහිත සෛල රුධිර නාල හා රෝම කූපවල මූලයන් පිහිටා ඇත. සම රැළි වැටීමට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ සමෙහි අපිචර්මයට යටින් පිහිටා තිබෙන චර්මයයි.

සම රැළි වැටීම ඉක්මන් කරන හේතු

අද වයස අවුරුදු 16-18 සිටම බොහෝ යුවතියන් මෙන්ම තරුණ කාන්තාවන්ද නිතර පේෂල් කිරීමට පෙළඹේ. පේෂල් කිරීම මගින් රැළි වැටුණු සම තාවකාලිකව යම් යහපත් තත්ත්වයකට පත්වන නමුත් දැඩි ලෙස පේෂල් කිරීමෙන් වයසට වඩා සමේ රැළි වැටීම් දිගුකාලීනව ඇතිවිය හැකි බවත් අවධාරණයෙන්ම මතක් කළ යුතුයි. මෙහිදී නිතර පේෂල් කිරීමෙන් සමේ ඇදෙන සුළු ස්වභාවය අඩුවී යන අතරම ස්ථුලතාවය අඩු කරගන්නට සමහර කාන්තාවන් අනවශ්‍ය ලෙස කෑම පාලනය කිරීම තුළින්ද සම රැළි වැටීම සිදුවේ.

මේ අනුව ස්ථූලතාවය ක්‍රමානුකූලව අඩු කර නොගැනීමෙන් පැහැදිළිවම සිරුර වැහැරී යෑමක් සිදුවිය හැකිය. මෙම ‘අකල් වැහැරීම’ මගින් සමේ රැළි වැටීම් වේගවත් කරයි.

උපදෙස් වල්ගම ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිනී ධම්මිකා අමරසේකර

සටහන රඹුක්කන කීර්ති එස්. කුමාර

077-6351872

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.