ඖෂධීය ගුණයෙන් පිරි ආහාරපාන

ජනවාරි 18, 2019

අද අප විසින් නොයෙක් කිරි වර්ග තෙල් වර්ග මෙන්ම පලා ධාන්‍ය වර්ගයන් පරිහරණය කරයි. නමුත් මෙහි ඇති ඖෂධීය ගුණ ගැන නොදනිත්. ප්‍රථමයෙන් එළකිරි ගත් කළ ජීවිතයට හිතකර වූද ප්‍රණීත පානයකි මෙහි රසායනික ගුණයක් ඇත්තේ ය. උරක්ෂත, කෘශ යන රෝගවලට මහඟු ඖෂධයකි.

මේවාට බලය වර්ධනය වේ. කිරිදෙන මවුවරුන් මෙයගත් විට තනකිරි ද වඩවයි. විරේක ගුණයෙන් යුක්තය. කැරකිල්ල ශ්‍රම (වෙහෙස) අලක්ෂ්මීය, මත්බව ශ්වාසය (පාතිය) කැස්ස තද පවස, බඩසය, ජීර්ණ ජවරය, රත්පිත මුත්‍ර කෘච්ජය යන රෝග එකොළහක් නසා දමයි. ධාතු වඩා වා, පිත් යන දෙකම පහකර ශුක්‍රය ඇති කරයි.

මීකිරි බර සහිතය උස්න ඇති වූවන්ට මෙන්ම නින්ද නැති වූවන්ට යෝග්‍යය. එළුකිරි එළුවා මද වශයෙන් දිය බොන සත්වයෙකි. නිදැල්ලේ දුව පනිමින් බර සහ තිත්ත කහට වැනි දේ ආහාරයට ගන්නා නිසාම එළුකිරි සැහැල්ලුය. ශෝප, ජවර, ශ්වාස, රත්පිත් අතීසාර රෝගයන්ට ගුණදායකය. උණු නොකළ කිරි බර සහිතය. කකාරා ගත් කිරි ඉතා සැහැල්ලුය. සෙම වැඩීමට නොකෙරේ. දෙවීමෙන් පසු රස්නය පහ නොවූ උණුසුම ඇති කිරි අමෘතයක් බඳු ගුණදායකය.

දීකිරි ගුණ – අම්ල විපාක මෙන්ම අම්ල රසයෙන් යුක්ත ය. දිරවීමට අමාරු ය. උෂ්ණය වාතය නසයි. ශුක්‍ර බල මේදස් සෙම් පිත් රක්ත ශෝථ ඇතිකර ශීත ජවරය පීනස, මුත්‍ර කෘච්ජ, යන රෝගයන් සුවකරමින් ග්‍රාහණි රෝගයන්ද සුව කරයි. මුං යුෂ, මී පැණි, ගිතෙල්, සීනි, නෙල්ලි ඉස්ම ආදියෙන් එක් දෙයක්වත් යොදා මේවා පානය නොකරන්නේ ය.

වෙඬරු (බටර්ගුණ) අලුත් වෙඬරු ශුක්‍රය ඇති කෙරේ. වර්ණ බලය වීර්ය වඩවා උස්නය ඇති කරයි. මලකැටි කර වාතය පිත්තජ රක්තදුෂ්ටී, ක්ෂය, කෘෂ යන මේවායෙන් ජය ගැනීමට සමත් වෙයි. එළු කිරි වලින් සාදාගත් වෙඬරු රත් පිත් රෝගයට හා ඇස් රෝගයන්ට ගුණදායකය.

ගිතෙල් ගුණ – ගිතෙලෙන් බුද්ධිය වර්ධනය කෙරේ. ස්මෘති මේදා, උස්නය, බලය, ආයුෂ වඩවයි. ශරීර කාන්තිය සියුමැලිබව, මිහිරි කටහඬ ඇති කරයි. වා, පිත්, විෂ, උම්මාදය ශෝෂ, අලක්ෂ්මී ජවර යන මේවා නසයි. ශරීර ශක්තිය හා තරුණ භාවයද සුරකී. ගිතෙල් පැරණි වූ කල අපස්මාරකය, මුර්ජාව ශිරෝ රෝග අක්ෂි රෝග, කර්ණ රෝග, යෝනිගත රෝගයන්ට යහපත් ය. මී පැණි ඇසට හිතවත්ය. පවස, සෙම හික්කාව රත් පිත්, ප්‍රමේදාහ, කුෂ්ඨ, කෘමි, චර්ම, වචන, ස්වාස කාෂ යන මේවා නසාලීමට සමත් වෙයි. මේවා අනුපාන වශයෙන්ද යොදාගනිත්. මෙය රළුය. කසට හා මිහිරි රසින් යුක්තය. කෙසේ නමුත් කෂායකට අනුපාන වශයෙන් මී පැණි යෙදීමේදී උණුවෙන් යෙදීමද නොකළ යුතු අතර උණුකර පරිහරණයටද නුසුදුසු ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 

අමිතිරිගල මැදගොඩ ආයුර්වේද වෛද්‍යාචාරිනී,

ගුණවතී එදිරිසිංහ

සාකච්ඡා හා සටහන යටියන්තොට සමූහ

කුමාරසිංහ ගුණදාස

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.