ශරීර උෂ්ණත්වය

ජනවාරි 11, 2019

ශරීරයේ පවත්නා ස්වභාවික උෂ්ණත්ව ප්‍රමාණය වැඩි වීම උණ වශයෙන් සාමාන්‍යයෙන් සැලකෙන බව ආයුර්වේදයේ හා දේශීය වෛද්‍ය ක්‍රමයේ උණ රෝගයක් ලෙස සැලකේ. වයස් භේදයක් නැතිව මෙම ලක්ෂණ ඇතිවේ. උණ රෝගය ඇතිවෙන්නේ බොහෝ විට රෝග ලක්ෂණයක් පූර්වරූපයක් හා උපද්‍රවයක් ලෙසය.

ඇඟ උණුසුම් ඇතිවන විට දහඩිය නොදැනීම සිරුරේ නිතර වේදනාව ඇතිවෙයි. වෛද්‍ය ශාස්ත්‍රය අනුව උපතේ දී මරණයේදීත් උණ හට ගන්නා බව පෙන්වා දී ඇත. උණ රෝගයට ලොව සිටින සෑම සත්වයකුම ගොදුරුවන බවද පැහැදිලි කර ඇත. සෙම්ප්‍රතිශ්‍යාව, අජීර්ණය, සෙංගමාලය, වෘද්ද රෝග පණුරෝග හා රත රෝග සන්දි රෝග, මී උණ, ඩෙංගු උණ, මැලේරියාව, බරවා රෝග ඇතිවන අවස්ථා වලද උණ ඇතිවෙන බව කාටත් පැහැදිලි ය.

මේ අනුව ගත් කළ උණ රෝගයන් අති මහත් ය. එනිසා සෑම උණක් හටගැනීමේ දී ඊට හේතුකාරණා සොයා බලා ඖෂධ ගැනීමට වග බලා ගත යුතුයි. මෙනිසා මහජනයාට ඇතිවන රෝගය වටහා ගැනීමට පහසු නොවෙයි. අජීර්ණ, සෙම්ප්‍රතිශ්‍යාව හේතු නොමැතිව හටගන්නා උණ ගැන වෛද්‍ය උපදෙස් ගැනීම ඉතාම සුදුසුය. දින තුනකට වඩා වැඩි උණ එයට අයත් වේ. වා,පිත්, සෙම්, මුල් වී ඇතිවන උණට සැළකිලිමත් වියයුතුය. සාමාන්‍ය උණක් ගැනුණු විට සාමාන්‍යයෙන් අත් බෙහෙත් පාවිච්චියට පුරුදු වී ඇත. එනිසා උණ ගැනුණු සෑම රෝගියකුම ට උණුසුම් ජලය පාවිච්චි කළ යුතු ය.

පත් පාඩගම්, කොත්තමල්ලි, තැම්බූ වතුර පානය කිරීම සුදුසු ය.

දෙහිකොළ කොත්තමල්ලි සමඟ භාජනය කට දමා වසා හොඳින් තම්බා හුමාලය ඇල්ලීම එයින් මුහුණේ දහඩිය දැමීම සිදුවෙයි.

නෙල්ලි, අරළු, සහිඳලුණු, කොත්තමල්ලි, තිප්පිලි සමව ගෙන කොටා කුඩුකර පැහෙන උණුවතුර කෝප්පයකට කුඩු තේ හැඳි දෙකක් දමා පැය අටකට වරක් පානය කිරීම.

ඉඟුරු, කොත්තමල්ලි, තිප්පිලි, අරත්ත අල සමව ගෙන කුඩු කර පැහෙන උණු වතුර කෝප්පයකට කුඩු තේ හැඳි දෙකක් දමා දිනකට පැය අටකට වරක් පානය කිරීම.

වියළි ඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, වෙනිවැල්ගැට, දුම්මැල්ල යන ඖෂධ සමවගෙන කොටා කුඩුකර පැසුණු උණුවතුර කෝප්පයකට මෙම කුඩු හැඳි දෙකක් දමා දවසට පැය අටකට වරක් බීම.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

අමිතිරිගල මැදගොඩ ආයුර්වේද වෛද්‍යාචාරිණී ගුණවති එදිරිසිංහ මිය

සටහන යටියන්තොට සමූහ,

කුමාරසිංහ ගුණදාස

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.