නිදානය හා චිකිත්සාව

ජනවාරි 11, 2019

‘‘පානාන්‍යය පරමද පානාජීර්ණ පානවිභ්‍රම’’

මද්‍ය යනු මත් බවයි. අන්‍ය යනු අවශ්‍ය සීමාව ඉක්මවීමයි. මේ අනුව මත් බව වැඩිවීම යන අර්ථය මදාන්‍ය වේ. මදාන්‍ය යනු ගැමි ව්‍යවහාරය වන අතර පානාන්‍ය යනු මදාන්‍යයට පර්්‍යාය නාමයකි. මත්පැන් බොන සීමාව ඉක්මවීම පානාන්‍ය නම් වේ.

මදාන්‍යට හේතු

යේ විෂස්‍ය ගුණා ප්‍රෝක්තාස්

නේ මද්‍යොපි ප්‍රතිෂ්ඨිතාඞ

තේන මිථ්‍යෝපයුක්තේන

භවන්‍යුග්‍රෝ මදාත්‍යයඞ

වස විස පිළිබඳව යම් කෙනෙක් දැන බොන ලද මත්පැන්ද, විදි නියමයන්ට පිටුපා පානය කළාවූද, මත්පැන් දරුණු වූ පානාන්‍ය ඇති කරයි.

මද්‍යය

මත්පැන් ස්වභාවයෙන් ආහාරය යම් සේද එසේ යයි පවසන ලදී. විධි විරෝධීව යෙදූ මද්‍යය රෝගයන් පිණිස හේතුවන අතර විධි පූර්වකව සේවනය කළ මද්‍යය අමෘතය මෙන් බව ප්‍රකාශ කර තිබේ. යම් ආහාරයක් විධි විපරීතව යෙදීමෙන් මිනිසාගේ ප්‍රාණය නසයිද ඒ ආහාරය මනා යෝගයෙන් ප්‍රාණය දරන්නේ වෙයි. වස විස මිනිසාගේ ප්‍රාණය හැර දමයි. එයද ශාස්ත්‍ර යුක්තියට එකඟව යෙදුවේ නම් ජරා ව්‍යාධි නසයි.

වෛද්‍ය ආර්.එම්.නයනි රස්නායක

රස්නායක වෙද මැදුර,

නාරම්මල

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.