මකර රවිය සමඟම ලග්න රැසකට සුබපල දෙන කුළීර යෝගයක්

ජනවාරි 10, 2025

ජනවාරි 14 කුජදින පෙරවරු 08.56ට මකර රවිය ආරම්භ වන්නේය. එතැන් සිට මාර්තු 14 සවස් භාගය තෙක් සූර්ය දිව්‍ය රාජයා සතුරුව දින 59ක් පුරා මකර හා කුම්භ රාශිවල සංක්‍රමණය සිද්ධ කරන්නේ ය.

චන්ද්‍රයාගෙන් කුළීර යෝග බලයද කුජ චන්ද්‍ර ආලෝක ග්‍රහ සංයෝගයද ගුරු ශුක්‍ර චතුර්කෝණ දෘෂ්ටිය ද සෙනසුරු ප්ලුටෝ නීච භංග රාජ යෝගය ද රවි චන්ද්‍ර සප්තම දෘෂ්ටිය ද ආශි‍්‍රතව මේෂ, කටක, තුලා, මකර ලග්නවලට අඟහරුගෙන් රුචක යෝග බලයද කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික ලග්නවලට ශනිගෙන් සස යෝග බලයද විද්‍යමාන කරවමින් නැඟෙනහිර ක්ෂිතිජයෙහි සෙනසුරු හිමි කුම්භ රාශි උදාවෙහි ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණව සෙනසුරුද මිත්‍රශීලී සිකුරු ද ඇතුළු ග්‍රහ පිහිටීම අති විශිෂ්ටතම ජවබල සම්පන්න බවකින් මකර සංක්‍රාන්තිය විශ්වය පුරා අසිරිමත් බවක් නිර්මාණය කරන්නේය.

ස්වදේශීය ව්‍යාපාරික මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙහි නියැළී අයට අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන අතර නිර්මාණශීලී කඩිනම් ව්‍යාපෘති වසර පුරාම ක්‍රියාත්මක වෙයි. මහා සාගර ආශි‍්‍රත ගමනාගමනයෙහි ද ධීවර ආදී ක්‍රමවේදයන් කෙරෙහි ද බුද්ධිමත්ව දූරදර්ශීව ක්‍රියා කළ යුතුව ඇත. කාර්මික කෘෂිකාර්මික සහ නිෂ්පාදන ධාරිතාව වර්ධනයෙහි සුබවාදී හිතකර බවක් පෙන්වනු ඇත.

දෙස් විදෙස් සංචාරක ක්ෂේත්‍ර, නව නිර්මාණ, පුරාවස්තූන් පිළිබඳ අවධානය යොමු වන කාලයකි.

තේ, පොල්, රබර් වැනි අපනයන භෝග, නළුනිළි, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඉපැරැණි වේදිකා නාට්‍ය සංස්කෘතිකාංග ආශි‍්‍රත ලලිත කලා විෂයයන් චිර ප්‍රකට කරළීම පාරම්පරික වශයෙන් වැදගත් බවක් මකර රවිය තුළින් දෘශ්‍යමාන කළ හැකිය. විදේශීය ආයෝජන දේශීය වෙළෙඳ කලාප සැකෙන් බියෙන් තොරව නව මුහුණුවරකින් බස්නාහිර ප්‍රදේශයෙන් දුරස්ථව ව්‍යාප්ත කරළීම මකර රවියෙහි නිර්මාණශීලී බවට සධකයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.