ජුනි 03 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 3, 2023
ඉර උදාව - පෙ.ව. 05.54 
ඉර බැසීම - ප.ව. 06.23 
 
රාහු කාලය - පෙ.ව. 09.01 සිට 10.35 දක්වා 
 
සුබ දිශාව - උතුර 
 
මේෂ 
කරදර සහිත දවසක් වන අතර කණගාටු සහිතව දවස ගතවේ. නිශ්ඵල ගමන් මෙන්ම අධික වියදම්ද යෙදෙන අතර කරගෙන යන වැඩකටයුතුවලට බාධා අවහිරකම් මෙන්ම සිත අධෛර්යවත්ව කටයුතු කරන දිනයක් ද වේ. ආහාර නොදිරවීමේ ආබාධයක් හෝ දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක් ඇතිවීමටද ඉඩ ඇත. 
 
වාෂභ 
මිල මුදල් ලාභ ලැබෙන දිනයක් වන අතර සැපපහසුවට කාලය ගත කිරීමට ලැබේ. නිතර ගමන් බිමන් වල යෙදීමට සිදුවන අතර විනෝදයටද සිත ඇදී යනු ඇත. තම ගෞරවය වැඩිවන අතර දියුණුවද ඇතිවේ. 
 
මිථුන 
සුළු සුළු ලාභ ලැබෙන දිනයක් වන අතර ගෙදර දොර වාසනාවන්ත වේ. දීර්ඝ ගමනක් යෙදෙන අතර බලාපොරොත්තු වූ අදහසක් ඉටුවන දිනයකි. පැණිරස බැදුම් වැනි දෑ කෑමට පි‍්‍රය කරන දිනයකි. 
 
කටක 
සිතේ කනස්සලු ස්වභාවයකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර බලාපොරොත්තු කඩව යනු ඇත. ප්‍රේම සම්බන්ධතා නිසා සිත්පීඩා ඇතිවන අතර කරගෙන යන කටයුතුවලට ද බාධා ඇති වේ. අජීර්ණ රෝග ඇතිවීමට ද ඉඩ ඇත. 
 
සිංහ 
ඉක්මන් කේන්තියන දවසක් වන අතර සැම දෙයක් ගැනම සැකයෙන් යුතුව කටයුතු කරන දිනයකි. ඥාති මිත්‍රයන් සමඟ අවුල් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව හා ඉවසිල්ලෙන් යුතුව කටයුතු කළයුතු අතර කරගෙන යන කටයුතුවලට ද බාධා ගෙන දේ. 
 
කන්‍යා 
සිතේ චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර විනෝද ගමනක් හෝ වන්දනා ගමනක් වැනි දෙයක නිරතවීමටද සිදුවන දිනයකි. තම කටයුතුවල දියුණුව පිළිබඳව හිතේ නොසන්සුන් බවකින් කටයුතු කරනු ඇත. මුදල් නැතිකම ගැන කරදර ඇතිවේ. 
 
තුලා 
තමා කෙරෙහි අන් අය අතර පැවැති පිළිගැනීම, ගෞරවය අඩුවන අතර පාඩු අලාභ හානි සිදුවන දිනයකි. දියුණුවටට ඇති මාර්ග ඇතිකරන අතර යම් යම් වැඩ කටයුතුවලට වුවමනා මුදල් සෙවීමට මහන්සි ගන්නා නමුත් එය සඵල නොවේ. 
 
වෘශ්චික 
වංචාකාර අදහස් ඇතිවන අතර කාටත් ආදර කරුණාව දක්වනු ඇත. ප්‍රසිද්ධියෙන් ඈත්ව නිදහස්ව වාසය කිරීමට බලනු අතර වෙනදාට වඩා හිසේ මුහුණේ උෂ්ණ ගතිය අඩු වී තෙත් ගතියක් ද ඇතිවේ. ඇස්වල අමාරු ඔලුවේ කැක්කුම් සෙම් අමාරු නිසා පීඩා ඇතිවේ. 
 
ධනු 
සිත් තැවුල් කණගාටු ඇතිකරවන අතර අවනම්බු ලැබෙන දිනයකි. තිබෙන ගෞරවය අඩුව යන අතර අවුල් වියවුල්වලට අසුවීමටද ඉඩ තිබේ. අන්අය හා ආශ්‍රය මෙන් කරන කියන ගනුදෙනු කටයුතු ආදිය පරිස්සමින් කළ යුතු දිනයකි. 
 
මකර 
දියුණුවට කටයුතු සැලසෙන අතර ගොවිතැන් කටයුතු කරන අයට ඒවායින් ලාභ ප්‍රයෝජන ලැබෙනු ඇත. කරන සෑම කටයුතුවලින්ම සිතට පී‍්‍රතියද සැනසීමද ලාභ ප්‍රයෝජන ලැබීමටද පුළුවන. සමාජ ආශ්‍රයට වැටෙන දිනයක් වන අතර විනෝද ගමන්ද යෙදෙනු ඇත. 
 
කුම්භ 
බලාපොරොත්තු ඉටුකරගත හැකි දිනයක් වන අතර එයින් දියුණුවද ඇතිවේ. ආහාර පාන ලැබෙන දිනයක් වන අතර සාමාන්‍ය වාසනාවන්ත දිනයකි. අන් අයගෙන් උදව් උපකාර ලැබෙන අතර හොඳින් කාලය ගතවේ. උසස් අය සමඟ ආශ්‍රය ඇතිවේ. 
 
මීන 
සිත්තැවුල් කණගාටු සහිත දිනයක් වන අතර උසස් අයගෙන් හෝ ගෙදර වැඩිහිටියන්ගේ දෝෂ දර්ශනයට ලක්වන දිනයකි. අමුතු දේ ගැන සිතේ කැමැත්තක් ඇතිවන අතර පිනට දහමට ආශාව ආගමික භක්තිය ඇති කරයි. මුදල් අතින් අගහිඟකම් ඇතිවේ. ශරිරයට වෙහෙස ගතියක් ඇතිවන අතර හෘද රෝගයක් හෝ ආමාශයේ ආබාධයක් ඇතිවේ. 
 
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.