වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
වගා කටයුතු ඇරැඹීමට සුබ නැකැත්
සැප්තැම්බර් මස 30 වැනිදා සඳුදා පෙ.ව 06.11 සිට 06.24 දක්වා අතර කාලය තුළදී , බිම් සකස් කිරීමට කැළෑ එළිකිරීම ආරම්භ කිරීමට ශුභයි.
ඔක්තෝබර් 05 වැනිදා සෙනසුරාදා උදේ 9.52 සිට 10.12 දක්වා කාලය තුළ දකුණු දිශාව බලා කොළ එළවළු වර්ග සිටුවීම සුබයි.
ඔක්තෝබර් 06 වැනිදා ඉරිදා උදේ 6.12 සිට 6.24 දක්වා කාලය තුළ දකුණු දිශාව බලා පැළ සිටුවීම සුබයි.
ඔක්තෝබර් 07 වැනිදා සඳුදා උදේ 11.00 සිට 11.15 දක්වා කාලය තුළ දකුණු දිශාව බලා තේ පැළ සිටුවීම සුබයි.
ඔක්තෝබර් 01 වැනි දින සවස 4.04 සිට ඔක්තෝබර් මස 04 වැනි දින පාන්දර 5.07 දක්වා කාලය තුළදී ඇට තවාන් දැමීම, පැළ සිටුවීම ආදිය කළ හොත් වගා විනාශ වන බැවින් ඒ දිනවල පැළ සිටුවීම යහපත් නොවේ.