ජනවාරි 31 වැනිදා ධනය-සුවය-දරු සම්පත් දෙන උතුම් නිවාස නැකැතක්

ජනවාරි 26, 2024

ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරිය

හත නැකැත හා විශේනිය තිථිය ද සහිත දෝෂ භංග කරන සිද්ධි යෝගය ද ප්‍රබලව යෙදීමෙන් නව නිවාස ආරම්භයට ඉතා යහපත් නැකැතක් ජනවාරි 31 වැනිදා බදාදා උදේ 9.31ට යෙදී තිබේ.

මකර රවියේ දුරුතු මාසය නව නිවාස ආරම්භයට ඉතා යහපත් වන අතර ගෙවල් සෑදීමේදී, උත්‍රපල්, උත්‍රපුටුප, උත්‍රසල, පුෂ, අනුර, හත, සිත, දෙනට, සියාවස, රේවති යන නැකත් ඉතා උතුම් වේ. චන්ද්‍රයාගේ හැසිරීම අනුව මේ නැකැත ඉතා යහපත් ප්‍රබල නැකතකි. ශිවා ලිඛිතයට ගැළපෙන අතර වෘෂභ චක්‍රයටද ගැළපේ.

2024 ජනවාරි 31 උදේ 6.29ට දකුණ බලා ලණු ඇදීමට සුබයි.

එදින උදේ 08.05ට අත්තිවාරම් කැපීමට සුබයි. එදින උදේ 09.31ට දකුණ බලා මුල්ගල තබා වැඩ ආරම්භ කිරීමටද සුබයි. සිවුකොන මල් පැල තනා දෙවියන්ට පහන් දල්වන්න. සුවඳ දුම් භූමිය පුරා අල්ලන්න. විවාහ මංගල කටයුතුවලට, ඉඳුල් කට ගෑමද උදේ 09.31 නැකත සුබයි.

අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වලින් උපන් අයට වඩාත් ගැළපේ.

-------------------------------------

වසර පුරා ලග්න හයකට සුබපල

ඡ්‍යොතිෂවේදී උදම් පෙරේරා

මේ වසර තුළ සිදුවන ග්‍රහ යුද්ධ 19න් 8ක්ම බුධ ග්‍රහයා ජයග්‍රහණය කිරීම බුද්ධිමතුන්ට, ශිෂ්‍යයන්ට ශුභඵල ගෙන දෙන්නේ ය.

බුධ ග්‍රහයා යෝග කාරකත්වයක් උසුලන මිථුන, කන්‍යා ලග්නවලින් සහ අර්ධ යෝග කාරකත්වය උසුලන වෘෂභ, තුලා, මකර, කුම්භ ලග්නවලින් උපන් බුද්ධිමතුන්ට, ගණකාධිවරුන්ට, ඡ්‍යොතිෂවේදීන්ට, පුවත්පත් කලාවේදීන්ට, ලේඛකයන්ට, නීතිඥයින්ට, දක්ෂ ශිෂ්‍යයින්ට ශුභඵල ගෙන දෙන ග්‍රහ බලයක් වන හෙයින් එකී ලග්නවලින් උපන් බුද්ධිමතුන්ගේ හඳහන්වල උපත්තියෙන් බුධ ග්‍රහයා බලවත්ව යෙදී ඇත්නම් හෝ මේ වසර තුළ බුධ ග්‍රහයාට මහ දශාවක් හෝ අතුරු දශාවක් පවතී නම් අන් වසරවලට වඩා ඔබගේ බුද්ධිය මේ වසර තුළ තීව්‍ර වනු ඇත.

ඔබේ වෘත්තිය කටයුතු උසස් අධ්‍යාපන කටයුතු බදාදා බුධ හෝරාවෙන් ළා කොළ පැහැති වස්ත්‍රයකින් සැරසී නැඟෙනහිර බලා විෂ්ණු හෝ ගණදෙවියන්ට පහනක් තබා ආරම්භ කරන්න.

එසේම සෑම දිනකම අධ්‍යාපනය සහ වෘත්තිය සම්බන්ධ වැදගත් කටයුතු බුධ හෝරාවෙන් ආරම්භ කරන්න. ඔබට අන් වසරවලට වඩා මේ වසරේ දී අධ්‍යාපන සහ වෘත්තිය ජයග්‍රහණයන් හිමිවනු ඇත.

-------------------------------------

ඡ්‍යොතිෂවේදී රද්දොළුගම ලෙස්ලි ජයසිංහ

මහේෂ්වර, විභීෂණ සහ අභිජිත් මුහුර්තවලින් ශක්තිමත් වූ ලොතරැයි වාසනා ගෙනෙන මුහුර්තයක් පෙබරවාරි මස 05 වැනිදා සඳුදා පස්වරු 12.17 සිට 12.48 දක්වා යෙදී ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.