නව වසරේ ලග්න දොළහටම සුබ යෝග රැසක්

ජනවාරි 5, 2024

වාෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට සස යෝගයෙන් ප්‍රශංසා ගරු බුහුමන්

මේෂ, වෘෂභ,කටක, සිංහ. කන්‍යා, තුලා, වෘශ්චික, මකර, කුම්භ, මීන ලග්නවලට රජයෙන් වැඩි ප්‍රතිලාභ

මිථුන හා ධනු ලග්නවලට ගුරු දීප්ත යෝග බලයෙන් බුද්ධි ප්‍රබෝධයක්

 

ජනවාරි මස 15 වැනිදා සඳුදා අලුයම 2.44ට රාජ්‍ය කාරක රවි ග්‍රහයා සෙනසුරු හිමි මකර රාශිගත වීම රටටත් ජනතාවටත් සෞභාග්‍යමත් වසරක් උදා කිරීමට හේතු කාරක වන බව ඡ්‍යොතිෂ නියමයයි. රවි, චන්ද්‍ර, කුජ ත්‍රිලෝචන බලයෙන් කෝණ මාසය අවසන් වන අතර සමාජය මෙන්ම පරිසරය උද්යෝගීවත් කරන සැලකිය යුතු වෙනස්කම් රැසක් වසර පුරා සිදු වනු ඇත. රටට සෞභාග්‍යය උදා වීමේ දැවැන්ත ක්‍රියාවලිකයට මුල පුරන නව වසරක උදාව ලෙස මෙය හැඳීන්විය හැකිය. කාර්මික, කෘෂිකාර්මික ප්‍රබෝධයක් ඇති වන අතර අමනුෂ්‍ය, රෝග සහ දුර්භික්ෂ යන තුන්බියෙන් සමාජය මුදවා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ වන වසරකි.

ඒ අතරම උදා වූ රාශියෙහි වික්‍රමස්ථානගත සතුරු රවි සමඟ ප්ලූටෝ ග්‍රහයා නිවෘතව සතුරුව තැන්පත්වීම නිර්මාණශීලී නව ලොවකට හැරවුම් ලක්ෂ්‍යයක් සපයන පිහිටීමක් බව ඡ්‍යොතිෂ නියමයයි.

සිංහ ලග්න හිමි ජනරජ කේන්දරයේ ග්‍රහචාරයට අනුව මෙන්ම අඟහරු හිමි මේෂ ලග්න විශ්ව කේන්දරයේ ග්‍රහචාරයට අනුව නිර්මාණශීලී උගත් බුද්ධිමත් පිරිස් සමාජයේ වර්ධනය වනවා සේම ඔවුන් කැපී පෙනෙන ලකුණු වැඩි දියුණු වේ. ධනය, බලය සහ කාමය මුල්කරගත් පිරිස් මර්දනය කරමින් සාමය හා අහිංසාව පදනම් කරගත් මානුෂීය බලය ගොඩ නැංවීමට අවශ්‍ය පසුබිම ප්ලූටෝ ග්‍රහයාගේ බලයෙන් සකස් වීමට නියමිතය. ගුරු දීප්ත යෝග බලයෙන් සමස්ත ලෝකයම අර්ථවත් පරිවර්තනයකට යොමු වීමට කරුණු සැකසේ. ජාතිකානුරාගය, දේශාභිමානය, ඉස්මතු වන අතර කෘෂි හා කාර්මික රටාවේ සුබවාදී ගමනට අමතරව ඉල්ලම්, පතල්, මැණික්, මුතු ආශ්‍රිත කර්මාන්තවල විශාල දියුණුවක් දැකිය හැකි වනු ඇත. විවාහ මංගල කටයුතු, නිවාස ඉදිකිරීම් සහ පොදු සංවර්ධන කටයුතු සාර්ථක ලෙස ඉටු වේ.

පොදුවේ ලග්න දොළසටම අහිංසාව, කාරුණික දැහැමි බව ලබා දෙන වෙශී, වොශී, උභයචාරී, අනඵා, සුනඵා, දුරුධරා යෝග බලය පැවැත්වෙන අතර, මේෂ, වෘෂභ, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, මකර, කුම්භ, මීන යන ලග්නවලට රජයෙන් වැඩි ප්‍රතිලාභ හිමිවන වසරකි. වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට සස යෝගබලයෙන් ගරු බුහුමන් හා ප්‍රශංසා ගලා එයි. ධනු හා මිථුන ලග්න හිමියන් වෙශී, වොශී, උභයචාරී, අනඵා, සුනඵා, දුරුධරා ගුරු දීප්ත යෝග බලයෙන් බුද්ධිමත් ක්‍රියාවන්ට යොමු වේ.

 

මේෂ රාශිය

මේෂ රාශී හිමියනට හිත මිතුරන්ගෙන් අනුග්‍රහය නොඅඩුව ලැබෙනු ඇත. හිස යටිබඩ, කොන්ද, තුනටිය දණහිස් , පාද, ආශි‍්‍රතව රෝගාබාධ ඇතිවිය හැකි බැවින් පරිස්සම් වීම සුබදායක වෙයි . රැකිරක්ෂා ,ආදායම් මාර්ග ආශි‍්‍රතව ආකූල ව්‍යාකූල බවක් ඉස්මතු වුවත් බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් එම කටයුතු සාර්ථක කෙරෙනු ඇත. සතුරන් අබිබවා යනු ඇත.

වෘෂභ රාශිය

10 වැන්නෙහි සස යෝග බලය මෙන්ම ශනි චන්ද්‍ර ජන්ම ඒරාෂ්ඨකයද අර්ධ කාලසර්ප යෝගයද ගුරු දීප්ත යෝගයද යෙදී ඇත. වෙශි වොශී උභයචාරී සුනඵා අනඵා දුරුධරා යෝග බලයද හේතු කොටගෙන නොසිතු දියුණුවක් ඇති විය හැකිය. පදිංචි ස්ථාන මාරු කිරීම, රැකියා, ආදායම මාර්ග, ලැබීම් ආදියට ද හේතු වේ. මැණික් ඉල්ලම්, පතල් රැකියා ආශ්‍රිතව වාසිදායක පසුබිමක් පෙනීයයි.

මිථුන රාශිය

මිල මුදල් ලාභ ඇත. නිර්නාමික නාමික සොර සතුරු බලවේග දුරුවෙයි. කුසලතා නිපුණතා ජයගනියි. දිගුකාලීන සිතැඟියා මල්ඵල ගන්වයි. හදිසි තීරණ තීන්දු මතු කෙරෙනු ඇත. රැකියා ආදායම් මාර්ග සරුවෙයි. කොන්ද, තුනටිය, පාද, පපුව, දණහිස් ආශි‍්‍රත රෝග මතුවිය හැක. 09 වැන්නෙහි ජන්ම ඒරාෂ්ඨකය කාලසර්ප යෝගය ගුරු දීප්ත යෝගය , වෙශී වොශී උභයචාරී සුනඵා අනථා දුරුධරා යෝග බල ඇති බැවින් ඒවායේ සුබ පල ඔබට ලැබෙනු ඇත.

කටක රාශිය

හදිසි තීරණ තීන්දු ක්‍රියාකාරකම් ගැනීම අවහිර බාධක දුෂ්කරතා ඇතුළුව හිංසා පීඩා ගෙන දීමට හේතුවිය හැකිය. නිර්නාමික නාමික සොර සතුරු කරදර විපත්ති අවදානම් සහිතයි. සෙම් රෝග අධිකයි. සමඟි සමාදානයට බාධාවෙයි. ආදායම් මාර්ගවල බාධකයි. උරහිස්, උදරය, මළ මූත්‍ර, වකුගඩු, කොන්ද, තුනටිය, දණහිස් ආශි‍්‍රතව රෝගාබාධක මතු විය හැක.

 

සිංහ රාශිය

වෙශී වොශී උභයචාරි සුනඵා අනඵා දුරුධරා ඇතුළුව බ්‍රහස්පති දීප්ත යෝගය ශනි චන්ද්‍ර ජම්ම ඒරාෂ්ඨක සහ කාලසර්ප යෝග සුබාසුබව පවතිනු ලබන අතර සත්කළත්‍ර යෝගය පාරිජාත යෝග බලයද උදාව පවතින බැවින් රැකී රක්ෂා ආදායම් මාර්ග, උසස්වීම්, අධ්‍යාපනය, නිදුක් නීරෝගි සම්පන්න බව, තරග විභාග තුළින්ද නඩුහබවලින්ද විජයග්‍රහණය ගලා එයි. සබඳතා විවාහ මංගල සහ පවුල් ජීවිතය ආශි‍්‍රතව දූරදර්ශීව විය යුතුයි.

කන්‍යා රාශිය

පාරිජාත වෙශී වොශී උභයචාරි සුනඵා, අනඵා දුරුධරා ගුප් දීප්ත කාලසර්ප ජම්ම ඒරාෂ්ඨකය සුබාසුබ ග්‍රහ රැල්ලක් මකර රවියෙහි උදාවී ඇති නමුත් රැකියා ආදායම් මාර්ග, ස්ථාන මාරු, පොරොන්දු ගිවිසුම් ආශි‍්‍රතව නීතිමය ගැටලු, නොසිතු විරූ ගැටුම්කාරි බව ඥාති වර්ගයා වෙනුවෙන් අනවශ්‍ය වියදම් ආදියද බලපානු ඇත. උදරාරෝග යටිබඩ මළ මූත්‍ර, වකුගඩු, කොන්ද තුනටිය, හිස ආශි‍්‍රත රෝගාබාධක අවුල් සහත බව මතුවෙයි.

තුලා රාශිය

නිර්නාමික, නාමික, සොර සතුරු බලවේග බලපානු ඇත. ගුරු දීප්ත යෝගය කාලසර්ප යෝගය සුබාසුබ මිශ්‍රව බලපානු ඇත. මේ හේතුවෙන් නෑ හිත මිතුරන් ඇතුළු අශ්‍රය කරන්නන්ගෙන් බාධක අවහිරතා ගැටලු ප්‍රශ්න ස්මතු විය හැකිය. පදිංචි ස්ථානය සම්බන්ධ ගැටලු ඇති විය හැකිය.උදරය, පපුව, උරහිස්, යටිබඩ, මල මූත්‍ර, වකුගඩුව, පාද ආශි‍්‍රත රෝගාබාධක මතු කෙරෙයි.

වෘශ්චික රාශිය

උරහිස් ,පපුව, උදරය, යටිබඩ, පාද ආශිත්‍ර රෝගාබාධක මෙන්ම පදිංචිය ආශ්‍රතව සැලකිලිමත් විය යුතුය. ජන්ම ඒරාෂ්ඨකය, දූදරු ප්‍රශ්න, සබඳතා, විවාහමංගල, ප්‍රශ්න ගැටලු මතුවෙයි. හදිසි තිරණ තීන්දු හදිසි කෝපය ඥාති හිතෛෂීන් අමනාපවීමෙකි. රැකියා ආදායම් මාර්ග දියුණුවට භාග්‍යවත් කාලයෙකි.

ධනු රාශිය

අභිමතාර්ථයන් සහ ක්‍රියාකාරකම් සාර්ථකත්වයට පාත්‍රවෙයි. විදෙස්ගත ඥාති හිතමිත්‍රාදීන්ගෙන් නොසිතු විරූ අනුග්‍රහය ලැබෙනු ඇත. බුද්ධිය තුළින් ක්‍රියාකාරි කාර්යයන් කෙරෙයි. හදිසි වාසිදායක බවක් පෙනී යයි. නිර්මාණශීලි කටයුතුවලට ශුභයි.

මකර රාශිය

ජන්ම ලග්න ඒරාෂ්ඨක දෙකකි. කාලසර්ප යෝගයක් සමඟ ගුරු දීප්ත යෝගයෙකි. ආලෝක ග්‍රහයන්ද පාපකර්තරී බවට පාත්‍රවී ඇත. හිස, මුහුණ, උරහිස්, පපුව, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රත රෝගාබාධකයි. හදිසි තීරණ තීන්දු ගැනීමට වෙයි. සතුරන් පරාජිත වෙයි. හිතවත් පිරිස් විරසක විය හැකිය. පවුලේ ඥාතියෙකු උදෙසා විශේෂ අවදානයක් යෙදෙයි. වාහන ගනුදෙනු ඉටුකරගත හැකි බව පෙනී යයි.

කුම්භ රාශිය

හිස, මුහුණ, උරහිස්, කොන්ද, තුනටිය පාද, දණහිස් ආශි‍්‍රත රෝගාබාධ මතුවිය හැක. කතාබහ නිසා හිතෛෂී උදවිය අමනාප විය හැකිය. පදිංචි භූමිය ආශි‍්‍රත අරගල මතුවෙයි. ඉඳුම් හිටුම්වල බාධක අවහිර දුෂ්කරතා මතුවෙයි. දැඩි අසහනකාරි බවක්ද බොහෝදුරට ක්‍රියාත්මක වෙන සුලුයි. බුද්ධිමත් වු දූරදර්ශීය ක්‍රියාකාරිවීම සැනසීමට හේතු සාධක වෙයි.

මීන රාශිය

හිස, මුහුණ, යටිබඩු, වකුගඩු, මල මූත්‍ර ආශි‍්‍රත කොන්ද තුනටිය දණහිසේ පාද ආශි‍්‍රත රෝගාබාධක මතුවීම යෙදෙයි. සිතට සහනය ගෙන දෙයි. විශාල අවුලක් සහනයකට පාත්‍රවෙයි. අතහැරුණ රැකියා ආදායම් මාර්ග සක්‍රීය වෙයි. හිඟ මුදල් සහ මුදල් ලැබීමට භාග්‍යය ඇත. යටපත්ව වූ අයිතිවාසිකම් සඳහා නීති පිහිට පතනු ඇත. අධ්‍යාපනික කටයුතු සාර්ථක වෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.