ඉඳුල් කට ගෑමට, අකුරු කියවීමට, මුදල් තැන්පතුවලට සුබ දිනයක්

පෙබරවාරි 9, 2024

මේ මස 22 වැනිදා බ්‍රහස්පතින්දා මුළු දවසම සුබ කටයුතු සඳහා යොදාගත හැකි කේවල සිද්ධි යෝගයක් උදා වනු ඇත. එදින නවම් මස පුර තෙලෙස්වක තිථිය පස්වරු 1.02 න් අවසන් වන අතර පුෂ නැකැත සවස 4.43 දක්වා පවතී. එබැවින් එදින පෙරවරු 9.33ට උතුර බලා ළදරුවන්ගේ හිස කෙස් කැපීම, ඉඳුල් කටගෑම, අකුරු කියවීම වැනි කටයුතු සඳහා සුබය. එසේම තරග විභාග, මුදල් තැන්පත් කිරීම්, වෙළෙඳ කටයුතු ආදිය සඳහා ද යහපත් වේ. පුෂ, අනුර, උත්‍රපුටුප, අස්ලිස, දෙට, රේවතී, බෙරණ, පුවපල්, පුවසල, රෙහෙන, හත, සුවණ, අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප යන නැකැත්වලින් උපන් අයට ඉහත සුබ මුහුර්තය ඉතා යෝග්‍ය වේ.

කේවල සිද්ධි යෝගය පවතින දිනයට පංචාංග ශුද්ධිය නොමැති වුව ද එදින පුරා පංචාංගය යහපත් බැවින් විවාහ කටයුතු, ගෘහ ආරම්භක කටයුතු ඇතුළු වෙනත් සුබ කටයුතු සඳහා ද සුබ මුහුර්ත යොදාගත හැකි වනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.