පෙබරවාරියේ වගාකටයුතු සඳහා සුබ නැකැත්

පෙබරවාරි 15, 2024

පෙබරවාරි 20 කුජ දින නවම් මහේ පුර දොළොස්වක තිථිය – දිවිකරණය

පෙරවරු 11.21 - පස්වරු 12.43 සහ 02.07 නැඟෙනහිර බලා

හරක්, ඌරන් ඇතුළුව සත්ව හානි වළකයි. වැටවල් බැඳීම ආදි ආරක්ෂා කටයුතු සාර්ථකයි. සියලු ගොවිතැනට ශුභයි

පෙබරවාරි 21 බුධ දින නවම් මහේ පුර දොළොස්වක තිථිය දිවි කරණය

පෙරවරු 06.55 - 08.19 - 09.43 - 11.07 නැඟෙනහිර බලා

සියලු ගොවිතැනට ද සියලු ආරක්ෂා කටයුතු සඳහා ද ශුභයි

පෙබරවාරි 24 ශනි දින – සිංහ කරණය නවම්මහේ පුර පසළොස්වක

පස්වරු 02.41 - 04.05 - 05.05

උතුර බලා

දිවිකරණයට ප්‍රකාශිත ආරක්ෂාවට ගොවිතැනට ඌරු කරණයටද අතිශය ප්‍රශස්ත ශුභවාදී වේලාවන් වෙයි. පෙබරවාරි 25 රිවි දින නැඟෙනහිර බලා ඌරු වරණය නවම් මහේ අව පෑලවිය පෙරවරු 07.05 - 07.31, 08.05 - 08.55, 10.17- 11.41 - 01.05 - 02.29 නැඟෙනහිර බලා

ගවයන් ආශි‍්‍රත වූ සියලු ක්‍රියාකාරකම්හිද විවිධ අලවර්ග සිටුවීම ඉතාම සාර්ථක වීමෙහිලා ද ශුභයි.

ගොවිතැනට (රැකවල් සඳහා) යෙදෙන කරණ

පුර පක්ෂය

තිථිය - කරණය

01. පෑලවිය - සිංහ

02. දියවක - ඌරු

03. තියවක – ගජ

04. ජලවක - කුකුළු

05. විසේනිය – දිවි

06. සැටවක - එළු

07. සතවක – ගව

08. අටවක – සිංහ

09. නවවක – ඌරු

10. දසවක – ගජ

11. එකොළොස්වක – කුකුළු

12. දොළොස්වක – දිවි

13. තෙළෙස්වක – එළු

14. තුදුස්වක – ගව

15. පසළොස්වක – සිංහ

අව පක්ෂය

තිථිය - කරණය

01. පෑලවිය – ඌරු

02. දියවක – ගජ

03. තියවක – කුකුළු

04. ජලවක – දිවි

05. විසේනිය – එළු

06. සැටවක – ගව

07. සතවක – සිංහ

08. අටවක – ඌරු

09. නවවක – ගජ

10.දසවක – කුකුළු

11. එකොළොස්වක – එළු

12. දොලොස්වක – එළු

13. තෙළෙස්වක – ගව

14. තුදුස්වක – සිංහ

15. අමාවක – ඌරු

 

දිවි, සිංහ කරණවලින් වගා කිරීමෙන් වැටවල් බැඳීමෙන් වගාව හරක්, ඌරන්, සතුන්ගෙන් ආරක්ෂා වේ. ඌරුකරණය විශාල අල බසී. ගවයන් සම්බන්ධ වැඩවලටත් ශුභයි. ගජ කරණය අලි ඇතුන්ගෙන් හානි වේ. කුකුළු කරණය කුරුල්ලන්ගෙන් පාළු වේ. ජලවක කුකුළුකරණය පොල්, කිතුල්මල්, මැදීමට ශුභයි. ගව, එළු, කරණ සිව්පා සතුන්ගෙන් විනාශ වේ. අව පක්ෂය යනු පුර පසළොස්වක පෝය පසු වූ දින සිට ඉදිරියට දින 15යි. පුර පක්ෂය යනු පසළොස්වක පෝයට පෙර යෙදෙන දින 15 වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.