වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
10 වැනිදා යම කාලයෙන් සුබ මුහුර්තයක්
කලකට පසු යෙදෙන යම කාල සුබ මුහුර්තයක් මේ මස 10 වැනිදා සෙනසුරාදා පෙරවරු 8.06 සිට 8.42 දක්වා උදා වනු ඇත.
දෙනට නැකත යෙදී ඇති එම සුබ මුහුර්තය උදා වන්නේ පංච පක්ෂීන් අතරින් කතරගම දෙවිඳුන්ගේ වාහනය වන මයුර පක්ෂියා භෝජන අවස්ථාවේ ගමන් කරන කාලය තුළය. ඒ විනාඩි 36ක කාලය ඇතුළත යම කාලයා ද දකුණ බලා ගමන් කරනු ඇත.
එබැවින් සෙනසුරාදා දින දකුණ බලා සියලු සුබ කටයුතු ආරම්භ කිරීමටත්, සියලු සුබ කටයුතු සඳහා පිටත් වීමටත් සුදුසු බව ගුප්ත විද්‍යා ශාස්ත්‍රයේ සඳහන් වෙයි.
මේ කාලය නිවැරැදිව ගණනය කරගත යුතු අතර වෙනස් වීමෙන් කටයුතුවල සාර්ථකත්වය නොලැබී යනු ඇත.
සුබ මුහුර්තය සකස් කර ඇත්තේ කොළඹට ඉරු උදාවන මොහොත අනුව සලකා බැවින් තම තමන් පදිංචි ප්‍රදේශය අනුව වේලාව සකසා ගත යුතු වේ.
පාරම්පරික ගුප්තවේදී
--------------------
උතුරට හිස දමා නිදා ගැනීම ඉතා අසුබයි
නූතන ජෛව හා භෞතික විද්‍යාත්මක පර්යේෂණ අනුව උතුරට හිස දමා නිදා ගැනීම තරම් ශරීර සෞඛ්‍යයට අහිතකර දිශාවක් නැති බව තහවුරු වී තිබේ.
සාමාන්‍යයෙන් නිදා ගැනීමේදී බොහෝ දෙනා බස්නාහිරට හිස දැමීම අයහපත් බව සැලකුවද සත්‍ය වශයෙන්ම නිදාා ගැනීමේ දී පොළොවේ පවත්නා බලවත් චුම්භක ක්ෂේත්‍රයත් අපගේ සිරුරේ පවත්නා ස්නායු ක්‍රියාකාරීත්වයක් අතර පවත්නා බලපෑම මෙයට නිශ්චිත හේතුව බව තවදුරටත් පැහැදිලි කරන විද්‍යාඥයන් විසින් නින්ද සඳහා හිස දැමීමට නැඟෙනහිරටත් වඩා උචිත දිශාව දකුණ බව නිශ්චිත ලෙස දක්වා ඇත.
අංශභාගය, ශරීරාංගවල හිරි වැටීම් ආදී ස්නායුගත රෝගවලින් පීඩා විඳින්නන් උතුරට හිස දමා නිදා ගන්නේ නම් කවර ප්‍රතිකාර ලබා දුන්නද රෝග සුව නොවන බවත් මෙහිදී තවදුරටත් ප්‍රකාශයට පත් කර තිබිණි. මොළය, හෘදය වැනි චර්ම ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වයට අදාළ ස්නායුමය (සන්නයනමය) ක්‍රියාකාරීත්වයද මෙවැනි හේතුවක් මත පීඩා වුවහොත් මරණය පවා අත් විය හැකි බවද එහිදී පැහැදිලි කර දී ඇත.
ඉංජිනේරු පි‍්‍රයන්ත දයාරත්න