ජුලි 01 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 30, 2023
 
ඉර උදාව - පෙ.ව. 05.59 
ඉර බැසීම - ප.ව. 06.30 
 
රාහු කාලය - පෙ.ව. 09.06 - 10.41 දක්වා 
 
සුබ දිශාව - උතුර 
 
මේෂ 
නියම වේලාවට ආහාරපාන ගැනීමට නොහැකිවන අයුරින් බාධා ඇතිවේ. කරදර සහිත දවසකි. සිතට සැකයක් ඇතිව සෑම දෙයක්ම කරන්නට සිදුවේ. ආහාර නොදිරවීමේ ආබාධ ගතියක් හෝ දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක් ඇතිවිය හැකිය. 
 
වෘෂභ 
සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙන දිනයකි. පී‍්‍රතිමත් ගමන් බිමන් යෙදෙන අතර ආගමික කටයුත්තකට සහභාගිවීමටද ලැබෙනු ඇත. විනෝදයට සිත ඇදී යයි. මුත්‍රා අමාරුවක් වැනි දෙයකින් සුළුවෙන් හෝ ආබාධයක් ඇතිවේ. 
 
මිථුන 
මහන්සි වී යම් වැඩක් කිරීමට සිදුවනු ඇත. පහත් අයකුගෙන් හෝ තමා යටතේ වැඩ කරන අයකුගෙන් වැඩක් ගැනීමට සිදුවේ. සතුරු කරදර පැවතියේ නම් ඒවා පහළ වැටේ. සිතේ චංචල ගතියක්ද ඇතිවනු ඇත. 
 
කටක 
සිතේ සතුට අඩුව යන දිනයකි. බලාපොරොත්තු බිඳ වැටෙනු ඇත. ප්‍රේම සම්බන්ධතාවලට අවහිර බාධා පැන නැඟීම නිසා හිතට දුක් සහිත ගතියක් ඇති කරයි. බාහිර කරදර පවා ඇතිවනු ඇත. අජීර්ණ රෝගවලටද හේතු ඇතිවේ. 
 
සිංහ 
කරදර, සිත්තැවුල් මෙන්ම වැඩකටයුතුවලට බාධා ගෙන දෙනු දිනයකි. සැකසහිතව කටයුතු කරනු ඇත. අධික වියදමක් දැරීමට සිදුවන අතර කරගෙන එන කටයුතුවලට බාධාවීමක් හෝ ප්‍රමාදයක් පෙන්නුම් කරයි. හිතවතකුගෙන් ත්‍යාගයක් ලැබීමටද ඉඩ ඇත. පපුවේ පෙණහලුවල අමාරු ඇතිවීමටද පුළුවන. 
 
කන්‍යා 
මිත්‍ර ආශ්‍රයක් හෝ අමුත්තකුගේ පැමිණීමක් බලාපොරොත්තු විය හැකි දිනයකි. අතමිට මිල මුදල් හිඟවීම නිසා හුදකලාව තමාගේ පාඩුවේ කල්පනා කරමින් සිටීමට පෙලඹෙන අවස්ථාවන්ද ඇතිවේ. ධෛර්යවත්ව වැඩ කිරීමට සිතුවත් එය එසේ කිරීමට අපහසු වනු ඇත. බාධාවන් පැමිණේ. 
 
තුලා 
වියදම් අධික කරයි. මුදල් හානි ගෙන දෙන කාලයකි. තමා කෙරෙහි අන් අය අතර පැවති ගෞරවය පිළිගැනීම අඩුවයයි. දියුණුවට ඇති මාර්ගවලට බාධා ප්‍රමාදවීම් ගෙනදෙනු ඇත. 
 
වෘශ්චික 
හිතේ සතුටට කරුණු යෙදුණත් එය පවතින්නේ ස්වල්ප වේලාවකි. කෑමක් බීමක් පිළිබඳව අමුත්තක් සිදුවිය හැකියි. සුළු සුළු ලාභ ලැබීමටද හැකි දිනයකි. පෞද්ගලික කටයුතුවලට හිත ඇදී යයි. සිතේ චංචල බව නිසා අරමුණකින් තොරව කටයුතු කරනු ඇත. 
 
ධනු 
කරගෙන යන කටයුතු කැඩී බිඳී යාමට හෝ ප්‍රමාදවීමට පාඩු සිදු වීමට ඉඩ ඇති දිනයකි. අලාභ හානියක් හෝ නැතිවීමක්ද සිදු විය හැකියි. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවන බවක් පෙන්නුම් කරයි. 
 
මකර 
ආශ්‍රය කරන්නන්ගෙන් පී‍්‍රතියට කරුණු යෙදෙනු ඇත. ගෙදර දොර සැප පහසුව ඇති කරයි. මිල මුදල් ලැබීම් යහපත්වේ. අලුත් මිතුරු මිතුරියන් ඇසුරට ලැබෙනු ඇත. සමාජ ආශ්‍රයට යොමු වන අතර සමාජයද ඔබට පි‍්‍රය කරයි. 
 
කුම්භ 
දියුණුව ඇතිවන අතර බලාපොරොත්තු ඉටුවේ. මිල මුදල් ලාභ, රසවත් ආහාරපාන ලැබීමටත් යහපත් දිනයකි. කරගෙන එන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතුද දියුණුවට පත්වේ. සිතේ සැනසිලිදායක තත්ත්වයක් ඇතිවනු ඇත. 
 
මීන 
ආරවුල් මතුවිය හැකි බැවින් ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. දුර ගමනක් යාමට හෝ පිට පළාතක සිටින අයෙක් ගැන මතකයට එයි. සිත් තැවුල් කනගාටු ඇතිවීමටද කරුණු යෙදෙනු ඇත. පිනට දහමට ආශාව ආගම් භක්තිය ඇති කරයි. 
 
ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.