වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
මැයි මස 26 වැනි සිකුරාදා - ලග්න සහ රාහු කාලය
මැයි 25, 2023
ඉර උදාව - 05.53
ඉර බැසීම - 06.22
රාහු කාලය - උදේ 10.33 - 12.08
රාත්‍රී 10.41 - 12.08
සුබ දිසාව - උතුර
මේෂ ලග්නය
ගතට සිතට සැනසිල්ල උදාකරන දිනයක් වන අතර, පවුලේ කටයුතු කෙරෙහි වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක්ද පෙන්නුම් කරයි. නිතර ආගම දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ.
වෘෂභ ලග්නය
පැවැති නොසන්සුන්තාවය මඟහැරී යයි. උත්සාහවන්තව කටයුතු කරන දිනයකි. පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට අවස්ථාව උදාකරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි.
මිථුන ලග්නය
අතමිට සරු කරයි. ප්‍රභූන් හා ඇසුරට කටයුතු සැලසේ. පවුලේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුවන දිනයකි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසේ.
කටක ලග්නය
හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇති අතර, මානසික නිදහසට බාධා කරන දිනයකි. අමනාප වූ කෙනෙකු සමඟ මිත්රවීමට අවස්ථාව උදා කරයි.
සිංහ ලග්නය
ඥාති හිතවතුන් අතර කැපී පෙනෙන දිනයකි. නිතර තමාට අන් අයගේ ප්‍රසාද හිමිවන බවක් පෙන්වයි. එහෙත් හදිසි මතභේදයකට තුඩු දෙන කරුණු කීපයක් සිදුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.
කන්‍යා ලග්නය
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන දිනයකි. හදිසි ගනුදෙනුවකට අත ගැසීමට කටයුතු සැලසේ.
තුලා ලග්නය
රැකියාවේ කටයුතු සම්බන්ධ අසහනකාරී බවක් ඇති කරයි. එමෙන්ම හදිසි වී ගන්නා තීරණයක් හේතුවෙන් තමාට පාඩු විඳීමට සිදුවේ. දුරගමන් යෙදෙන දිනයකි.
වෘශ්චික ලග්නය
දුරදිග නොබලා කටයුතු කරන දිනයකි. ගෘහ ජීවිතයේ කටයුතු අධිකවන බවක් පෙන්වයි. නිතර පැණි රස කෑමවලට පි‍්‍රයකරන බවක් පෙනේ. අමතර ලැබීමකට හිමිකම් ඇතිකරයි.
ධනු ලග්නය
දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන දිනයකි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් ද පෙන්වයි. සිතේ චංචල බවක් ඇතිවන අතර, තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
මකර ලග්නය
නොසිතූ කරදරයකට පැටලීමට ඉඩ ඇති දිනයකි. ඇසුරු කරන අය පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. විවාහය සම්බන්ධ තීරණයකට එළැඹීමට අවස්ථාව උදාකරයි.
කුම්භ ලග්නය
පවුලේ වගකීම් බහුල කරයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙනදාට වඩා අමතර ආදායම් මාර්ගවලට අවස්ථාව උදා කරයි.
මීන ලග්නය
අවිවේකී ලෙස උදාවන දිනයකි. හදිසි මුදලක් වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ගේ දොර අලංකාරයට වෙහෙසෙන අතර, පැවැති බලාපොරොත්තුවක් ඉටුවන බවක් ද පෙන්නුම් කරයි.
ජ්‍යොතිර්වේදිනී
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - උදේ 07.27 - 09.14 රාත්‍රී 07.47 - 09.14 සුබ දිසාව - දකුණ මේෂ ලග්නය...
2023-05-21 13:45:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - සවස 04.48 - 06.21 අලුයම 04.26 - 05.53 සුබ දිසාව - දකුණ මේෂ...
2023-05-20 11:45:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - උදේ 10.34.00 - 12.07 රාත්‍රී 10.40 - 00.07 සුබ දිසාව - දකුණ ...
2023-05-18 15:15:00
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දැයේ දූ දරුවන්ගේ පෙර දිරි වඩනු පිණිස මේ සෙත් කවි පෙළ ඉදිරිපත් කෙරේ. සියලුම...
2023-05-18 18:30:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.20 රාහු කාලය - දහවල් 01.40 - 03.14 අලුයම 01.33 - 03.00සුබ දිසාව - නැඟෙනහිර මේෂ සිතේ පැවැති නොසන්සුන්තාවය මඟහැරී යයි...
2023-05-17 14:00:00
ඉර උදාව - 05.54 ඉර බැසීම - 06.20 සුබ දිසාව - උතුර රාහු කාලය - දහවල් 12.07 - 01.40 රාත්‍රී 12.07 - 01.34...
2023-05-16 12:15:00
ඉර උදාව පෙ.ව. 05.54ඉර බැසීම ප.ව.6.20 රාහු කාලය ප.ව. 3.13 සිට ප.ව. 04.47 අලුයම 3.00 සිට අලුයම 4.27 ශුභ දිසාව – නැඟෙනහිර...
2023-05-15 15:30:00
ඉර උදාව - පෙ.ව. 05.54ඉර බැසීම - ප.ව. 6.20 රාහු කාලය පෙ.ව. 07.24 සිට පෙ.ව. 08.56 රාත්‍රී 07.46 සිට 09.14 ...
2023-05-14 12:30:00
ඉර උදාව - පෙ.ව. 05.54ඉර බැසීම - ප.ව. 6.20 රාහු කාලය ප.ව. 04.46 සිට ප.ව. 06.20 අලුයම 04.27 සිට 05.54 ශුභ...
2023-05-13 12:00:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 6.20 රාහු කාලය පෙ.ව. 08.54 සිට පෙ.ව. 10.28 රාත්‍රී 09.13 සිට 10.40 ශුභ දිසාව - බස්නාහිර මේෂ පොදු ජනයා සමඟ ආශ්...
2023-05-12 12:30:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.19සුබ දිසාව - දකුණරාහු කාලය - උදේ 10.33 - 12.07 දක්වාරාත්රී 10.39 - 12.07 මේෂහදිසි කටයුතු කීපයක් වෙනුවෙන් ගතසිත...
2023-05-11 14:45:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.19සුබ දිසාව - දකුණරාහු කාලය - උදේ 10.33 - 12.07 දක්වාරාත්රී 10.39 - 12.07 මේෂ හදිසි කටයුතු කීපයක් වෙනුවෙන් ගතසිත...
2023-05-11 12:30:00
ඉර උදාව පෙරවරු 05.55ඉර බැසීම පස්වරු 06.19රාහු කාලය – පස්වරු 12.11 සිට 01.40 දක්වා මේෂ සිත් තැවුල් ගෙනෙන කණගාටුදායක දිනයක් වන අතර, උසස් අයගෙන් හෝ...
2023-05-09 11:00:00
ඉර උදාව පෙරවරු 05:55 ට ඉර බැසීම පස්වරු 6:19ටරාහු කාලය 02:50 සිට 4: 25 දක්වාසුබ දිශාව - නැගෙනහිර මේෂ ලග්නය වැඩිහිටියන්ට හිතවත්ව කටයුතු...
2023-05-08 17:15:00
ඉර උදාව - පෙරවරු 5.55 රාහු කාලය - (පෙරවරු සහ පස්වරු) 7.25 සිට 8.55 දක්වා මේෂ ලග්නය ව්‍යාපාර කටයුතු වැනි දෙයට යහපත් දිනයක්...
2023-05-07 16:30:00
සූර්ය උදාව පෙරවරු 05:55 ටරාහු කාලය 4:25 සිට සිට 05:55 දක්වා (රාහු කාලය පෙරවරු සහ පස්වරු සඳහා එකම අයුරින් යෙදේ) මේෂ ලග්නය ...
2023-05-05 18:30:00