මැයි මස 15 වැනි සඳුදා - ලග්න සහ රාහු කාලය

මැයි 14, 2023
 
ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 6.20 
 
රාහු කාලය පෙ.ව. 07.24  සිට පෙ.ව. 08.56 
රාත්‍රී 07.46  සිට 09.14 
 
ශුභ දිසාව - නැඟෙනහිර  
 
මේෂ 
අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති අතර සුළු තුවාල අනතුරු ඇතිවීමටද ඉඩ තිබේ. අන් අය සමඟ ආශ්‍රය කිරීමේ දී හා ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් විය යුතු ය. තමා අතින් යම්කිසි පාඩුවක් සිදුවිය හැකි අතර ශාරීරික ආබාධයකටද ඉඩ තිබේ. 
 
වෘෂභ 
අලුත් හිත මිත්‍ර පිරිසක් ආශ්‍රයට ලැබෙන අතර ආශ්‍රය කරන අයගෙන් පී‍්‍රතියට කටයුතු සැලසේ. විරුද්ධ ලිංගිකයන් සමඟ හිතවත්කම් ඇතිකරගෙන කටයුතු කිරීමට ද ලැබෙනු ඇත. ඥාතියකු  හෝ මිත්‍රයකු තමාව සොයාගෙන එනවා ඇත. 
 
මිථුන 
ගෙදර දොර කටයුතුවලින් සැනසීමක් ලැබෙන දිනයක් වන අතර අන් අයගෙන් උදවු උපකාර ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමට ද හැකිවනු ඇත. තරමක චංචල සහගත සිතකින් කටයුතු කිරීමට සිදුවේ. 
 
කටක 
අන් අයගේ තැනක වාසය කිරීමට සිදුවන අතර ආරවුල් මතුවිය හැකි බැවින් ඉවසිලිවන්තව කටයුතු කළයුතු වනු ඇත. දුර ගමනක් හෝ දුරක සිටින අයකු ගැන සිතන දිනයක් වන අතර ආමාශ ගත ආබාධයක් ඇතිවීමට ද ඉඩ ඇත. 
 
සිංහ 
කනගාටු සහිතව කාලය ගතවන අතර නිශ්ඵල ගමන්, අධික වියදම් ඇති කරවනු ඇත. සිතට සැකයක් ඇතිව කටයුතු කිරීමට සිදුවන අතර දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක් ඇතිවීමට ද ඉඩ ඇත. 
 
කන්‍යා 
මිත්‍රයන් හා ආශ්‍රය ඇතිවන දිනයක් වන අතර සැප පහසුවට, හොදට නිදා ගැනීමට ද ලැබෙනු ඇත. තරමක රාගාධික ගතියක් ඇතිවන අතර දියුණුවට යහපත් දිනයකි. 
 
තුලා 
සුළු සුළු වස්තු ලාභ ලැබෙන අතර ගෙදර දොර වාසනාවන්ත වේ. සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙන අතර ආහාර දිරවීමේ අපහසුතාවයන් ඇතිවනු ඇත. 
 
වෘශ්චික 
බාහිර කරදර ඇති කරවන දිනයක් වන අතර යම්කිසි වරදක් නිසා දඬුවම් ලැබීමටද සිදුවිය හැකි දිනයකි. කරගෙන යන කටයුතුවලට බාධා ගෙන දෙයි. ධන හානි ද ඇතිවේ. බඩේ අජීර්ණ ගති රක්ත වාත අමාරුවලින් පීඩා ගෙනදෙනු ඇත.
 
ධනු 
ඉක්මන් කේන්ති යන ගතියක් ඇතිවන අතර ගෙදර දොර සැප පහසුව අඩුවේ. කරගෙන ආ කටයුතුවල ප්‍රමාදවීමක් පෙන්නුම් කරන අතර එයින් පාඩුද ඇතිවනු ඇත. උදරාබාධ පපුවේ පෙනහලුවල අමාරු ඇතිවනු ඇත. 
 
මකර 
හිතවත් අයකුගෙන් ඈත්වීමක් ඇති විය හැකි අතර මිතුරකුගේ පැමිණීමක් ද ඇතිවේ. ධෛර්යමත්ව කටයුතු කරන අතර නිතර අදහස් වෙනස් කරන ගතියක් ද ඇතිවේ. තමා ගැන යම් හොඳක් ඇසීමට සිදුවන දිනයකි.
 
කුම්භ 
මුදල් හානි, මෙන්ම තමා සතු යම් යම් බඩු භාණ්ඩ කැඩීබිඳී යාමට ඉඩ ඇති දිනයක් වන අතර අන් අය අතර තමා කෙරෙහි පැවැති ගෞරවය පිළිගැනීම අඩුව යනු ඇත. 
 
මීන 
හොඳ දෙයට සිත යොමුවන අතර මිහිරි ආහාර පාන වර්ග ලැබෙන දිනයකි. අලුත් ආභරණ වස්තු ආදිය ලැබීමට ද  පුළුවන. පෞද්ගලික කටයුතු කෙරෙහි හිත ඇදී යන අතර නිදහස්ව කටයුතු කිරීමටද යෙදෙයි. 
 
ඡ්‍යොතිෂවේදිනී 
ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.