මැයි මස 17 වැනි බදාදා - ලග්න සහ රාහු කාලය

මැයි 16, 2023
 
ඉර උදාව - 05.54 
ඉර බැසීම - 06.20 
 
සුබ දිසාව - උතුර 
 
රාහු කාලය  - දහවල් 12.07 - 01.40 
රාත්‍රී 12.07 - 01.34 
 
මේෂ 
දවසින් වැඩි කොටසක් පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. පවුලේ කෙනකුගේ අධ්‍යාපනික කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. අඹුසැමි මතභේදයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. හදිසි ලැබීම් හිමි වූවත් ඒවාට බාධා ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. 
 
වෘෂභ 
ලැබීම් අතින් යහපත්ය. ගනුදෙනුවකින් වාසි කීපයක් හිමිකරයි. ප්‍රමාද වූ විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. වරින් වර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. හිතුවක්කාර තීරණයක් පාඩු සිදුකරයි. 
 
මිථුන 
ගතට සිතට සැනසිලිදායක දිනයකි. නිතර බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. මුදල් ගනුදෙනුවලට සම්බන්ධවීමේ දී කල්පනාකාරී වන්න. ආගමික සහන පතන දිනයකි. 
 
කටක 
හිතුවක්කාර ගතිපැවැතුම් ඉස්මතු කරයි. නොසිතූ මානසික පීඩාවකට ලක්වීමට ඉඩ ඇත. එහෙත් හදිසි මුදල් ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. මවුපස ඥාතියකු පිළිබඳ සිත් තැවුලක් අසන්න ලැබේ. එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න. 
 
සිංහ 
අවිවේකී ලෙස දවස ආරම්භ කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිවන බවක් ද පෙන්නුම් කරයි. එහෙත් ලාභ හිමි කරන මාර්ග කීපයක් පෑදේ. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරී වන්න. 
 
කන්‍යා 
ශාරීරික වෙහෙස ගෙනදෙන අතර, යොදාගත් සැලසුමක් ප්‍රමාද කරයි. එහෙත් ගේ දොර කටයුතු පිළිබඳ අලුත් වෙනස්කම් කීපයක් සිදුකරයි. ලැබීම් අතින් යහපත් කාලයක් වුවත් වැය පස අධිකවීමටද ඉඩ ඇත. 
 
තුලා 
නොසන්සුන්කාරී ලෙස දවස ගෙවන දිනයකි. රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ආගමික නායකයන් හා එක්ව කරන කටයුතු කීපයකට සම්බන්ධ වීමට මඟ සැලසේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු යෙදේ. 
 
වෘශ්චික 
අලුත් බලාපොරොත්තු ඇති කරන දිනයකි. එහෙත් නිවෙසේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරයි. පිය පස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. පැවැති අසනීපයකින් සුවය හිමි කරන දිනයකි.
 
ධනු
සිතේ සැහැල්ලුවෙන් කටයුතු කීපයක් කරගෙන යයි. නිතර සහෝදර උපකාරද හිමිවන බවක් පෙන්වයි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යොදවයි. උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගාබාධවලින් පීඩාකාරී බවක් ඇති කරයි. 
 
මකර 
වෙනදාට වඩා වගකීම් බහුල කරයි. ළඟින් අසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදුවිය හැකි දිනයකි. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. දනට පිනට වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙන්වයි. යන එන ගමන්වලින් වාසි අත්කරයි. 
 
කුම්භ 
අවිවේකී ලෙස උදාවන දිනයකි. පවුලේ වැඩිහිටියකු නිසා තීරණ කීපයක් වෙනස් කරයි. රැකියා ස්ථිරවීමක් වැනි බලාපොරොත්තුවක් ඉටුකරයි. දරුවකුගේ ජයග්‍රහණයකට හේතු ඇති කරයි. ලැබීම් අතින් යහපත් දිනයකි. 
 
මීන 
විශේෂ හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි. පවුලේ දියුණුව වෙනුවෙන් පියවර කීපයක් ගැනීමට සිදුවේ. නැති වූ දෙයක් නැවත හිමිකරයි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවේ. නිතර ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි.
 
ජ්‍යොතිර්වේදිනී 
ධම්මිකා රාජපක්ෂ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.