මැයි මස 14 වැනි ඉරිදා - ලග්න සහ රාහු කාලය

මැයි 13, 2023
 
ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 6.20 
 
රාහු කාලය ප.ව. 04.46  සිට ප.ව. 06.20 
අලුයම 04.27  සිට 05.54 
 
ශුභ දිසාව - දකුණ 
 
මේෂ
පහසුවෙන් මිත්‍රයන් ඇතිකරගත හැකි දිනයකි. එහෙත් එම මිතුරුකම කල්නොපවතියි. ආදායම ස්ථිර නොවීමටද ඉඩ තිබේ. කනේ අමාරුවක් හෝ එවැනි ආපදා තත්ත්වයක් ඇතිවනු ඇත. 
 
වෘෂභ 
ඉඩකඩම් දේපළ පිළිබඳ යම් කතාබහක් ඇතිවන අතර ගමන් බිමන්වල යෙදීමට කරුණක් ද ඇතිවනු ඇත. ස්ථානගත වෙනසක් ඇති වන අතර උත්සාහය උනන්දුව අඩුව යනු ඇත. 
 
මිථුන 
ක්‍රමානුකූලව තම කටයුතු කරගෙන යාමට හැකිවන දිනයක් වන අතර මවුපියන්ගේ කටයුතුවලට උදව් උපකාර කිරීමටද ඉදිරිපත්වේ. උත්සාහවන්තව කටයුතු කරයි. ගෙදර දොර කටයුතුවල වෙනසක් ද ඇති වන බවක් පෙන්නුමම් කරයි. 
 
කටක 
එතරම් යහපත් දිනයක් නොවන අතර තම කටයුතුවලට සෑම පැත්තෙන්ම බාධා කරදර ඇතිවේ. උත්සාහයේ තරමට ප්‍රතිපල නොලැබෙන අතර නිකරුනේ චෝදනාවන් එල්ලවන දිනයකි. ජලයෙන් පීඩා ඇතිවනු ඇත. 
 
සිංහ 
අන් අයට යටත්ව කටයුතු කිරීමට අකමැති වන අතර සහෝදරාදීන් සමඟ මතභේද ඇතිවීමටද ඉඩ ඇත. ආගමික ස්ථාන වැඳ පුදා ගැනීමටද හැකිවන දිනයකි. මුත්‍රා අමාරුවක්, බඩේ අමාරුවක් ඇති කරයි. 
 
කන්‍යා 
පපුවේ හෝ පෙනහලුවල අමාරු ඇතිවිය හැකි අතර ආහාර පාන ගැන එතරම් උනන්දුවකින් යුතුව කටයුතු නොකරනු ඇත. කම්මැළි අලස ගතියක් මෙන්ම නිදිමත ගතියකින් යුතුව කටයුතු කරන දිනයකි. 
 
තුලා 
ප්‍රේම සම්බන්ධතාවයක් නිසා හිතට චංචල බවක් ඇතිවන අතර සිතේ කනස්සලු ගතියකින් යුතුව කටයුතු කරනු ඇත. වැඩ කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ගෙනදෙනු අතර සෙම් අමාරු, කැස්ස, උණ රෝග ඇතිවීමටද ඉඩ ඇති දිනයකි. 
 
වෘශ්චික 
තම වැඩකටයුතුවලට බාධා පැමිණෙන බැවින් ඉවසීමෙන් ප්‍රවේශමින් කටයුතු කළයුතු දිනයකි. ඥාතීන්ගෙන් පවා හොඳක් ඇසීමට නොහැකි වන අතර බලාපොරොත්තුව සිටි යම් කටයුත්තක් පමාවීමට කරුණු යෙදෙනු ඇත. මස්පිඬුවල ආබාධ ඇති කරයි. 
 
ධනු 
නව මිතුරු පිරිසක් ඇසුරට යොමු වන අතර, ඔවුන් හා එකතුව කටයුතු කිරීමටද හැකිවනු ඇත. කලකින් නොගිය ගමනක් යාමට හැකිවන අතර සුළු සුළු ලාබ ලැබෙන දිනයකි. මුදල් ලැබීමට යහපත් වුවත් වියදම් අධික වේ. 
 
මකර 
කම්මැළි, අලස ගති, නිදිමත ගති ඇතිවන අතර හුදකලාව තමාගේ පාඩුවේ පැත්තකට වී කටයුතු කිරීමටද සිත්දෙන දිනයකි. මිතුරුව සිටි අයකු අමනාපවීමට හෝ තමාගෙන් ඈත්වීමටද කරුණක් යෙදෙනු ඇත. 
 
කුම්භ 
උත්සාහවන්තව කටයුතු කරන දිනයක් වුවත් එම උත්සාහයේ ප්‍රතිඵල එදිනම ලැබෙන්නේ නැත. ශරීරයට අධික වෙහෙසක් ද ඇතිවන අතර උණ රෝගයක් හෝ පීනස් අමාරු සෙම් අමාරුවක් නිසා පීඩා ගෙන දේ. 
 
මීන 
පහසුවෙන් අධෛර්යමත් වන දිනයක් වන අතර ස්ථානගත වෙනසක් හෝ නිදාගන්නා තැනවත් වෙනස්වනු ඇත. කතාවට මෙන්ම ලිවීමට කැමැත්තක් ඇතිවන අතර මත්පැන් වැනි සම්මතයට පටහැනි ක්‍රියාවන්වල නිරතවීමටද සිත් දෙන අතර ශරීරයේ සෙම වැඩි ගතියක් ද පෙන්නුම් කරයි. 
 
ඡ්‍යොතිෂවේදිනී, 
ගීතිකා සමරතුංග
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.