වර්ෂ 2024 ක්වූ October 25 වැනිදා Friday
මැයි මස 25 වැනි බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
මැයි 24, 2023
ඉර උදාව - 05.53
ඉර බැසීම - 06.21
රාහු කාලය - දවල් 01.40 - 03.14
අලුයම 01.33 - 03.00
සුබ දිශාව - උතුර
මේෂ ලග්නය
ශාරීරික අපහසුකම් මඟහැරී යයි. එමෙන්ම වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරන බවක් පෙනේ. සහෝදරයකුගෙන් උපකාරයක් හිමිවන අතර ගනුදෙනුවාසියක් ද අත් කරයි.
වෘෂභ ලග්නය
හදිසි තීරණයකින් තමාට වාසි කීපයක් අත් කරයි. පවුලේ දියුණුවට විශේෂ පියවර කීපයක් ගන්නා දිනයකි. පැවැති අසනීපයකින් සුවය හිමි කරයි. ආගමික සැලසුමකට කටයුතු යෙදේ.
මිථුන ලග්නය
ලැබීම් අතින් යහපත් දිනයකි. නිතර අලංකාරය වෙනුවෙන් වැඩි මුදලක් වැය කරන බවක් පෙන්වයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇත. ව්‍යාපාර කටයුතුවලින් නොසිතූ ගැටලුවකට මැදිවේ.
කටක ලග්නය
හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පාඩු කීපයක් විඳීමට සිදුවේ. පෙම්සබඳතාවයකට බාධා ගෙනදෙන බවක් පෙන්වයි. හදිසි අජීර්ණ තත්ත්වයක් ඇති විය හැකි බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න.
සිංහ ලග්නය
පි‍්‍රය මනාප ගතිපැවැතුම් ඇති කරයි. හිතවතකු වෙනුවෙන් කැපවී කටයුතු කරන බවක් පෙනේ. ඇවිදිලි වැඩි කරන දිනයක් වන අතර, හදිසි වැටීම් හෝ සීරීමක් වැනි දෙයකින් අනතුරක් සිදුවිය හැකියි.
කන්‍යා ලග්නය
රැකී රක්ෂා වෙළ හෙළඳාම් කටයුතුවල නියුතු වූවන්ට යහපත් කාලයකි. නිතර අමතර කටයුතු කෙරෙහි සිත යොමුකරන බවක් පෙන්නුම් කරයි. හදිසියේ හට ගන්නා උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගනී.
තුලා ලග්නය
වරින් වර උදාසීන ගති ඇති කරන දිනයකි. ගේ දොර කටයුතුවල අපිළිවෙළක් ඇති කරයි. ආගමික කටයුතු කෙරෙහි විශේෂ ළැදිකමක් දක්වයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.
වෘශ්චික ලග්නය
අවිවේකී ලෙස උදාවන දිනයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. කලකින් නුදුටු හිතවතකු හමුවීමට අවස්ථාව උදාකරයි. ලාභගෙන දෙන මාර්ග කීපයක් උදාකරන දිනයකි.
ධනු ලග්නය
සැනසිලිදායක ලෙස දවස උදාකරයි. වෙනදාට වඩා පිනට දහමට ලැදිව කටයුතු කරන අතර, ආගමික සිද්ධස්ථානවලට යාමටද අවස්ථාව උදාකරයි. පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි.
මකර ලග්නය
අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික කරයි. නිතර ගේ දොර පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. විවාහය සම්බන්ධ හිතුවක්කාර තීරණයක් ගැනීමට ගන්නා අතර, ඉවසිලිවන්ත භාවය අඩුවන දිනයකි.
කුම්භ ලග්නය
සැනසිලිදායක බව අඩුකරන අතර රැකියාවේ කටයුතු සම්බන්ධ ගැටලුදායක බවක් ඇති කරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.
මීන ලග්නය
අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික කරන බවක් පෙන්නුම් කරයි. පවුලේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට හේතු ඇති කරයි. වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. දේපළ ගැටලුවකටද හේතු ඇති කරයි.
ජ්‍යොතිර්වේදිනී
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
සිතුවම සමන් ශ්රීකාන්තමෙත් සිතින් යුත් දෙව් බඹුන් නෙත් යොමුවෙලා සත් උදම් වේවාසිත් තොසින් සැම දෙනාහට දිවිමගේ සුබසෙත ළඟා වේවාකෙත් පලින් බර වෙලා...
2022-01-06 18:30:00
කවිය යන වචනය සංස්කෘත භාෂාවේ කාව්‍යය යන්නෙන් බිඳී ආවකි. කාව්‍යය සහ කවිය යන දෙපදයන් එකම මූලයකට අයත් වුවද අර්ථ වශයෙන් හා ව්‍යවහාරය අනුව ගත්කල එම පද...
2021-12-16 18:30:00
මානව වංශ කතාවෙහි දුර ඈත අතීතයේ සිටම ග්‍රහ වස්තූන් හා මිනිසා අතර පැවැති සබැඳියාවත් බෞද්ධ දර්ශනය හා ඡ්යෝතිෂයත් අතර ඇති වෘක්ෂලතාවන්හි පවතින දැඩි...
2021-12-02 18:30:00
ඈත අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකා වාසී අප සැබැවින්ම කෘෂිකර්මය මුල් කරගනිමින් අපට ආවේනික වූ ආහාර වර්ග මේ සරු පොළොවේ වගා...
2021-11-25 18:30:00
මංගල දිනයේ ඉතාම ප්රශස්ත සුබ ධනාත්මක ග්‍රහයෝග සහිත නැකැත් තෝරා ගැනීම අනිවාර්ය වන අතර ඉතාම අසුබ ග්‍රහ හැසිරීම් රටාව අනුව අසුබ ග්‍රහ සංයෝග පහතින්...
2021-11-18 18:30:00
2021.11.16 වැනි කුජ දින පැය 17.12 න් කුජ හිමි වෘශ්චික රාශියට පැමිණ ලොව පාලන බලය අතට ගෙන ක්‍රියා කරන රවි 2021.12.16 වැනි දින පහන් වීමට පෙර එහි රැඳී...
2021-11-04 18:30:00
ඔබේ වාහන සිහිනය කවදා සැබෑවේද යන්න සිත්හි ඇත. ඔබගේ කේන්ද්‍රය අනුව ඔබට වාහන හිමිවේද නැද්ද යන්න දැන ගැනීමට ඡ්‍යොතිෂයෙන් හැකියාව ඇත. වාහන සම්බන්ධව කේන්ද්...
2021-10-28 18:30:00
තුලා රාශියට සංක්‍රමණය වූ රවි - කුජ - බුධ ත්‍රිත්ව යෝගය නිසා මේෂ - වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-තුලා-ධනු-කුම්භ-මීන යන ලග්න 09ට ඉතා ප්‍රසන්න සුබපල ගෙනදෙන අතර...
2021-10-28 18:30:00
ගජ කේෂරී, රවි බුධ ආධිත්‍ය නීච භංග ගුරු ශනි යෝග බලැතිව, කුජ ශනි, කුජ ගුරු චතුර්කෝණ ශනි චන්ද්‍ර ෂඩ් කෝණ දෘෂ්ටියෙන් දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි තුලා...
2021-10-21 18:30:00
නැහැ, බැහැ යන වචනවලින් තොරව එක එල්ලේ සුබවාදීව වචන භාවිතාව සිදු කරන්නට හැකි වන්නේ අප අතරින් කීයෙන් කී දෙනාට ද? සත්‍ය වශයෙන්ම එසේ කිරීමට ඔහුට හෝ ඇයට...
2021-10-14 18:30:00
පංච මහා පුරුෂ යෝග අතරින්මිථුන- කන්‍යා - ධනු - මින - භද්‍ර යෝගදමේෂ - කටක - තුලා - මකර සස යෝගයදරාශි දොළසටම පාශ යෝග බලයද උදා කරවමින් දක්ෂිණායන...
2021-10-14 18:30:00
විවාහය සඳහා සහකරුවකු හෝ සහකාරියක තෝරාගැනීමේදී දෙදෙනා අතර සමඟියෙන් සාමයෙන් කටයුතු කළ හැකි වේද? දෙදෙනාගේ අදහස් ගතිපැවැතුම් කෙසේ වේවිද ,තම අදහස් අනුවම...
2021-10-07 18:30:00
01 ශු උදේ 08.27 සිට උදේ 08.45 දක්වා02 ශ අලුයම 05.57 සිට උදේ 06.27 දක්වා03 ර උදේ 07.33 සිට උදේ 07.57 දක්වා04 ච උදේ 06.57 සිට උදේ 07.09 දක්වා05 කු උදේ...
2021-09-30 18:30:00
ශුක්‍ර චන්ද්‍ර- චන්ද්‍ර, ගුරු සප්තම දෘෂ්ටිය -රවි චන්ද්‍ර , චන්ද්‍ර බුධ ෂඩ් කෝණ දෘෂ්ටිය -චන්ද්‍ර ශුක්‍ර චතුර් කෝණ දෘෂ්ටිය ආශ්‍රිතව ගුරු -ශනි , රවි බුධ...
2021-09-23 18:30:00
ගුරු ශනි සංයෝගය, කුජ ශනි ත්‍රිකෝණ දෘෂ්ටිය, රවි චන්ද්‍ර ෂඩ් කෝණ දෘෂ්ටිය, රවි කේතු සම කුජ ගුරු - කුජ චන්ද්‍ර චතුර් කෝණ දෘෂ්ටිය- චන්ද්‍රයා පාප කර්තරී...
2021-09-16 18:30:00
මෙවර රවි බුධ හිමි කන්‍යා රැසට පැමිණෙන්නේ 2021 සැප්. 16 වෙනි ගුරු දින පැය 47.40 න් වේ. එතැන් සිට 2021.10.17 දින තෙක් රවි කන්‍යා රාශියෙහි හැසිරෙනු ඇත....
2021-09-09 18:30:00