වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මැයි මස 21 වැනි ඉරිදා - ලග්න සහ රාහු කාලය
මැයි 20, 2023
ඉර උදාව - 05.54
ඉර බැසීම - 06.21
රාහු කාලය - සවස 04.48 - 06.21
අලුයම 04.26 - 05.53
සුබ දිසාව - දකුණ
මේෂ ලග්නය
අන් අය අතර තමා කෙරෙහි පැවති ගෞරවය, පිළිගැනීම අඩුව යන අතර, නොතේරුම් කමින් කරන කටයුතුවලින් පාඩු විඳීමට සිදුවනු ඇත. ගනුදෙනු කිරීමේ දී නොයෙක් වැරදීම් මුලාවීම් සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතු ය.
වෘෂභ ලග්නය
සිතට සතුට ගෙන දෙන සිදුවීම්වලට මුහුණ දීමට සිදුවන අතර හොඳ දෙයට සිත යොමුවේ. අතීතය ගැන සිතා සතුටුවීමට මෙන්ම දුක්වීමටද සිදුවන දිනයකි.
මිථුන ලග්නය
මුදල් වියදම් වැඩිවීමට කරුණු යෙදෙන අතර පැවති ගෞරවය නැතිවේ. බලාපොරොත්තු කඩව යන අතර කරගෙන ආ කටයුතු ප්‍රමාද විය හැකි බැවින් උත්සාහයෙන් කටයුතු කළ යුතු වනු ඇත.
කටක ලග්නය
සැක සහිතව කටයුතු කිරීමට සිදුවන කාලයක් වන බැවින් මුදල් නැතිකම ගැන කරදර ඇතිවේ. ඇඳුම් පැළඳුම් මිලට ගැනීමට හෝ ත්‍යාග වශයෙන් වත් එවැනි දෑ ලැබෙන දිනයකි.
සිංහ ලග්නය
ගෙදර දොර කටයුතුවල දියුණු තත්ත්වයක් ඇතිවන අතර හිත මිතුරන් නෑදෑයන් වැනි අය හෝ ආගන්තුක අයකු නිවෙසට පැමිණෙනවා ඇත. නැතහොත් තමාට එවැනි ගමනක් යෙදේ. මිහිරි ආහාරපාන ලැබෙන දිනයක් ද වනු ඇත.
කන්‍යා ලග්නය
ආලය පිළිබඳ කටයුතුවලින් සිත් තැවුල් ඇතිවන අතර මිතුරුව සිටි අය අමනාපවීමට වුවත් ඉඩ ඇති කාලයකි. සිතේ සතුට අඩු දිනයකි. කරගෙන ආ කටයුතුවලට ද යම් යම් බාධක ගෙන දෙනු ඇත.
තුලා ලග්නය
කරදර සිත් තැවුල් අසනීප ගති ඇතිවන දිනයක් වන අතර ඥාති මිත්‍රාදීන් හා සිත් අමනාපකම් ඇතිවීමට ද ඉඩ ඇත. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයක් වන අතර බඩේ අමාරුවක් නිසා පීඩා විඳීමට ද සිදුවේ.
වෘශ්චික ලග්නය
තමා කෙරෙහි අන් අය අතර අප්‍රසාදයක් බඳු හැඟීමක් ඇතිවුණ ද සැප පහසුවට නිදා ගැනීමට ලැබෙනු ඇත. විනෝදයට හිත ඇදී යන අතර වාද විවාදවලට පි‍්‍රය කරයි.
ධනු ලග්නය
කරදර සහිත දිනයක් වන අතර නියම වේලාවට නියම ක්‍රමයට තමාගේ එක වැඩක්වත් කෙරෙන්නේ නැත. හිතවත් අයකුගේ හෝ දන්නා හඳුනන අයකුගේ වියෝවක් අසන්නට ලැබෙනු ඇත. හදිසි අනතුරුවලට ලක්වීමේ අවදානමක් ඇති බැවින් පරිස්සම් විය යුතු ය.
මකර ලග්නය
ආගම දහම පිළිබඳව භක්තියකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර කුඩා දරුවන් නිසා සිත් තැවුල් ඇතිවීමටද ඉඩ තිබේ. ආමාශයේ ආබාධ ගතියක් ද ඇතිකරයි.
කුම්භ ලග්නය
බලාපොරොත්තු ඉටුවන අතර එයින් දියුණුවද ඇතිවේ. ලොතරැයි වාසනාව, මිල මුදල් ඇති දිනයක් වන අතර පී‍්‍රති උත්සවවලට සහභාගි වීමට හෝ එවැනි උත්සව පැවැත්වීමට පෙළඹෙන දිනයකි.
මීන ලග්නය
දියුණුවට කටයුතු සැලසෙන අතර මුදල් ලාභද ලැබේ. කරන කියන කටයුතුවලින් සිතට සැනසීමද පී‍්‍රතිය ඇතිවන අතර සමාජ ආශ්‍රයට යොමුවන දිනයකි. ආශ්‍රය කරන්නන්ගෙන් පී‍්‍රතියට කටයුතු සැලසේ.
ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ග්‍රහ ලොව කුමරු ලෙස හැඳින්වෙන දැනුමට අධිපති බුධ 2024 මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 09.37ට තම නීච රාශිය වන මීනයට ප්රවිශ්ට වේ. මෙය දරුවන් ගැන...
2024-02-29 18:30:00
මාර්තු මාසය පුරා ග්‍රහ සංක්‍රමණ, ග්‍රහ සංක්‍රාන්ති, ඡායා චන්ද්‍ර ග්‍රහණය, ග්‍රහ යුද්ධ, කුම්භ සහ මීන රාශිවල රවි සංක්‍රාන්ති දෙකක බලපෑම අර්ධකාල සර්පයෝග...
2024-02-29 18:30:00
පංච මහා පුරුෂ යෝග අතරින් රුචක හා සස යෝග දෙක ද අතිශය බලවත් ධර්ම කර්මාධිපති යෝග බලයද උදා කරමින් මාර්තු 07 වැනිදා දක්වා බුධ කුම්භ රාශිගතව හැසිරීම ලග්න...
2024-02-22 18:30:00
පෙබරවාරි 20 කුජ දින නවම් මහේ පුර දොළොස්වක තිථිය – දිවිකරණයපෙරවරු 11.21 - පස්වරු 12.43 සහ 02.07 නැඟෙනහිර බලාහරක්, ඌරන් ඇතුළුව සත්ව හානි වළකයි. වැටවල්...
2024-02-15 16:30:00
ග්‍රහ මඬුල්ලේ සෙන්පති ලෙස හඳුන්වන අඟහරු පරදා සුකොමළ ගුණැති සිකුරු මකර රාශියේ ඇතිවන යුද්ධයෙන් ජය ගැනීම කාන්තාවන්ගේ විවිධ ශිල්ප ශාස්ත්‍ර දැනුම...
2024-02-15 18:30:00
රසලෝලී සිකුරු ග්‍රහයා සෙනසුරු හිමි මකර ලග්නගත වීම මැණික් පතල් පෑදීම, නිදන් වස්තු මතු වීම, මැණික් ආදී භූමි සම්පත් අපනයනයෙන් වැඩි ලාභ ලැබීම වැනි...
2024-02-09 01:30:00
මේ මස 22 වැනිදා බ්‍රහස්පතින්දා මුළු දවසම සුබ කටයුතු සඳහා යොදාගත හැකි කේවල සිද්ධි යෝගයක් උදා වනු ඇත. එදින නවම් මස පුර තෙලෙස්වක තිථිය පස්වරු 1.02 න්...
2024-02-08 18:30:00
කලකට පසු යෙදෙන යම කාල සුබ මුහුර්තයක් මේ මස 10 වැනිදා සෙනසුරාදා පෙරවරු 8.06 සිට 8.42 දක්වා උදා වනු ඇත.දෙනට නැකත යෙදී ඇති එම සුබ මුහුර්තය උදා වන්නේ පංච...
2024-02-01 18:30:00
එළැඹෙන පෙබරවාරි මස 5 වෙනි සඳුදා රාත්‍රී 9.42 ග්‍රහලොව සෙන්පති අඟහරු තම උච්ච භවනය වන මකර රාශි ගත වී සතරදීප යෝගය උදා කිරීම ලග්න දොළසටම ශුභ ඵල ගෙන දීමට...
2024-02-01 18:30:00
ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරියහත නැකැත හා විශේනිය තිථිය ද සහිත දෝෂ භංග කරන සිද්ධි යෝගය ද ප්රබලව යෙදීමෙන් නව නිවාස ආරම්භයට ඉතා යහපත් නැකැතක් ජනවාරි 31...
2024-01-25 18:30:00
ප්‍රවීණ ඡ්යොතිෂවේදීකොත්මලේ විජිත ඩී. ලියනආරච්චිඉතා ප්‍රබල ද්විත්ව යෝගයක් සිංහ ලග්නය මුල් කොටගෙන ජනවාරි 18 වැනිදා රාත්‍රී 8.56 සිට පෙබරවාරි 01 වැනිදා...
2024-01-18 18:30:00
ලග්න දොළහටම කීර්තිය, ප්‍රසිද්ධිය, ඥානය, අවබෝධය, ධාරණ ශක්තියකාලගුණික බලපෑම් දැඩි වෙයිප්රවීණ ඡ්යොතිෂවේදීකොත්මලේ විජිත ඩී. ලියනආරච්චි දැනුමට...
2024-01-11 18:30:00
වාෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට සස යෝගයෙන් ප්‍රශංසා ගරු බුහුමන්මේෂ, වෘෂභ,කටක, සිංහ. කන්‍යා, තුලා, වෘශ්චික, මකර, කුම්භ, මීන ලග්නවලට රජයෙන් වැඩි ප්...
2024-01-04 18:30:00
යහපත් චින්තන රටාව දියුණ සවිය ගෙනෙනු ඇත. යහපත් චින්තනය හොඳ පුරවැසියෙකු බිහිකරයි. මෙම චින්තන ධාරාව අඩු වැඩි වෙමින් පැමිණ 5 -ඉ (ජ්ඪමඥ - ඵ) සංකල්පය...
2024-01-04 18:30:00
ලග්න දොළසටම බුධ ආධිත්‍ය සුනඵා, අනඵා, දුරුධරා යෝග බලයෙන් බුද්ධිය සහ කීර්තියලංකා කේන්දරයේ ධර්මකර්මාධිපති යෝගය යෙදීම සමස්ත ජනතාවට ආශිර්වාදයක් රාශි...
2023-12-28 18:30:00
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරට සස යෝග බලයෙන් සැප සම්පත්මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, ධනු, මකර, කුම්භ රාශි හිමියනට ලක්ෂ්මි යෝග බලයෙන් ධන...
2023-12-21 18:30:00