වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
පරාක්‍රම නිරිඇල්ලට ආචාර්ය උපාධි ලෝගුව පැලැන්දූ සෙනසුරු
නම කියූ පමණින් මුළු රටම හඳුනන පරාක්‍රම නිරිඇල්ල මහතා නාට්‍ය රචකයකු ලෙසද, අධ්‍යක්ෂවරයකු ලෙසද, සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණකරුවකු ලෙස ද රූපවාහිනී නිෂ්පාදකවරයකු ලෙසද කීර්තිමත් නමක් දිනා ගත්තෙකි. අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඔහු ආචාර්ය පරාක්‍රම නිරිඇල්ල වනතෙක් ආ ගමනේ ග්‍රහ හැසිරීම් පිළිබඳවය. 1949 වසරෙහි අපේ‍්‍රල් 18 වැනිදා රත්නපුර නිරිඇල්ලේදී උපත ලබා ඇති ඒ මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහන පහත පරිදි වේ.
පරාක්‍රම නිරිඇල්ල මහතාට උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව 1950 සැප්තැම්බර් 20 වැනිදාත්, 1952 නොවැම්බර් 25 වැනිදාත් අතර කාලසීමාව තුළ අතිප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ටක කාලයක් ගත වී ඇති බව පෙනේ.
ඒ අනුව ඒ මහතාට වයස අවුරුදු එකහමාරක පමණ කාලසීමාවේදී ඒ මහතාගේ මෑණියන් සඳහටම මෙලොව හැර යන විට ඒ මහතා මේ තදබල ලග්න අෂ්ටම ඒරාෂ්ටකය ගත කර ඇති බව පෙනේ. ඒ අනුව ඒ මහතා කුඩා කල සමීපතම ඥාතියකුගේ නිවෙසෙහි හැදී වැඩී ඇති අතර ඉතා දුෂ්කර ජීවිතයක් ගත කර ඇත.
මෙවන් තදබල දුෂ්කරතාවලට මුහුණදීමට සිදු වුවද ඒ මහතාගේ උත්පත්ති කේන්දර සටහන තුළ අතිප්‍රබල විදේශ ගමන් යෝග කිහිපයක් තිබීමට අනුව අවස්ථා කිහිපයකදීම අන්තර්ජාතික කලා කටයුතු වෙනුවෙන් සහභාගිවීමට ඔහුට අවස්ථාව ලැබී ඇති අතරම අන්තර්ජාතික වශයෙන් සම්මානනීය පුද්ගලයෙකු වීමටද අවස්ථාව ලැබී ඇත. නිරිඇල්ල මහතාගේ උත්පත්ති කේන්දර සටහනේ ශනි සහ සිකුරු යන ග්‍රහයන්ගේ පිහිටීම්වලට අනුව, ඒ මහතාට කලා ක්ෂේත්‍රයේ කීර්තිමත් නමක් හිමි කර ගැනීමට හැකි විය.
නිරිඇල්ල මහතාගේ පළමු වේදිකා ප්‍රවේශය වූයේ 1976 වර්ෂයේදී නිර්මාණය කළ “සෙක්කුව“ ය. මේ නිර්මාණය සඳහා රාජ්‍ය නාට්‍ය උලෙළේදී සම්මාන 7ක්ම හිමිවීමෙන් එය කොතරම් විශිෂ්ට නිර්මාණයක් ද යන්න ඉතා හොඳින් තහවුරු වෙයි. කෙසේ වෙතත් නිරිඇල්ල මහතාගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව, 1975 වසරෙහි ජූලි 23වැනිදාත්, 1977 වසරෙහි සැප්තැම්බර් 7 වැනිදාත් අතර කාලසීමාව තුළ චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක කාලය ගත වී ඇත. ඒ අනුව ඒ මහතා සෙක්කුව නම් වූ විශිෂ්ටතම නිර්මාණය සිදු කරන මොහොත වන විට ඒ මහතාට චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකය ගත වෙමින් තිබී ඇති බව පෙනේ.
මේ අතිදක්ෂ නාට්‍ය රචකයා 1982 වසරෙහි ජූනි මාසයේදී මුල්වරට රූපවාහිනිය හා සම්බන්ධ වී ඇත. මෙහි විශේෂත්වය වන්නේ, ඔහුට 1980 වසරෙහි ජූලි 27 වැනිදාත් 1982 වසරෙහි ඔක්තෝබර් 5 වැනිදාත් අතර කාලසීමාව තුළ අතිප්‍රබල ලග්න අෂ්ටම ඒරෂ්ටකයක්ගත වෙමින් තිබීමය. ඒ අනුව ඒ මහතාගේ ජීවිතයේ ඉතාම සුවිශේෂී සිදුවීමක් වන, රූපවාහිනියට මුල්වරට සම්බන්ධවීම සිදු වී ඇත්තේද ඉතාම ප්‍රබල ඒරාෂ්කයක් ගත වද්දිම බව ඉතාම හොඳින් පැහැදිලිය.
මේ නාට්‍යවේදියාට 1987 වසරෙහි දෙසැම්බර් 17 වැනිදාත් 1990 මාර්තු 21 වැනිදාත් අතර කාලසීමාව තුළද 1990 ජූනි 20 වැනිදාත්, 1990 දෙසැම්බර් 15 වැනිදාත් අතර කාලසීමාව තුළද අතිප්‍රබල ජන්ම ඒරාෂ්ටකයක් නොහොත් ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇත. ඒ අනුව ඔහුට 1990 වසරෙහිදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ගෞරවනීය පුරවැසියකු ලෙස පුරවැසිභාවය ලබා දෙන විට ඔහු ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිට ඇති බව පෙනේ. තවද නිරිඇල්ල මහතා 1984 - 1985 වර්ෂවල “යශෝරාවය” ටෙලිනාට්‍යය හා සම්බන්ධ වී කටයුතු කරන විට ඒ මහතාට ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වෙමින් තිබී ඇත.
පරාක්‍රම නිරිඇල්ල මහතා 1992 වසරේදී ජපානයේ සංචාරය කර ඇති අතර ඒ අනුව එම කාලසීමාව තුළ සිදු කළ කලා කටයුතුවලින් ජීවිතයේ මුල්වරට විදේශීය මුදල් ඒකකයක් වන ‘යෙන්’ වලින් ආදායම් ලැබී ඇත. ඒ මහතා 1990 දෙසැම්බර් 15 වැනිදාත්, 1993 මාර්තු 5 වැනිදාත් අතර කාලසීමාව තුළ ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත කිරීම තුළින් පෙනී යන්නේ ඔහු ජීවිතයේ පළමුවතාවට විදේශීය මුදල් ඒකකයකින් ආදායම් ලබද්දී ජන්ම ඒරාෂ්ටකයේ අවසාන අදියර ගත කරමින් සිට ඇති බවයි. එමෙන්ම 1985 සහ 1986 යන වර්ෂවල අන්තර්ජාතික වශයෙන් කලාකටයුතුවල යෙදෙන විට පරාක්‍රම නිරිඇල්ල මහතාට ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වී ඇති බව පෙනේ. තවද ඒ මහතා 1987 වසරේදී ‘සිරිමැදුර’ වැනි චිත්‍රපටය නිර්මාණය කරන විටද ඒ මහතාට ජන්ම ඒරෂ්ටකයේ ප්‍රථම අදියර ගත වෙමින් තිබී ඇත. 1989 වසරෙහිදී පරාක්‍රම නිරිඇල්ල මහතා විසින් “උත්තමාවී” වේදිකා නාට්‍යය නිර්මාණය කරද්දීද නිරිඇල්ල මහතාට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ.
නිරිඇල්ල මහතාට 1993 වසරෙහි නොවැම්බර් 9 වැනිදාත්, 1995 වසරෙහි ජූනි 1 වැනිදාත් අතර කාලසීමාව තුළ ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබී ඇත. මෙහි විශේෂත්වය වන්නේ ඔහු තම ජීවිතයේ ප්‍රථම වතාවට ස්වකීය සමාගමක් ආරම්භ කර ඇත්තේ 1994 වසරේදීවීමය. ඒ අනුව එම සුවිශේෂි සිදුවීම සිදු වී ඇත්තේද, ඒ මහතාගේ උත්පත්ති කේන්දර සටහනට අනුව ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වද්දි බව පෙනේ. එමෙන්ම 1995 වර්ෂයේදී ටෙලිනාට්‍යයක් කර ගෙන යද්දී රූගතකිරීම්වලට අදාළ වෙඩිල්ලක් වැදීමෙන් බලාපොරොත්තු රහිත ලෙස ගැහැනු දරුවකු මියගොස් ඇත. මේ අතිශය ආන්දෝලනාත්මක සහ අවාසනාවන්ත සිදුවීම ඒ මහතාට කිසිදා අමතක නොවන තැති ගැන්මක් ඇති කළ අතර එම සිදුවීම සිදු වී ඇත්තේද ඒ මහතා ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරද්දීය. තවද 1995 වර්ෂයේදී ‘වරෙන්තු’ නම් කලා නිර්මාණය ආරම්භ වන්නේද පරාක්‍රම නිරිඇල්ල මහතාගේ අධ්‍යක්ෂණයෙනි. ඒ වන විටද නිරිඇල්ල මහතා ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිට ඇති බව පෙනේ. මෙම නාට්‍යය, ජනකරළිය නම් මෙරට ප්‍රථම “ජංගම රඟ මඬල” ආරම්භ කිරීමත් සමඟ නිර්මාණය කරන ලද්දකි.
නිරිඇල්ල මහතාට 2009 වසරෙහි සැප්තැම්බර් 12 වැනිදාත්, 2011 වසරෙහි නොවැම්බර් 18 වැනිදාත් අතර කාලසීමාව තුළ අතිප්‍රබල ලග්න අෂ්ටම ඒරාෂ්ඨකයක් ගත වී ඇත. ඒ අනුව ඒ මහතා 2010 වසරේදී “චරන්දාස් චෝර්’ සම්මානනීය විශිෂ්ට නිර්මාණය නිෂ්පාදනය කරන විටද 2010 වසරේදීම “ඒෂියා ෆැසිපික් සංස්කෘතික සංවිධානය’ හා එක්ව කටයුතු කරද්දී ඒ මහතාට ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ.
එතුමාට 2017 වසර තුළ ජන්ම ඒරාෂ්ටකයේ පළමු අදියර සහ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ. 2017 වසරේදී ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර නාට්‍ය උලෙළක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමේ මාහැඟි අවස්ථාව ලැබී ඇත්තේ ඒ මහතා ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරද්දී බව ඉතාම හොඳින් තහවුරු වෙයි.
ඔහුගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව, 2023 වසරෙහි ජනවාරි 19 වැනිදාත් 2025 වසරෙහි අපේ‍්‍රල් 1 වැනිදාත් අතර කාලසීමාව තුළද ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වන බව පෙනේ. ඒ අනුව 2024 වසරෙහිදී ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලය මඟින් ලබා දෙන ලද සම්මානිත ආචාර්ය උපාධියෙන් පිදුම් ලබන විටද ආචාර්ය පරාක්‍රම නිරිඇල්ල ලග්න ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබී ඇති බව පෙනේ. මීට අමතර ලෙස මෙම ඉතා තදබල ඒරාෂ්ටක කාලසීමාව තුළ ‘හැඩ වෙන බලු නද’ නම් වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය ද ඉදිරියේ එළි දැක්වීමට නියමිත ප්‍රේක්ෂක ආකර්ෂණය ලබන තවත් කලා කටයුතු කිහිපයකටම යොමුවීමට ද අවස්ථාව ලැබුණ බව කීර්තිමත් කලාකරු ආචාර්ය පරාක්‍රම නිරිඇල්ල පවසයි.